2024 දෙවැනි කාර්තුවේදී කාර්මික නිෂ්පාදනය සියයට 6.6 කින් ඉහළට


උපුල් වික්‍රමසිංහ
2023 වසරේ දෙවැනි කාර්තුව සමග සැසඳීමේදී 2024 වසරේ දෙවැනි කාර්තුවේදී කාර්මික නිෂ්පාදන සියයට 6.6 කින් ඉහළ ගොස් ඇති බව ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව නිකුත් කර ඇති නවතම වාර්තාවක දැක්වේ. 


කාර්මික නිෂ්පාදන දර්ශකය: කාර්තුමය ප්‍රකාශනය නමැති වාර්තාවෙන් මේ තොරතුරු හෙළි වේ. 2023 වසරේ දෙවැනි කාර්තුව සමග සංසන්දනය කිරීමේදී 2024 සමාන්තර කාර්තුවේදී විද්‍යුත් උපකරණ නිෂ්පාදනය සියයට 83.1 කින්ද කඩදාසි නිෂ්පාදනය සියයට 130 කින්ද ඖෂධ හා ඖෂධ ආශ්‍රිත ද්‍රව්‍ය නිෂ්පාදනය සියයට 37.1 කින් ද කැපීපෙනෙන ලෙස ඉහළ ගොස් ඇත. මේ අතර ඛනිජ තෙල් පිරිපහදු නිෂ්පාදනය සියයට 16.1 කින්ද දුම්කොළ නිෂ්පාදනය සියයට 8.2 කින්ද පාන වර්ග නිෂ්පාදනය (Beverages) සියයට 2 කින්ද අඩු වී ඇතැයිද එම වාර්තාව පෙන්වා දෙයි.