ජේ.ආර්.ගේ සමයේ මහර පොල්ගහවෙල මන්ත්‍රී සුනිල් රංජන් පුද්ගලයකු ඔසවා පොළවේ ගැහුවා. මර්වින් සිල්වා සමෘද්ධි නිලධාරියකු ගස් බැන්දැයි චෝදනා එල්ල වුණා. |
යන යන තැන කා සමඟ හෝ ගැටුමක් ඇති කර ගන්නා අපූරු මන්ත්‍රීවරයකු මෙවර පාර්ලිමේන්තුවට පත්ව සිටී. ඒ යාපනය දිස්ත්‍රික්කයෙන් තේරී පත්වූ අර්ජුනා රාමනාදන් මන්ත්‍රීවරයාය. හෝටලයක ඇතිවූ සිද්ධියක දී අර්ජුනා මන්ත්‍රීවරයාගෙන් පහර කෑ පුද්ගලයකු යාපනය රෝහලට ඇතුළත් කර තිබිණි. මන්ත්‍රීවරයා පහර දී තිබුණේ පිඟානකිනි. ඒ පුද්ගලයා තමාට පහර දුන් බව කියමින් අර්ජුනා මන්ත්‍රීවරයා ද රෝහලට ඇතුළත් විය. පාර්ලිමේන්තු සභාවාරය ආරම්භ වූ දවසේම විපක්ෂ නායකවරයාට වෙන් කළ බව පැවසූ පුටුවේ වාඩිවී ගැටුමක් ඇති කරගත් අර්ජුනා මන්ත්‍රීවරයා ඊළඟට පැටලුනේ රථ වාහන රාජකාරීයේ නිරත පොලිස් නිලධාරීන් සමඟය. මෙම සිද්ධියට අදාළව මන්ත්‍රීවරයා අත්අඩංගුවට පත්විය. කොළඹ විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨයෙන් උපාධිය ලබාගත් අර්ජුනා රාමනාදන් වෛද්‍යවරයකු ලෙස රජයේ සේවයට එක් වූ පසු උතුරේ රෝහල්වල දී නිරතුරුව ආන්දෝලනාත්මක සිදුවීම්වලට සම්බන්ධ වී ඇත.
මන්ත්‍රීවරයා ලෙස එවැනි ආන්දෝලනාත්මක සිදුවීම් වලට මේ දිනවල ලක්ව සිටින්නේ අර්ජුනා පමණක් වුවත් ගෙවීගිය දශක ගණනාව තුළ පාර්ලිමේන්තු මන්ත්‍රීවරු ගණනාවක්ම මෙවැනිම පහර දීම් හා ආන්දෝලනාත්මක සිදුවීම්වලට මේ රටේ නොමැකෙන නමක් තබා සිටිති. ඒ අතින් බැලූ විට ඔවුන් හැඳින්විය හැක්කේ අර්ජුනාගේ අයියලා ලෙසය.
හයෙන් පහක අතිවිශාල ජනවරමකින් ආණ්ඩු බලය ලබාගත් ජේ.ආර්. ජයවර්ධන ජනාධිපතිවරයා සතුව වර්තමාන අර්චුනා මන්ත්‍රීවරයාගේ වර්ගයේ ‘‘අපූරු ආයුධ’’ හත අටක්ම තිබිණි. පොල්ගහවෙල මන්ත්‍රී සුනිල් රංජන් ජයකොඩි, කඩුවෙල මන්ත්‍රී පෝල් පෙරේරා, මහර මන්ත්‍රී කමල වර්ණ ජයකොඩි, හිරියාල මන්ත්‍රී එස්. බී. හේරත්, කැකිරාවේ ජී. ඩී. මහින්දසෝම සහ ජේ. ආර්.ට ඉතාම සමීප කර්මාන්ත ඇමැති සිරිල් මැතිව් එම අපූරු ආයුධ අතරින් කිහිපයකි. එල්ලවන අභියෝගයේ ස්වරූපය අනුව ජේ. ආර්. මේ ආයුධ අතරින් එකක් හෝ කිහිපයක් යොදා පහර දුන්නේය.
පදිංචි කරමින් සිටි කණ්ඩායමකට එරෙහිව මහැවැලි ඇමැති ගාමිණි දිසානායකගේත් දිඹුලාගල සීලාලංකාර මහානාහිමියන්ගේත් සැලසුමක් වූ මාදුරුඔය සිංහල ජනපදිකයන් පදිංචි කරවීමේ සිද්ධිය ජේ. ආර්. ජයවර්ධන රජයට ජාත්‍යන්තරයෙන් එල්ල වූ මහත් පීඩනයක් බවට පත්විය.
මෙම ජනාවාස ඇති කිරීම ජේ.ආර්. ජයවර්ධන ජනාධිපතිවරයා දැන සිටියේ නැත. ඉන්දියාව ඇතුළු ජාත්‍යන්තර පීඩනයෙන් කිපුණු ජේ.ආර්. ජනාවාස ඇතිකළ නිලධාරීන් සිරභාරයට ගෙන ඒම ජනපදිකයන් පලවා හැරීම කඩුවෙල පෝල් පෙරේරාට භාර දුන්නේය. එම සිද්ධිය ගැන මාලිංග හර්මන් ගුණරත්න ලියූ ඒකීය රාජ්‍යයක් සඳහා නමැති කෘතියේ මෙසේ සඳහන් වෙයි.
කඩුවෙල මන්ත්‍රී පෝල් පෙරේරා සිරිකොතේ චණ්ඩියෙක් මෙම ‘‘ආයුධවලින්’’ එල්ල කළ ප්‍රහාර කොතරම් සාර්ථක ද යත් නවීන මල්ටිබැරල් ප්‍රහාරක අවියකින් වන හානියට වඩා හානියක් ජේ. ආර්. ගේ ආණ්ඩුවේ විරුද්ධවාදීන්ට ද ඉන්පසුව පෙරළා ජේ. ආර්.ට සිද්ධ වුණේය.
කඩුවෙල පෝල් පෙරේරා එම ආයුධවලින් එක් බලගතු ආයුධයක් විය. මන්ත්‍රී අර්ජුනා වෛද්‍යවරයකු වනවා සේම පෝල් පෙරේරා නීතිඥයකු විය. ඒ උගත්කම ගෞරවනීයව භුක්ති විඳිනවා වෙනුවට පෝල් පෙරේරාගේ ක්‍රමය වූයේ සතුරු පාර්ශ්ව බිමටම සමතලා කර දැමීමය. පෝල් පෙරේරාගේ කුප්‍රකට මෙහෙයුමක් වන්නේ මාදුරු ඔයේ සිංහල ජනපදිකයන්ව එළවා එළවා පහර දුන් සිද්ධියයි. මාදුරුඔය හිස් ඉඩම්වල දෙමළ ජනතාව අනවසරයෙන් විය. බැරෑරූම් රාජකාරී ඉටු කිරීම ඔහුට කජු කනවා වගේය. නොසන්සුන් ජනාධිපතිවරයකු විසින් පෙරයම් කාලයේ දී අවදි කරවනු ලැබූ පෝල් පෙරේරා පොළොන්නරුවේ දිස්ත්‍රික් ඇමැති ධුරයට පත් කරවනු ලැබූ බව දන්වන ලදී. ඔහුගේ මූලික කර්තව්‍ය විය යුත්තේ මාදුරු ඔය ජනපදිවාසිකයන් විසුරුවා හැරීම බව ඔහුට දන්වන ලදී. මේ කාර්යය සඳහාම මාදුරු ඔයට පිටත් වීමට කටානේ ස්වේච්ඡා හමුදා භටයකු වූ කර්නල් බෙනඩික්ට් සිල්වාත් ජනාධිපතිවරයා විසින් පත් කරන ලදී. මේ ස්වේච්ඡා භටයා කොළඹත් මාදුරුඔයත් අතර ගමන් බිමන් ගියේ හෙලිකොප්ටර් යානාවකිනි. පෝල් පෙරේරාට හෙලිකොප්ටරය රිසි සේ භාවිත කිරීමට අවස්ථාව උදා විය. අලුත්ම ගෝලයා වූ කඩුවෙල මන්ත්‍රී පෝල් පෙරේරා ජනාධිපතිවරයාට ශිල්ප දැක්වීමට ඉටා ගත්තේය.
පෝල් පෙරේරාත් බෙනඩික්ට් සිල්වාත් ජනාවාස කඩා බිඳ දැමූහ. ඔවුන් විසින් ජනාවාස විසුරුවා හැරියේ අතිශය කුරිරු ආකාරයටය. ඔවුන්ගේ කෲරකම්වලට සාක්ෂි දරන කොරුන් අබ්බගාතයෝත් පදවියේ නිකවැව තවමත් සිටිති. මේ අහිංසක සිංහල ගොවීන් තුවක්කු බයිනෙත්තුවේ ආධාරයෙන් පලවා හරින ලදී. මාදුරු ඔය ජනාවාසය ඇති කිරීමට දායක වූ හර්මන් ගුණරත්න එසේ කියයි.
ජේ. ආර්. ජයවර්ධන ජනාධිපතිවරයා වරක් පෝල් පෙරේරා හැඳින්වූයේ ශාන්ත පෝල් වශයෙන් ජේ. ආර්. එසේ කීවේ මහර අතුරුමැතිවරණය මෙහෙයවීමට පෝල් පෙරේරා සම්බන්ධ කරගනිමිනි. මහර අතුරු මැතිවරණයද විපක්ෂය නිවෙස්වලට සීමා කළ ඡන්ද කොල්ලයක් විය.
ජේ. ආර්. ජයවර්ධන ජනාධිපතිවරයා මහර අතුරු මැතිවරණය මෙහෙයවීම පෝල් පෙරේරා ඇමැතිවරයාට භාරදුන් පසු ඔහු ජේ. ආර්. ගේ වුවමනාව තිතටම ඉටු කළේය. විපක්ෂ අපේක්ෂක විජය කුමාරතුංගට ජන්ද ප්රචාරයේ යාමටවත් ඉඩ නොලැබුණි. විජයගේ ආධාරකරුවකු ඝාතනය කෙරිණි. ඡන්ද ගණන් කරන අවස්ථාවේ කිහිප වතාවක්ම විදුලිය ඇන හිටියේය. මේ සියල්ල සිදුවුණේ විජය ජය ගෙන තිබූ නිසා බව ප්‍රකට විය. විදුලිය ඇනහිටීම් කිහිපයකින් පසු ගණන් කිරීම සාර්ථක කර ගනිමින් ඡන්ද ප්‍රකාශ කිරීමේ දී නොව ඡන්දය ගණන් කිරීමේ දී විජය පරාජය කරන්නට පෝල් පෙරේරාගේ මෙහෙයවීමෙන් කළ මැතිවරණ මෙහෙයුමට පුළුවන් කම ලැබිණි. විජය පරදවා ජයගත් මන්ත්‍රීවරයා වූයේ කමලවර්ණ ජයකොඩි ය.
පවුලේ ඥාතීන්ගේ ප්‍රශ්න විසඳීමේදී ද පෝල් පෙරේරා ඇමැතිවරයා පාවිච්චි කළේ තමන්ගේ දෑතේ බලය මිස නීතිය නොවේ. එවකට පෝල් පෙරේරා මහතා පොළොන්නරුව දිසා ඇමැතිවරයාද විය. ඇමැතිවරයාගේ දියණියක සමඟ රහසින් විවාහ වූ බව කියන කොළඹ එලිබෑන්ක් පාරේ වෛද්‍යවරයකුගේ පුත්‍රයා සොයා එම නිවසට ගිය ඇමැතිවරයා වෛද්‍යවරයා ඇතුළු නිවැසියන්ට පහරදුන් බවට 1984 මාර්තු 8 වැනිදා ඇත්ත පුවත්පතේ පළවිය. මේ සම්බන්ධයෙන් පොලිසිය නිහඬ පිළිවෙතක් ආරක්ෂා කරන බවද ඉන් කියැවිණි. වෛද්‍යවරයා පැමිණිලි කර තිබුණේ මැර පිරිසක් සමඟ තම නිවසට කඩා වැදුණු ඇමැතිවරයා තමන්ට හා නිවැසියන්ට පහර දුන් බවය.
මෙම සිද්ධියට ජනාධිපති ජේ. ආර්.ජයවර්ධන මහතාට ද මැදිහත් වන්නට සිදුවිය. එකල ‘‘දිවයින’’ පුවත්පතේ ඒ සම්බන්ධව මෙලෙස පල විය. ‘‘පොලොන්නරුව දිසා ඇමැති නෙවිල් පෙරේරා මහතා මැරයන් පිරිසක් සමඟ තම නිවසට කඩාවැදී පෙරේරා මහතාගේ දුව සමඟ පැන ගියේ යැයි කියන තම පුතා ඉදිරිපත් කරන ලෙස බලකරමින් තමන්ට තර්ජනය කළ බවට කොළඹ ප්‍රසිද්ධ වෛද්යවරයක වන පී. බී. ඇන්. ජයසේකර මහතා විසින් කරන ලද පැමිණිල්ල පිළිබඳ අපක්ෂපාත පරීක්ෂණයක් වහාම පවත්වන ලෙස ජනාධිපති ජේ. ආර්. ජයවර්ධන මහතා ඊයේ නියෝග කළේය.
විපක්ෂයට දේශපාලන කරන්නට ඉඩ නොදී භීෂණයෙන් සටන ජයගෙන පාර්ලිමේන්තු ගිය කමලවර්ණ ජයකොඩි ද තම සේවය නිර්ලෝභීව පක්ෂය වෙනුවෙන් වැය කළේය. වර්තමානයේ අර්ජුනා මන්ත්‍රීවරයාට සමාන කටයුතුවල යෙදුණේය.
කමලවර්ණ ජයකොඩි ද ජේ. ආර්. ජයවර්ධන ජනාධිපතිවරයාගේ අතිජාත ගෝලයකු විය. කමලවර්ණ ජයකොඩි ද පොලිස් ස්ථාන කිහිපයකටම කඩාපැන යකා නැටුවේය. බුද්ධ පුත්‍රයකුට සිවුරු ගලවා පහර දුන්නේය. තමාට වඳින්න ද කීවේය. ඒ සිද්ධියද ඇත්ත පත්‍රය මෙසේ වාර්තා කළේය.
- ඩෝප් මරගාතේ - මන්ත්‍රී බුදුවෙලා
මම තමයි බුදුන් මට දණගහලා වැඳපිය, කියා මන්ත්‍රීතුමා මට තර්ජනය කළා. යැයි නැදගමුවේ සිරිධම්ම නමැති හිමිනමක ගම්පහ පොලිස් අධිකාරීවරයාට කර ඇති පැමිණිල්ලක සඳහන් වේ. මධ්‍යම රාත්‍රියේ විහාරයට කඩා වැදුණු ගම්පහ දිස්ත්‍රික්කයේ නවක මන්ත්‍රීවරයෙක් එම පන්සලේ ආවාසයෙන් වැඩ උන් තරුණ භික්ෂූන් වහන්සේ නමක් ඔහුගේ නිවසකට ගෙන ගොස් සිවුරු ගලවා පහර දුන්නේ යැයි කියන සිද්ධියක් ගැන උන්වහන්සේ ගම්පහ පොලිස් අධිකාරී පී. උඩුගම්පොල හමුවේ කර ඇති ප්‍රකාශයේ එසේ සඳහන් වේ. එම විහාරයට මහ රෑ බීමතින් පැමිණි මන්ත්‍රීවරයා නායක හිමියන් සොයා ඇතැයි ද උන්වහන්සේ නොමැති බව කීවිට කාමරයක වැඩ සිටි තරුණ භික්ෂූන් වහන්සේට බැණ පහර දී තම ජීප් රථයෙන් තමාගේ වලව්වට ගෙන ගොස් සිවුරු ගලවා පහරදුන් බව පැමිණිල්ලේ සඳහන් විය.
මෙම සිද්ධිය එකල පුවත්පත් ගණනාවකම පළ වූයේ ජේ. ආර්. ගේ ආණ්ඩුව අසීරුතාවට පත් කරමිනි. පුවත්පත්වල මෙසේද පළවිය. ජීප් රථයේ තුන් හතර වරක් හප්පා මා බිමට දැම්මා. මාව බේරගන්න කවුරුවත් නැද්දෝයි මා කෑ ගැසුවා. එවිට වලව්ව තුළ සිටි කාන්තාවක් හා ගැහැනු ළමයකු එළියට ආවා. ඒ කාන්තාව අනේ මේ අසරණ හාමුදුරුවන්ට ගහන්නේ ඇයි අතහරින්න කීවා. අනේ හාමු මේ අසරණ හාමුදුරුවන්ට ගහන්න එපා යැයි ඒ ගෑනු ළමයත් කීවා.
මෙහෙවර කියා මට කතා කළ මන්ත්‍රීවරයා මම තමයි බුදුන් දණ ගහල මට වැඳපිය කියා තර්ජනය කළා යැයි ද හිමිනමගේ ප්‍රකාශයේ සඳහන් විය.
ඊළඟ චරිතය වූයේ පොල්ගහවෙල මන්ත්‍රී සුනිල් රංජන් ජයකොඩි මහතාය. සුනිල් රන්ජන්ට ඔහුගේම වූ නීති පද්ධතියක් තිබිණි. පොලිසිය ද පාසල් ද රජයේ කාර්යාලද ඔහුට කීකරු විය යුතුය.
ප්‍රදේශයේ සියලුම පාසල්වල විදුහල්පතිවරුන් ඔහු එවන නම් ලැයිස්තුව අනුව ළමයින් පාසලට ඇතුළත් කරගත යුතුය. තමා එවන ලිපිය ළමයින් භාර නොගන්නා විදුහල්පතිවරුන්ට අතින් පයින් පහරදීමට සුනිල් රන්ජන් පැකිලුණේ නැත. සුනිල් රන්ජන්ගේ නියෝගයක් නිසි ලෙස ඉටු නොකළ එවකට පොල්ගහවෙල පොලිසියේ ස්ථානාධිපතිවරයකු දෑතින් ඔසවා බිමට අතහැරි සිද්ධියක් 1981 දී පමණ ප්‍රදේශය පුරා පතළ විය. එම නිලධාරියා අනතුරුව මාරුවීමක් ලබා කුරුණෑගලට වෙනත් පොලිස් වසමකට මාරුවී ගිය අතර 1989 භීෂණ සමයේ ගඩාපි නමින් ප්‍රදේශය පුරා පතළ වූයේ එම නිලධාරියාය. පොලිස් නිලධාරියා ඔසවා පොළොවේ ගැසූ ‘‘ගරු මන්ත්‍රී’’ සුනිල් රංජන් ඉන්පසු අවස්ථාවක පොල්ගහවෙල සමුපකාරයේ හිටපු සාමාන්‍යාධිකාරිවරයාද ඔසවා පොළොවේ ගැසීය. මේ සිද්ධිය ගැන 1981 ජූලි 20 වැනිදා ඇත්ත පුවත්පතේ මෙසේ සඳහන් වේ.
- පොල්ගහවෙල මන්ත්‍රී ජයකොඩි මිනිසකු අල්ලා පොළොවේ ගහලා
පොල්ගහවල මන්ත්‍රී සුනිල් රංජන් ජයකොඩි මහතා ඉකුත් 17 වැනිදා මහ දවල් දෙනෝදාහක් ඉදිරිපිටදී පොල්ගහවෙල සමුපකාරයේ හිටපු සාමාන්‍යාධිකාරිවරයාගේ හිසට කිසියම් ආයුධයකින් පහරදී බිම වැටුණු පසු අතින් පයින්ද පහරදී පසුව ඔහු ඔසොවා පොළොවේ ගසා ඇත. පහරදීම සිදුවී ඇත්තේ පොල්ගහවෙල විවිධ සේවා සමුපකාරය ඉදිරිපිටදීය. පහරකෑමට ලක්වූ සාමාන්‍යාධිකාරිවරයා පසුගිය මහ මැතිවරණයේදී පොල්ගහවෙල එජාප මන්ත්‍රී සුනිල් රංජන් ජයකෙඩි මහතාගේ ජයග්‍රහණය පතා පෙරමුණු ගෙන වැඩ කළ එජාපයේ ප්‍රබල ආධාරකරුවෙකි.
ඒ මහතාට මන්ත්‍රීවරයා විසින් මෙසේ පහරදීමට හේතුව කොන්ත්‍රාත්කරුවකු විසින් ගෙවන ලද මන්ත්‍රී පංගුව පිළිබඳ ගනුදෙනු ඇතුළත් ලියැවිලි ළඟ තිබීම යැයි ප්‍රදේශයේ රාවයක් පවතී, ඒ මහතාට මරණ තර්ජන ඇතුළත් ලිපියක් පොල්ගහවෙල මන්ත්‍රී ලිපි ශිර්ෂයකින් යුතුව මීට ටික දිනකට පෙර ලැබී ඇතැයිද වාර්තාවේ. පහර කෑ සාමාන්‍යාධිකාරිවරයා කොළඹ මහාරෝග්‍යශාලාවේ 9 වැනි වාට්ටුවේ විශේෂ වීදුරු ඒකකයේ තබා ඇත.’’ පුවත්පතේ එම සිද්ධිය එසේ වාර්තා කර තිබිණ. මන්ත්‍රීවරයාගේ බලය කෙතරම් වීද යත් පොල්ගහවෙල පොලිසිය පරීක්ෂණ කළේ ඉබිගමනිනි.
සිද්ධිය ඇසින් දුටු විශාල පිරිසක් සිටිමුත් කිසිවකුත් කට උත්තර දීමට ඉදිරිපත් වූයේ නැත. ඔහුගේ බිරිඳ පොලිස්පතිවරයාට හා ජනාධිපතිවරයාට කළ පැමිණිල්ලක් මත පොලිස් පරීක්ෂණ ආරම්භ විය.
එම සිද්ධියට පෙර මහව දුම්රිය ස්ථානයේ සේවකයන්ට මන්ත්‍රීවරයා කළ පහරදීමක් හේතුවෙන් සේවක වැඩ වර්ජනයක්ද ඇතිවිය. වේයන්ගොඩ පොලිසියට කඩා වැදුණු සුනිල් රංජන් ජයකොඩි මන්ත්‍රීවරයා එහි සිර මැදිරියේ සිටි සැකකරුවකු බලෙන් එළියට ගෙන පහරදීමේ සිද්ධියක් ගැනද පොලිස්පතිගේ පරීක්ෂණ සිදුවිය.
1994 බිහිවූ චන්ද්‍රිකා කුමාරතුංග ආණ්ඩුවේ සිටි අර්ජුනා මන්ත්‍රීවරයාට නැදෑකම් කිව හැකි මන්ත්‍රීවරයකු වූයේ ආණමඬුවේ මන්ත්‍රී ද. මු. දසනායකය. දමු ගිය ගිය තැන පහරදීක් සිදු නොවුවේ නම් ඒ කලාතුරකිනි. දමු එසේ වීමට හේතුවක්ද තිබිණි. 1989 භිෂණ සමයේ ශ්‍රීලනිප සාමාජිකයකු වූ ද. මු. එජාපයේ මර්දන හස්තයට හසුවී මියගිය බව සිතා අතැර දමා ගොස් තිබිණි. රුධිර ගංගාවක ගිලී සිට දිවි ගලවාගත් ද. මු. කාලයාගේ ඇවෑමෙන් ආණමඬුවේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා බවට පත්ව තමාගේ පළිය ලෝබ නැතිව විපක්ෂයෙන් ලබා ගත්තේය. එකල නිරතුරුවම ආනමඬුවෙන් මැර ප්‍රහාරයක් වාර්තා විය. ආණ්ඩුව විවේචනය කළ ඇතැමකුගේ කට දැලිපිහියෙන් කපා දමා තිබිණි.
ද.මු.ගේ ආධාරකරුවන් එජාප ක්රියාකාරිකයකුගේ තට්ටම ප්‍රදේශය දැළි පිහියෙන් කෙසෙල් බඩක් සේ පතුරු ගසා තිබිණි. විපක්ෂය පාරට බසින සෑම විටම දුවනතුරු පහර වැදුණි. එකල ආණමඬුව සැලකුණේ මුදා නොගත් භූමි ප්‍රදේශයක් වශයෙනි. වයඹ පළාත් සභාව සඳහා චන්දිකා කුමාරතුංග රජය සමයේ පැවැත්වූ මැතිවරණයේදී ආණමඩුව ‘‘ගාසා තීරයක්’’ බවට පත්විය. ද. මු. නියම කරන දවසට ආනමඬුවේ විරුද්ධ පාක්ෂිකයන්ගේ කඩ සාප්පු වසා දැමිය යුතු විය.
චන්ද්‍රිකාගේ දෙවැනි ධුර කාලය පවත්වා ගෙන යන්නට ද. මූ. දසනායක වැන්නන්ගෙන් මහත් පිටුබලයක් ලැබිණි. 2001 දී එජාප රජය බලයට පත්වූ පසු ද. මු. දසනායකගේ පින් ආපසු කැරකුණේය. ඔහු මාස ගණනකට සිරගත කෙරුණි.
සිරෙන් එළියට ආ පසු පාර්ලිමේන්තුවේදී අපට ඔහු හමුවිය. මලානික මුහුණින් අප ඇමතූ ඔහු සරම මඳක් ඔසවා මෙසේ කීවේය. ‘‘මේ බලන්න... හොරි.... මං මෙච්චර පක්ෂයට කරලා පක්ෂයේ ලොක්කො කවුරුවත් මාව බලන්න හිරේට නාව එක....’’ ද.මු. කීවේය.
කැලණිය ආසනය සෑම විටම මන්ත්‍රී අර්ජුනාගේ පරපුරටම උරුම වූ ආසනයක් මෙන් විය. අතීතයේදී ජේ. ආර්. - ආර්. ජී. සේනානායකට උරුම වූ කැලණිය පසු කාලයේ ජේ. ආර්. රජයේ මහ බලවතකු වූ සිරිල් මැතිව් නිසා නිරතුරුවම නම කියැවෙන ආසනයක් බවට පත්විය. ප්‍රකට බෞද්ධයකු වූ සිරිල් මැතිව් දේශපාලනයේදී හැසිරුණේ බෞද්ධ සාහිත්‍යයේ එන නාළාගිරි හස්තියා මෙනි. එකල විපක්ෂයට එරෙහිව පහරදීම්වලට යැවුණේ සිරිල් මැතිව්ගේ මිනිසුන්ය.
ආකාරය සහ කැමරාශිල්පීන් විශාල පිරිසක්ද ඒ අසල සිටිනු ප්‍රචාරය විය. මෙම සිද්ධිය වූයේ රජයේ කාර්යාලයක් වන ප්‍රාදේශීය ලේකම් කාර්යාල භූමියේය. මේ සම්බන්ධයෙන් සමාජයේ දැඩි කතාබහක් ඇතිවූ අතර සමෘද්ධි නිලධාරීහු ඇමැතිවරයාට එරෙහිව උද්ඝෝෂණයක්ද පැවැත්වූහ. එහෙත් මෙහි විශේෂත්වය වන්නේ අදාළ සමෘද්ධි නිලධාරියා තමාගේ අතපසුවීම නිසා දඬුවමක් ලෙස තමා විසින්ම ගහක බැඳගත් බවට ප්‍රකාශ කිරීමය. මර්වින්ට එරෙහිව ආ විරෝධය නිසා මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා මර්වින්ගේ නියෝජ්‍ය ඇමැති ධුරයද ඉවත් කළේය. එහෙත් ඒ ටික කාලයකටය. මාස කිහිපයක් ගෙවෙද්දී ඔහුට යළි ඇමැති ධුරයද ලැබිණි.
මර්වින්ගේ කැලෑ නීතිය ක්‍රියාත්මක වූ තවත් එක් සිද්ධියක් වන්නේ කිරිබත්ගොඩ ප්‍රදේශයේ මාර්ග පුළුල් කිරීමේ සිද්ධියකදී බැකෝ යන්ත්‍ර යොදවා තාප්ප සහ නිවාස කඩා ඉවත් කිරීමය. මාර්ග පුළුල් කිරීමේ කටයුත්ත මාර්ග සංවර්ධන අධිකාරියේ සහ අදාළ ප්‍රාදේශීය සභාවේ රාජකාරියකි. එහෙත් මෙහිදී සිදුවූයේ මර්වින් සිල්වා නියෝජ්‍ය ඇමැතිවරයාගේ ආධාරකරුවන් විශාල පිරිසක් එක්වරම මාර්ග අසල ඇති නිවාස සහ තාප්ප බැකෝ යන්ත්‍ර යොදවා ඉවත් කිරීමය. පිළිගත් නීතිමය රාමුව මෙහිදී ක්‍රියාත්මක වූයේ නැත. “පාරෙ යන්ඩ බෑ. පාර අයිනෙ තාප්ප ගහගෙන....” මෙම සිද්ධිය ගැන එකල මර්වින් සිල්වා නියෝජ්‍ය ඇමැතිවරයා එසේ කියා සිටියේය. ඔහුට ඇති බිය නිසා එකල කිසිවකුත් ඒ මොහොතේ ඔහුට විරුද්ධ වූයේ නැත.
මර්වින් කැලණියේ හරක් මස්කඩ බලහත්කාරයෙන් වසා දැම්මේය. ප්‍රවෘත්තියක් සම්බන්ධයෙන් ප්‍රශ්න කිරීමට ජාතික රූපවාහිනියට කඩා වැදුණු මර්වින් එහි සේවකයන්ගෙන් පහරකෑමට ලක්විය. එදා එසේ සවුත්තු වුවද සිද්ධියෙන් මාස ගණනාවකට පසු ඔහු පහරදුන් සේවකයන් ගණනාවකටම බස්රථවලදී විවිධ අඩන්තේට්ටම් සිදුවිය. මුන්නේෂ්වරම් දේවාලයේ එළුවන් බිලි දුන් පූජාවකට කඩා වැදී එම බිලි පූජාව නැවැත්වූ සිද්ධියක්ද මර්වින්ට සීමාවූ ඔහුගේ නීතිය යටතට ලියැවී තිබේ.
රටේ නීතිය වෙනුවට බාහු බලයෙන් ප්‍රශ්න විසඳූ මහජන මන්ත්‍රීවරුන්ගේ ලැයිස්තුව මෙයට වඩා බොහෝ දිගුය. අනුරාධපුරයේ ජී. ඩී. මහින්දසෝම සහ ඒ. එම්. එස්. අධිකාරි, කටානේ විජයපාල මෙන්ඩිස්, ගාමිණී ලොකුගේ, වත්තල ජෝන් අමරතුංග, මාතර එච්. ආර්. පියසිරි, රත්නපුරයේ ජී.වී. පුංචිනිලමේ එජාප රජයේ නම් දැරූ දේශපාලකයන් විය. ඉන්පසුව බිහිවූ චන්ද්‍රිකා රජයේ අනුරාධපුරයේ බර්ටි ප්‍රේමලාල් දිසානායක, නුවරඑළියේ එස්. බී. දිසානායක, නුවරඑළියේ එස්.බී. දිසානායක සහ සොහොයුරන්, රත්නපුරයේ චොකා මල්ලී හා සුසන්ත පුංචි නිලමේ, හම්බන්තොට රාජපක්ෂලා නිතරම තමාගේ නීතියෙන් ප්‍රශ්න විසඳූ ප්‍රකට දේශපාලන චරිත වෙති. ඒ අතින් බලද්දී අර්ජුනා මේ සියලු දෙනාගේම බාල සොහොයුරකු බව කීමේ වැරැද්දක් නැත.
ප්‍රේමකීර්ති රණතුංග