ශ්‍රී ලංකා ප්රජාතන්ත්රවාදී සමාජවාදී ජනරජයේ පාර්ලිමේන්තුවේ කථානායකවරයා ශ්‍රී ලංකාවේ පාර්ලිමේන්තුවෙහි මුලසුන හොබවන පුද්ගලයා වේ. බ්‍රිතාන්‍ය වෙස්ට්මින්ස්ටර් පාර්ලිමේන්තු ක්‍රමය මත පදනම් වූ සභාවේ ක්‍රියාකාරීත්වය සම්බන්ධයෙන් කථානායකවරයා වැදගත් කාර්යයන් ගණනාවක් ඉටු කරයි. කථානායකවරයා ශ්‍රී ලංකාවේ ජනාධිපති අනුප්‍රාප්තික පෙළේ අග්‍රාමාත්‍යවරයාට පසුව දෙවැනියා වේ. ශ්‍රී ලංකාවේ තුන්වැනි පුරවැසියා ලෙස සැලකෙන්නේ, කතානායකවරයා ය. ඒ අනුව, ජනාධිපති සහ අග්‍රාමාත්‍යවරයාට පසුව වැඩිම පිළිගැනීමක් ඇති පුරවැසියා වන්නේ, කතානායකවරයා ය.
1931 දී ඩොනමෝර් ආණ්ඩුක්‍රම ප්‍රතිසංස්කරණය යටතේ ලංකා රාජ්‍ය මන්ත්‍රණ සභාව පිහිටුවන ලද අතර, එහි දී ව්‍යවස්ථාදායක මණ්ඩලය සඳහා කථානායකවරයෙකුගේ තනතුර නිර්මාණය කරන ලදී. 1947 දී සෝල්බරි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව රාජ්‍ය මන්ත්‍රණ සභාව වෙනුවට ඉහළ මන්ත්‍රී මණ්ඩලයක් හෙවත් සෙනෙට් සභාවක් සහ නියෝජිත මන්ත්‍රී මණ්ඩලයක් සහිත ද්වි මණ්ඩල පාර්ලිමේන්තුවක් වෙස්ට්මින්ස්ටර් ආකෘතියට අනුව පිහිටුවා ගනු ලැබිණි.
කථානායකවරයා සභාවේ විවාදවල මුලසුන හොබවන අතර, කතා කළ හැක්කේ කුමන මන්ත්‍රීවරුන්ටද යන්න තීරණය කරයි. විවාදවලදී පිළිවෙළක් පවත්වාගෙන යාමේ වගකීම කථානායකවරයා සතුවන අතර, සභා නීති කඩකරන මන්ත්‍රීවරුන්ට දඬුවම් කළ හැකිය. කථානායකවරයා දැඩි ලෙස නිර්පාක්ෂිකව සිටින අතර, ඔහුගේ ධූරකාලය සඳහා ධූරයේ වැඩ භාරගන්නා විට ඔහුගේ හෝ ඇයගේ හිටපු දේශපාලන පක්ෂය සමග ඇති සියලු සම්බන්ධකම් අත්හරියි. කථානායකවරයා විවාදයට හෝ ඡන්දයකට සහභාගි වන්නේ නැත. සභාවේ මුලසුන දැරීමට අදාළ රාජකාරිවලට අමතරව, කථානායකවරයා පරිපාලන හා ක්‍රියා පටිපාටිමය කාර්යයන් ද ඉටු කරන අතර, මැතිවරණ කොට්ඨාස පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස (පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස) රැඳී සිටියි. කථානායකවරයා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ සභාපතිවරයා වනු ඇත. කථානායකවරයාට ජනාධිපතිවරයාගේ ඉල්ලා අස්වීම පිළිගත හැකිය. අග්රවිනිශ්චයකාරවරයා කථානායකවරයා සමග සාකච්ඡා කර ජනාධිපතිවරයාට බලතල, යුතුකම් සහ කාර්යයන් ක්‍රියාත්මක කිරීමට, ඉටු කිරීමට සහ ඉටු කිරීමට තාවකාලිකව නොහැකි බව තීරණය කළ හැකි අතර, අගමැතිවරයා වැඩබලන ජනාධිපතිවරයා ලෙස පත් කළ හැකිය.
ප්‍රථම රාජ්‍ය මන්ත්‍රණ සභාව
- ගරු ඒ. එෆ්. මොලමුරේ මහතා
(දැදිගම) 1931 - 1935
1931 ජූලි 07 - 1934 දෙසැම්බර් 10
- ගරු එෆ්. ඒ. ඔබේසේකර මහතා
(අවිස්සාවේල්ල) 1934 දෙසැම්බර් 11 - 1935 දෙසැම්බර් 07
දෙවැනි රාජ්‍ය මන්ත්‍රණ සභාව
- ගරු ශ්‍රීමත් වෛත්‍යලිංගම් දුරේසාමි මහතා
(කයිට්ස්) 1936 - 1947
1936 මාර්තු 17 - 1947 ජූලි 04
ප්‍රථම පාර්ලිමේන්තුව
(නියෝජිත මන්ත්‍රී මණ්ඩලය)
- ගරු ශ්‍රීමත් ෆ්‍රැන්සිස් මොලමුරේ මහතා
(බලංගොඩ - පළමුවැනි) 1947 - 1952
1947 ඔක්තෝබර් 14 - 1951 ජනවාරි 25
- ගරු ශ්‍රීමත් ඇල්බට් එෆ්. පීරිස් මහතා
(නාත්තන්ඩිය) 1951 පෙබරවාරි 13 - 1952 අප්‍රේල් 08
දෙවැනි පාර්ලිමේන්තුව
(නියෝජිත මන්ත්‍රී මණ්ඩලය)
- ගරු ශ්‍රීමත් ඇල්බට් එෆ්. පීරිස් මහතා
(නාත්තන්ඩිය) 1952 - 1956
1952 ජුනි 09 - 1956 පෙබරවාරි 18
තෙවැනි පාර්ලිමේන්තුව
(නියෝජිත මන්ත්‍රී මණ්ඩලය)
- ගරු එච්. එස්. ඉස්මයිල් මහතා
(පුත්තලම) 1956 - 1959
1956 අප්‍රේල් 19 - 1959 දෙසැම්බර් 05
සිව්වැනි පාර්ලිමේන්තුව
(නියෝජිත මන්ත්‍රී මණ්ඩලය)
(කටුගම්පල) මාර්තු - අප්‍රේල් 1960
1960 මාර්තු 30 - 1960 අප්‍රේල් 23
පස්වැනි පාර්ලිමේන්තුව
(නියෝජිත මන්ත්‍රී මණ්ඩලය)
- ගරු ආර්. එස්. පැල්පොල මහතා
(නාවලපිටිය) 1960 - 1964
1960 අගෝස්තු 05 - 1964 ජනවාරි 24
(වෙන්නප්පුව) 1964 ජනවාරි 24 - 1964 දෙසැම්බර් 17
හයවැනි පාර්ලිමේන්තුව
(නියෝජිත මන්ත්‍රී මණ්ඩලය)
- ගරු ශ්‍රීමත් ඇල්බට් එෆ්. පීරිස් මහතා
(නාත්තන්ඩිය) 1965 - 1970
1965 අප්‍රේල් 05 - 1967 සැප්තැම්බර් 21
(හලාවත) 1967 සැප්තැම්බර් 27 - 1970 මාර්තු 25
සත්වැනි පාර්ලිමේන්තුව
(නියෝජිත මන්ත්‍රී මණ්ඩලය)
- ගරු ස්ටැන්ලි තිලකරත්න මහතා
(කෝට්ටේ) 1970 - 1972
1970 ජුනි 07 - 1972 මැයි 22
ප්‍රථම ජාතික රාජ්‍ය සභාව
- ගරු ස්ටැන්ලි තිලකරත්න මහතා
(කෝට්ටේ) 1972 - 1977
1972 මැයි 22 - 1977 මැයි 18
දෙවැනි ජාතික රාජ්‍ය සභාව
- ගරු ආචාර්ය ආනන්ද තිස්ස ද අල්විස් මහතා
(කෝට්ටේ) 1977 - 1978
1977 අගෝස්තු 04 - 1978 සැප්තැම්බර් 07
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ
ප්‍රථම පාර්ලිමේන්තුව
- ගරු ආචාර්ය ආනන්ද තිස්ස ද අල්විස් මහතා
(කෝට්ටේ) 1978 - 1988
1978 සැප්තැම්බර් 07 - 1978 සැප්තැම්බර් 13
- ගරු එම්. ඒ. බාකීර් මාකර් මහතා
(බේරුවල - පළමු වැනි) 1978 සැප්තැම්බර් 21 - 1983 අගෝස්තු 30
- ගරු ඊ. එල්. සේනානායක මහතා
(මහනුවර) 1983 සැප්තැම්බර් 06 - 1988 දෙසැම්බර් 20
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ
දෙවැනි පාර්ලිමේන්තුව
- ගරු එම්. එච්. මොහොමඩ් මහතා
(කොළඹ) 1989 - 1994
1989 මාර්තු 09 - 1994 ජුනි 24
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ
තෙවැනි පාර්ලිමේන්තුව
- ගරු කේ. බී. රත්නායක මහතා
(ජාතික ලැයිස්තුව) 1994 - 2000
1994 අගෝස්තු 25 - 2000 අගෝස්තු 18
2000 සැප්තැම්බර් 14 - 2000 ඔක්තෝබර් 10
ශ්‍රී ලංකා ප්රජාතන්ත්රවාදී සමාජවාදී ජනරජයේ
සිව්වැනි පාර්ලිමේන්තුව
(ගම්පහ) 2000 - 2001
2000 ඔක්තෝබර් 18 - 2001 ඔක්තෝබර් 10
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ
පස්වැනි පාර්ලිමේන්තුව
- ගරු ජෝශප් මයිකල් පෙරේරා මහතා
(ගම්පහ) 2001 - 2004
2001 දෙසැම්බර් 19 - 2004 පෙබරවාරි 07
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ
හයවැනි පාර්ලිමේන්තුව
- ගරු වි. ජ. මු. ලොකුබණ්ඩාර මහතා
(බදුල්ල) 2004 - 2010
2004 අප්‍රේල් 22 - 2010 පෙබරවාරි 09
2010 මාර්තු 09 - 2010 අප්‍රේල් 20
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ
හත්වැනි පාර්ලිමේන්තුව
(හම්බන්තොට) 2010 - 2015
2010 අප්‍රේල් 22 - 2015 ජුනි 26
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ
අටවැනි පාර්ලිමේන්තුව
(ජාතික ලැයිස්තුව) 2015 - 2020
2015 සැප්තැම්බර් 01 - 2020 මාර්තු 02
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ
නවවැනි පාර්ලිමේන්තුව
- ගරු මහින්ද යාපා අබේවර්ධන මහතා
(මාතර) 2020 - 2024
2020 අගෝස්තු 20 - 2024 සැප්තැම්බර් 24
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ
දසවැනි පාර්ලිමේන්තුව
- ගරු (ආචාර්ය) අසෝක සපුමල් රන්වල මහතා (ගම්පහ) 2024 - මේ දක්වා
2024 නොවැම්බර් 21
ශ්‍රී ලංකා දේශපාලන ඉතිහාසයේ පළමු කථානායකවරයා වන්නේ, ෆ්‍රැන්සිස් මොලමුරේ ය. ඔහු 1931 වසරේ සිට 1935 වසර දක්වා පැවති ප්‍රථම රාජ්‍ය මන්ත්‍රණ සභාවේ කථානායක ධූරයට පත්වූයේ, 1931 වසරේ ජූලි 07 වන දා ය. ෆ්‍රැන්සිස් මොලමුරේ ලංකාවේ ව්‍යවස්ථාදායක සභාවේ කථානායක ධූරයට පත් පළමු පුද්ගලයා විය.
ඔහු ගල්කිස්ස ශාන්ත තෝමස් විද්‍යාලයෙන් අධ්‍යාපනය ලැබූ අතර, පාසල් කාලයේ ඉගෙනුමට මෙන්ම ක්‍රිකට් ක්‍රීඩාවට ද දක්ෂයෙකු විය. උසස් අධ්‍යාපනය ලබා නීතිඥ වෘත්තිය තෝරාගත් ෆ්‍රැන්සිස් මොලමුරේ, ශ්‍රී ලංකාවේ දේශපාලනයට ප්‍රවිෂ්ට වූයේ, ලංකා ජාතික සංගමයේ සාමාජිකයෙකු ලෙස ය. 1931 වසරේදී දැදිගම ආසනයෙන් රාජ්‍ය මන්ත්‍රණ සභාවට තේරී පත් විය. ඔහු කථානායක ධූරයට පත්වූයේ, එම කාලයේදී ය.
1934 දෙසැම්බර් 10 වන දා ඔහු කථානායක ධූරයෙන් ඉල්ලා අස් විය. 1947 වසරේ පැවති ශ්‍රී ලංකාවේ පළමු පාර්ලිමේන්තු මැතිවරණයට ෆ්‍රැන්සිස් මොලමුරේ තරග කළේ, බළන්ගොඩ ආසනයෙනි.
එහිදී ඔහු නැවතත් මැතිසබයට තේරී පත්වූ අතර, 1947 වසරේදී පිහිටවූ පාර්ලිමේන්තුවේ කථානායක ධූරයට ද පත්විය. 1947 ඔක්තෝබර් 14 වන දා සිට 1951 ජනවාරි 25 දක්වා එම ධූරය දැරී ය. 1951 ජනවාරි 24 වන දා පාර්ලිමේන්තුව රැස්වූ අවස්ථාවේ ඔහු කථානායක අසුන මත ම සිහිසුන් වී ඇද වැටුණු අතර, රෝහල්ගත කිරීමෙන් පසු, පසුදා - එනම් ජනවාරි 25 වන දා අභාවප්‍රාප්ත විය.
1931 ජූලි 07 වන දා ෆ්‍රැන්සිස් මොලමුරේ කථානායක ලෙස තේරී පත්වන විට, ඔබේසේකර නියෝජ්‍ය කථානායක ලෙස පත් කර තිබිණි. ෆ්‍රැන්සිස් මොලමුරේ 1934 දෙසැම්බර් 10 වන දා කථානායක ධූරයෙන් ඉල්ලා අස්වීමෙන් පසුව - එෆ්. ඒ. ඔබේසේකර දෙසැම්බර් 11 වන දා කථානායක ධූරයට පත්විය. ඔහු අවිස්සාවේල්ල ආසනය නියෝජනය කරමින් රාජ්‍ය මන්ත්‍රණ සභාවට තේරී පත්වූයේ, ස්වාධීන අපේක්ෂකයෙකු ලෙස ය. ඔහු 1935 දෙසැම්බර් 07 දක්වා කථානායක ධූරය හෙබවීය.
1936 සිට 1947 දක්වා ක්‍රියාත්මක වූ දෙවන රාජ්‍ය මන්ත්‍රණ සභාවේ කථානායක ධූරය දරුවේ, වෛද්‍යලිංගම් දුරේසාමි ය. ඔහු 1936 මාර්තු 17 වන දා සිට 1947 ජූලි 04 දක්වා කථානායක ධූරය දැරී ය.
- ඇල්බර්ට් එෆ්. පීරිස්
1951 ජනවාරි 25 වන දා මොලමුරේගේ හදිසි අභාවයෙන් පසු 1951 පෙබරවාරි 13 වන දා සිට 1952 අප්‍රේල් 08 දක්වා ඇල්බර්ට් එෆ්. පීරිස් කථානායක ධූරය දැරුවේ ය.
ශ්‍රී ලංකාවේ දෙවන පාර්ලිමේන්තුවේ (නියෝජිත මන්ත්‍රී මණ්ඩලය) කථානායකවරයා ලෙස පත්වූයේ ද, නාත්තන්ඩිය ආසනය නියෝජනය කළ ඇල්බර්ට් එෆ්. පීරිස් ය. ඔහු 1952 ජූනි 09 වන දා සිට 1956 පෙබරවාරි 18 දක්වා ඔහු එම ධූරය දැරුවේ ය.
- එච්. එස්. ඉස්මයිල්
ශ්‍රී ලංකාවේ තුන්වන පාර්ලිමේන්තුවේ (නියෝජිත මන්ත්‍රී මණ්ඩලය) කථානායක ධූරයට පත්වූයේ, පුත්තලම ආසනය නියෝජනය කළ එච්.එස්. ඉස්මයිල් ය. ඔහු 1956 අප්‍රේල් 19 වන දා සිට 1959 දෙසැම්බර් 05 වන දා දක්වා කථානායක ධූරයේ රැඳී සිටියේ ය.
- ටී. බී. සුබසිංහ
ශ්‍රී ලංකාවේ සිව් වන පාර්ලිමේන්තුවේ (නියෝජිත මන්ත්‍රී මණ්ඩලය) කථානායක ධූරය කටුගම්පොළ ආසනයෙන් තරග කොට ජයගත් ටී. බී. සුබසිංහට හිමි විය. එහි විශේෂත්වය වූයේ, සුළුතර ආණ්ඩුවේ නාමිකයා වූ ඇල්බර්ට් එෆ්. පීරිස් පරාජයකර විපක්ෂයේ බහුතර ඡන්දයෙන් ඔහු කථානායක ධූරයට තේරීපත් වීම ය. ඊට අමතරව, සිව්වන පාර්ලිමේන්තුව දින 24කට සීමා වූ හෙයින්, ටී.බී. සුබසිංහගේ කථානායක ධූරය ද දින 24කට සීමා විය. ඒ අනුව, ඔහු කථානායක ධූරය දැරුවේ, 1960 මාර්තු 30 වන දා සිට අප්‍රේල් 23 වන දා දක්වා පමණි.
- ස්ටැන්ලි තිලකරත්න
ස්ටැන්ලි තිලකරත්න කථානායක ධූරයට පළමු වරට පත්වූයේ, හත් වන නියෝජිත මන්ත්‍රී මණ්ඩල පාර්ලිමේන්තුවේ ය. 1970 ජූනි 07 සිට 1972 මැයි 22 දක්වා ඔහු කථානායක ධූරයේ රැඳී සිටියේ ය. 1972 වසරේදී ආරම්භ වූ ප්‍රථම ජාතික රාජ්‍ය සභාවෙහි කථානායක ධූරයට ද පත් කෙරුණේ, ස්ටැන්ලි තිලකරත්න යි. ඔහු, 1972 මැයි 22 සිට 1977 මැයි 18 දක්වා එම ධූරයෙහි කටයුතු කළේ ය.
- ආචාර්ය ආනන්ද තිස්ස ද අල්විස්
ශ්‍රී ලංකාවේ කථානායකවරුන්ගේ ඉතිහාසයේ ආචාර්ය ආනන්ද තිස්ස ද අල්විස් සුවිශේෂී වේ. ඒ, ඔහු ජාතික රාජ්‍ය සභාවේ අවසන් කථානායකවරයා මෙන්ම, ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ පළමු පාර්ලිමේන්තුවේ පළමු කථානායකවරයා ද වූ හෙයිනි. ඔහු 1977 අගෝස්තු 04 වන දා සිට 1978 සැප්තැම්බර් 13 වන දා දක්වා දෙවන ජාතික රාජ්‍ය සභාවේ ද, 1978 සැප්තැම්බර් 07 වන දා සිට 1978 සැප්තැම්බර් 13 වන දා දක්වා ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ පළමු පාර්ලිමේන්තුවේ ද කථානායක ධූරයේ කටයුතු කළේ ය. ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ පළමු පාර්ලිමේන්තුවේ කථානායක ධූරය දැරීමට ඔහුට හැකි වූයේ, දින 6ක කාලයක් පමණි. ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ පළමු පාර්ලිමේන්තුවේ දින 6කින් පසු ආචාර්ය ආනන්ද තිස්ස ද අල්විස් කථානායක ධූරයෙන් ඉල්ලා අස්විය.
1989 මාර්තු 09 වන දා සිට 1994 ජූනි 24 වන දා දක්වා ශ්‍රී ලංකාවේ දෙවන පාර්ලිමේන්තුවේ කථානායක ධූරය එම්.එච්. මොහොමඩ් විසින් දරනු ලැබීය.
- කේ. බී. රත්නායක
1994 සිට 2000 දක්වා ක්‍රියාත්මක වූ තුන්වන පාර්ලිමේන්තුවට ජාතික ලැයිස්තු මන්ත්‍රීවරයෙකු ලෙස තේරී පත්වූ කේ. බී. රත්නායක, 1994 අගෝස්තු 25 සිට 2000 අගෝස්තු 18 දක්වාත්, 2000 සැප්තැම්බර් 14 සිට 2000 ඔක්තෝබර් 10 දක්වාත් කථානායක ධූරය දැරුවේ ය.
ශ්‍රී ලංකා කථානායකවරුන්ගේ ඉතිහාසයේ අනුර බණ්ඩාරනායකට හිමි වන්නේ, සුවිශේෂී ස්ථානයකි. සිව්වන පාර්ලිමේන්තුවේ ඔහු කථානායක ධූරයට පත්වූයේ, 2000 ඔක්තෝබර් 18 වන දා ය. 1993 වසරේ ඔක්තෝබර් මාසයේදී සිය මවගේ නායකත්වයෙන් යුත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අතහැර එක්සත් ජාතික පක්ෂයට එක්වූ අතර, එම පක්ෂයෙන් තරග කර පාර්ලිමේන්තුවට තේරී පත් විය. ඔහු ඒකච්ඡන්දයෙන් කථානායක ධූරයට පත්වූයේ, විපක්ෂයේ මන්ත්‍රීවරයෙකු ලෙස ය. ඔහුගේ කථානායක ධූරය 2001 ඔක්තෝබර් 10 වන දා අවසන් විය.
- ජෝසෆ් මයිකල් පෙරේරා
ශ්‍රී ලංකාවේ පස්වන පාර්ලිමේන්තුව වසර තුනකට සීමා විය. ජනාධිපති චන්ද්‍රිකා බණ්ඩාරනායක යටතේ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහගේ ආණ්ඩු බලය යටතේ ක්‍රියාත්මක වූ එම පාර්ලිමේන්තුවේ කථානායකවරයා වූයේ, ජෝසෆ් මයිකල් පෙරේරා ය. 2001 දෙසැම්බර් 19 වන දා කථානායක ධූරයට පත්වූ ඔහු, 2004 පෙබරවාරි 07 දක්වා එම ධූරයෙහි කටයුතු කළේ ය.
2004 වසරේ පැවති මහමැතිවරණයෙන් එක්සත් ජනතා නිදහස් සන්ධානය ජය හිමි කරගත් අතර, එම පක්ෂය පිහිටවූ හයවන පාර්ලිමේන්තුවේ කථානායක ධූරය එක්සත් ජාතික පක්ෂයේ කථානායක අපේක්ෂකයාට හිමිවීම විශේෂත්වයකි.
එහිදී, එක්සත් ජනතා නිදහස් සන්ධානය නම් කළ ඩීව් ගුණසේකරට වඩා එක් ඡන්දයක් වැඩියෙන් ලබා ගත් එක්සත් ජාතික පක්ෂයේ අපේක්ෂක වි.ජ.මු. ලොකුබණ්ඩාර කථානායක ධූරයට පත් විය. ඡන්ද විමසීමේදී ඩීව් ගුණසේකරට ඡන්ද 109ක් සහ වි.ජ.මු. ලොකුබණ්ඩාරට ඡන්ද 110ක් ලැබී තිබිණි. ඔහු 2004 අප්‍රේල් 22 සිට 2010 පෙබරවාරි 09 දක්වාත්, 2010 මාර්තු 09 සිට 2010 අප්‍රේල් 20 දක්වාත් කථානායක ධූරයේ සේවය කළේ ය.
2010 වසරේ පැවති මහමැතිවරණයෙන් එක්සත් ජනතා නිදහස් සන්ධානය ජය ගැනීමෙන් පසු කථානායක ධූරයට පත්වූයේ, එවකට ජනාධිපති මහින්ද රාජපක්ෂගේ සහෝදරයෙකු වන චමල් රාජපක්ෂ ය.
ඔහු කථානායක ධූරය දැරූ හත්වන පාර්ලිමේන්තුව 2010 අප්‍රේල් 22 සිට 2015 ජූනි 26 දක්වා පැවතිණි. ඔහු හම්බන්තොට දිස්ත්‍රික්කය නියෝජනය කරමින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස 1989 වසරේදී පාර්ලිමේන්තුවට තේරී පත්විය. 1989 සිට සෑම මැතිවරණයකදීම තම අසුන ආරක්ෂා කරගනිමින් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස අඛණ්ඩව කටයුතු කර ඇත.
2015 වසරේ සිට 2020 වසර දක්වා පැවති අටවන පාර්ලිමේන්තුවේ කථානායක ධූරය, කරු ජයසූරියට හිමි විය. 1997 කොළඹ මහ නගර සභාවේ පුරපති වශයෙන් තේරී පත්වූ ඔහු, 2001 වසරේදී පළමු වරට පාර්ලිමේන්තුවට තේරීපත් විය. ඔහු 2015 සැප්තැම්බර් 01 සිට 2020 මාර්තු 02 දක්වා කථානායක ධූරයේ කටයුතු කළේ ය.
2019 වසරේ එවකට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන විසින් රනිල් වික්‍රමසිංහ අගමැති ධූරයෙන් ඉවත් කර මහින්ද රාජපක්ෂ පත් කළ අවස්ථාවේ, කථානායකවරයා ලෙස කටයුතු කළේ, කරු ජයසූරිය යි. එම කාලයේ පැවති පාර්ලිමේන්තු සැසිවලදී ඔහුට එක්සත් ජනතා නිදහස් සන්ධාන මන්ත්‍රීවරුන්ගේ විවිධ පීඩාවන්ට ලක්වීමට ද සිදුවිය. පාර්ලිමේන්තුව තුළ ඇති වූ නොසන්සුන් තත්ත්වයන් අතරතුර ඔහුගේ ආසනයට ජලය වත්කිරීමේ සිද්ධියක් ද වාර්තා විය.
ශ්‍රී ලංකාවේ නවවන පාර්ලිමේන්තුවේ අවසන් වරට කථානායක ධූරය හෙබවූයේ, මහින්ද යාපා අබේවර්ධන ය. 2020 අගෝස්තු 20 වැනිදා කථානායක ධූරයට පත්වූ ඔහු අවසන් වරට පාර්ලිමේන්තුව විසුරුවන ලද 2024 සැප්තැම්බර් 24 දක්වා එම ධූරය දැරීය.
1983 වර්ෂයේදී ඔහුගේ ජාතික තලයේ ප්‍රථම දේශපාලන ආගමනය සනිටුහන් වූයේ, එක්සත් ජාතික පක්ෂයෙන් හක්මණ ආසනයේ අතුරු මැතිවරණය ජයගැනීමත් සමග ය. 1987 දී පාර්ලිමේන්තුවෙන් ඉල්ලා අස්වූ මහින්ද යාපා අබේවර්ධන, එක්සත් ජාතික පක්ෂයෙන් බිඳී ඇරඹුණු නව පක්ෂයක් වූ ප්රජාතන්ත්රවාදී එක්සත් ජාතික පෙරමුණට බැඳිණි.
යළිත් 2001 මහමැතිවරණයෙන් පාර්ලිමේන්තුවට පැමිණි ඔහු, 2020 වසර දක්වා වරින් වර අමාත්‍ය ධූර දැරීය. ඔහු කථානායක ධූරය දැරූ සමයේ විපක්ෂ දේශපාලන පක්ෂවල පමණක් නොව, දේශපාලන විචාරකයින්ගේ ද විවේචනයට ලක්වූයේ - ආණ්ඩු පක්ෂය හෙබවූ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට පක්ෂපාතී ලෙස ක්‍රියා කළ බවට ය. ඒ අනුව, කථානායක මහින්ද යාපා අබේවර්ධනට එරෙහිව විශ්වාසභංග යෝජනාවක් ද පාර්ලිමේන්තුවට ඉදිරිපත් විය.
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ප්රමුඛ විපක්ෂය නියෝජනය කළ මන්ත්‍රීවරුන් 45 දෙනෙකුගේ අත්සනින් ඔහුට එරෙහිව ඉදිරිපත් වූ විශ්වාසභංග යෝජනාව පිළිබඳ විවාදය 2024 මාර්තු 19, 20 සහ 21 යන දිනවලදී පැවැත්විණි. එම යෝජනාව වැඩි ඡන්ද 42කින් පරාජය විය. දැඩි දෝෂදර්ශනයකට ලක්වූ 20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත සම්මත වූයේ ද, ඔහු කථානායක ධූරය දැරූ කාලසීමාව තුළදී ය.
ශ්‍රී ලංකාවේ පළමු වරට පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ජනාධිපති ධූරයට පත් කිරීම සඳහා පාර්ලිමේන්තුව තුළ ඡන්ද විමසීමක් පැවැත්වූයේ ද, මහින්ද යාපා අබේවර්ධන කථානායක ධූරය දරද්දී ය. ජනතා විරෝධය හමුවේ ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති ධූරයෙන් ඉල්ලා අස්වීමෙන් පසු, රනිල් වික්‍රමසිංහ ජනාධිපති ධූරයට පත්කිරීම සඳහා ඡන්ද විමසීම පැවැත්වූයේ, 2022 ජූලි මස 20 වන දා ය.
අශෝක රන්වල පාර්ලිමේන්තුවට නවකයෙකු වීම විශේෂිතය.
ජාතික ජන බලවේගයේ විධායක සභිකයකු වන රන්වල, ගම්පහ දිස්ත්‍රික්කයෙන් මනාප ලැයිස්තුවේ හයවන ස්ථානය දිනා පාර්ලිමේන්තුවට පැමිණියේය. ඔහු හිටපු බස්නාහිර පළාත් සභා මන්ත්‍රීවරයෙකි.
වෘත්තීමය වශයෙන්, රන්වල ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සහ සපුගස්කන්ද තෙල් පිරිපහදුවේ තනතුරු දරා ඇත. ඔහු ඛනිජ තෙල් පොදු සේවක සංගමයේ සභාපති ලෙසද කටයුතු කර ඇත. දේශපාලනික වශයෙන්, රන්වල බියගම පළාත් පාලන ආයතනයේ සහ බස්නාහිර පළාත් සභාවේ සාමාජිකයෙකු ලෙස කටයුතු කර ඇත.
ශෂිකා අබේරත්න