ලාංකීය කලා ක්ෂේත්රයේ ගායන අංශයෙන් රටක් වසඟයට පත් කළ පුංචි ගායන තරුවක් මෙවර සඳැල්ල කතාබහකට එක් කරගත්තා.
සඳැල්ල කවරයද හැඩ කරමින් අප හා එක් වූ අැය නමින් ප්‍රනිර්ෂා ත්‍යාගරාජා
- ප්‍රනිර්ෂා කොහොමද ජීවිතේ?
ජිවිතේ ගොඩක් වෙනස්වෙලා. මොකද අපි දැන් බණ්ඩාරවෙල ඉඳලා කොළඹට ඇවිල්ලා ඉන්නෙ. කොළඹ තමයි පදිංචිය. ඒකත් ජීවිතේ ලොකුම වෙනසක්. මොකද අපේ අලුත් පදිංචිය එක්ක පාසල පවා වෙනස් වුණානෙ. ඉතින් දැන් අලුත් පාසලට ඇවිල්ලා අවුරුදු 2ක් වගේ වෙනවා. ඒවත් එක්ක ඉතින් මම මෙවර සාමාන්‍ය පෙළ විභාගයටත් මුහුණ දෙනවා. ඒ නිසා මේ ටිකේ වැඩි අවධානයක් ලබාදීලා තියෙන්නෙ අධ්‍යාපන කටයුතුවලට තමයි.
- ඒ කියන්නේ කලා කටයුතුවලට සමුදීලාද?
සමුදීලා නැහැ. ඉඩ ලැබෙන විදියට ඒ වැඩත් කරගෙන යනවා. නමුත් මේ දවස්වල අමතර පන්ති එහෙම වැඩිපුර තියෙන නිසා ප්‍රසංගවලට සම්බන්ධ වෙන්නෙ නැහැ. TV වැඩසටහන්වලට විතරක් වගේ තමයි ඉඩක් ලැබුණොත් සම්බන්ධ වෙන්නෙ. පසුගිය කාලෙ නම් ප්‍රසංගවලට සම්බන්ධ වුණා. ඉදිරියට විභාග කටයුතු අවසන් වුණාම ඒවට සම්බන්ධ වෙන්න බලාපොරොත්තු වෙනවා. විභාගයට තව මාස 4ක් නේ තියෙන්නෙ.
- දැන් විභාගයට සියල්ල සුදානම්ද?
එහෙම කියලා නැහැ. සාමාන්‍ය විදියට පාඩම් කරගෙන යනවා. පාසලේ අධ්‍යාපන කටයුතු කරනවා. විභාගයට මුහුණදිලාම බලන්න ඕනෑ ඉතින්.
- වැඩිපුරම කැමති සහ දක්ෂ විෂයක් තියෙනවද?
දක්ෂම විෂයක් කියලා නැහැ. නමුත් මම ගොඩක්ම කැමතියි ජීව විද්‍යාවට, ඒ අංශයෙන් වැඩිදුර ඉගෙන ගන්න කැමැත්තක් තියෙනවා. නමුත් තවම ලොකු සැලසුමක් නැහැ. ඉදිරියේදී ඒ ගැන හිතලා බලන්න ඕනෑ.
- ප්‍රනිර්ෂා ජනතාව අතරට එන්නෙ Voice Teen හරහා නෙ. ඉතින් ඒ ගමන් මඟ ගැන කතා කළොත්? එදා ඒ ලැබුණු ආදරය ප්‍රතිචාර තවමත් එහෙමද?
ඒ ගැන කතා කරන්න තියෙන්නෙ ඇත්තටම එදාටත් වඩා අද ලොකු ප්‍රතිචාරයක්, ආදරයක් ලැබෙනවා. මම Voice Teen ජයග්‍රහණය කරලා දැන් අවුරුදු 2ක් වෙනවා. ඉතින් වයස් භේදයක්. ආගම් ජාති බේදයක් නැතිව මට ආදරය කරන පිරිසක් ඉන්නවා. පාර තොටේ යද්දී වුණත් එහෙමයි. ඉතින් ඒ ගැන හරිම සතුටුයි.
- ප්‍රනිර්ෂා දමිළ වුණත් දැන් සිංහල ගීත නේද වැඩිපුර ගයන්නෙ?
ඔව්. ෙකාහොමත් මම ප්‍රසංගයකට ගියත් ගොඩක් දෙනෙක් මගෙන් ඉල්ලන්නෙ සිංහල ගීත. ඇත්තටම මුලදි මට සිංහල ගීත ගයන්න හැකියාව තිබුණෙ නැහැ. Voice Teen ගියාට පසුව තමයි මගේ කෝච් මට ඒ පුහුණුව ලබාදුන්නෙ. ඒ සම්බන්ධව මම අභිෂේකා විමලවීර මගේ කෝච්ට ස්තුතිවන්ත වෙන්න ඕන. මට මුලින් සිංහල භාෂාව අපහසුයි.
උච්චාරණය කරන්න බැහැ. කෝච් තමයි මාව උනන්දු කළේ. දැන් නම් මම සිංහල භාෂාවක් විදියට ඉගෙන ගන්නවා.
- දැන් සිංහල කතා කරද්දි කට්ටිය මොකද කියන්නෙ?
ඇත්තටම මම හරි ඉක්මණින් සිංහල භාෂාව ඉගෙන ගත්තා. මාගේ යාළුවොත් ගොඩක් ඉන්නවා. සිංහල. ඉතින් මම ඒ අයත් එක්ක සිංහල කතා කරන නිසා දැන් ගෙදරත් සිංහල, දෙමළ භාෂා දෙකෙන්ම කතා කරනවා. ඒක දැන් ඉතින් සාමාන්‍යයි.
- ප්‍රනිර්ෂා බෞද්ධ ගීත පවා දැන් ගායනා කරනවා නේද?
ඔව්. ගොඩක් දෙනෙක්ගෙන් ඒ සම්බන්ධව ප්‍රතිචාර තියෙනවා. ඒ බොහෝ දෙනෙක් කියන්නෙ මම සිංහල උච්චාරණය කරන විදිය හරි වෙනස් කියලා. ඉතින් ඒ ගායනයන්ට හොඳ ප්‍රතිචාර තියෙනවා. වගේම මට ලොකු ඉල්ලුමක් තියෙනවා විවාහ උත්සවවල ජයමංගල ගාථා කියන්න. කියලා. ඒ ඉල්ලීම් සහ ප්‍රතිචාර නිසාම මම මගේ විභාගය අවසන් වුණු ගමන්ම මුලින්ම සිංහල ගීතයක් නිර්මාණය කරන්න තමයි බලාපොරොත්තු වෙන්නෙ.
ධනු විජේරත්න