නවසීලන්තයේදී ලබන සෙනසුරාදා (28 වැනිදා) ආරම්භ වන තරග තුනකින් සමන්විත විස්සයි20 ක්‍රිකට් තරගාවලිය සංචාරක ශ්‍රී ලංකා සහ සත්කාර නවසීලන්ත යන කණ්ඩායම් දෙකටම එකසේ වැදගත් වී තිබේ.
මෙම තරගාවලියෙන් ශ්‍රී ලංකාව ජයලැබුව ද, නවසීලන්තය ජය ලැබුව ද, අන්තර්ජාතික ක්‍රිකට් සභාවේ (අයි.සී.සී) විස්සයි20 රටවල් ශ්‍රේණිගත කිරීමේ ස්ථානයක් ඉහළට ඒමේ අවස්ථාව උදාවේ.
ශ්‍රී ලංකාව අන්තර්ජාතික ක්‍රිකට් සභාවේ (අයි.සී.සී) විස්සයි20 ක්‍රිකට් කණ්ඩායම් ශ්‍රේණිගත කිරීමේ 8 වැනි ස්ථානයේ මේ වන විට පසුවන අතර ශ්‍රී ලංකාව ප්‍රසාද ලකුණු 233 ක් බා සිටියි. පාකිස්තානය ප්‍රසාද ලකුණු 236 ක් ලබා 7 වැනිදා ස්ථානයේ පසුවෙයි.
ශ්‍රී ලංකා කණ්ඩායම මෙම තරගාවලිය ජය ලැබුවහොත් ප්‍රසාද ලකුණු 6 ක් පමණ එකතු විමේ වැඩි ඉඩක් ඇති අතර එසේ වුවහොත් ශ්‍රේණිගත කිරීමේ 7 වැනි ස්ථානය දක්වා උසස්වීම් ලැබීමේ අවස්ථාව හිමිවේ. ශ්‍රී ලංකා කණ්ඩායම තරග දෙකක් ජය ලැබුව ද උසස්වීමේ ලැබීමේ අවස්ථාව තිබේ.
නවසීලන්තය ප්‍රසාද ලකුණු 247 ක් ලබා විස්සයි20 කණ්ඩායම් ශ්‍රේණිගත කිරීමේ 6 වැනි ස්ථානයේ පසුවන අතර දකුණු අප්‍රිකාව ද ප්‍රසාද ලකුණු 247 ක් සමගින් පස්වැනි ස්ථානයේ පසුවෙයි.
ඒ හේතුවෙන් නවසීලන්තයට ද ශ්‍රේණිගත කිරීමේ ඉහළට යෑමට මෙම තරගාවලිය වැදගත්වී තිබේ. මෙම තරගාවලිය සිය රටේදී පැවැත්වීම නිසා උපරිම වාසිය ගැනීමට උත්සහ කරනවාට සැක නැත.
බටහිර ඉන්දීය කොදෙව් ප්‍රසාද ලකුණු 250 ක් ලබා ශ්‍රේණිගත කිරීමේ 5 වැනි ස්ථානයේ සිටින අතර නවසීලන්තය පස්වැනි ස්ථානයට ද ඇස ගසාගෙන සිටිනවාද විය හැකිය.
ශ්‍රී ලංකාව සහ නවසීලන්තය අතර පසුගිය නොවැම්බර් මස ශ්‍රී ලංකාවේදී පැවැති තරග දෙකකින් සමන්විත වූ විස්සයි20
ක්‍රිකට් තරගාවලිය 1-1 ක් ලෙස සමව අවසන් වීම නිසා මෙම තරගාවලිය වඩාත් සුව්ශෛ්ෂී තරගාවලියක් බවට පත්ව තිබේ.
මෙම තරගාවලියට තරග තුනක් ඇතුළත්ව තිබීම නිසා වර්ෂාව හෝ අයහපත් කාලගුණයෙන් බාධා ඇති නොවුණ හොත් හොඳ ප්‍රතිඵලයක් මතුවීමේ අවස්ථාවක් තිබේ. තරගයක් සම තත්වයෙන් අවසන් වීම වැනි විශේෂ යමක් වුවහොත් තරගාවලියේ සමස්ත ප්‍රතිඵලයට බලපෑමක් වියහැකිය.
මෙම තරගාවලියට සහභාගි වන ශ්‍රී ලංකා විස්සයි20 සංචිතය පසුගිය සිකුරාදා දිවයිනෙන් පිටත්ව ගියේය.
චරිත් අසලංක නායකත්වය දරණ ක්‍රීඩකයන් 16 දෙනකුගෙන් යුත් ශ්‍රී ලංකා විස්සයි20 සංචිතයට නිත්‍ය වේග පන්දු යවනන්නන් සිවුදෙනෙක් සහ වේග පන්දු යවන තුන් ඉරියව් ක්‍රීඩකයක් සමගින් වේග පන්දු යවන්නන් පස්දෙනෙක් ඇතුළත්ව සිටීම කැපී පෙණුනි.
එම සංචිතයට ඇතුළත්ව සිටින මතීෂ පතිරණ, නුවන් තුෂාර, අසිත ප්‍රනාන්දු සහ බිනුර ප්‍රනාන්දු වේග පන්දු යවන්න වන අතර තුන් ඉරියව් ක්‍රීඩක චමිඳු වික්‍රමසිංහ ද වේග පන්දු යවන්නෙකි.
නවසීලන්ත කණ්ඩායම නවසීලන්තයේ වේග පන්දු යවන්නන්ගෙන් ආරාධිත කණ්ඩායම් පාලනය කිරීමේ උපායමාර්ගය අනුගමනය කිරීම නිසා ශ්‍රී ලංකාව ද වේග පන්දු යවන්නන් පහක් සමඟ තරගාවලියට පිවිස තිබේ.
වනිඳු හසරංග, මහීෂ් තීක්ෂණ සහ ජෙෆ්රි වැන්ඩසේ එම කණ්ඩායමට දඟ පන්දු යවන්නන් ලෙස ඇතුළත්ව සිටින අතර පිතිකරු තුන් ඉරියව් ක්‍රීඩක කමිඳු මෙන්ඩිස් ද දඟ පන්දුවෙන් විශාල යමක් කළ හැකි ක්‍රීඩකයෙකි.
නායක චරිත් අසලංක, පැතුම් නිස්සංක, කුසල් මෙන්ඩිස්, කුසල් පෙරේරා, අවිෂ්ක ප්‍රනාන්දු, දිනේෂ් චන්දිමාල් සහ භානුක රාජපක්ෂ පිතිකරුවන් ලෙස සංචිතයට ඇතුළත්ව සිටිති. පිතිකරුවෙක් ලෙස කමිඳු මෙන්ඩිස් පිළිබඳව නවසීලන්තය ඇස ගසාගෙන සිටිනවාට සැක නැත.
මෙම තරගාවලියේ තරග මෙම මස 28, 30 සහ ජනවාරි මස 2 වැනිදා පැවැත්වීමට නියමිතය.
සස්මින් ගමගේ