
එමෙන්ම ඇතැමුන් දැකීම පවා සිතේ නොසන්සුන් භාවයක් - ඔවුන් සමීපයෙහි හිඳින විට පීඩාකාරී බවක්, අසහනකාරී බවක්, අපහසුතාවක් දැනේ. ඔවුන් ප්‍රියශීලී නොවන බව ඔබ බොහෝ විට අත් දැක තිබෙනු ඇත. ළඟින් ගියත් පීඩාකාරී මානසිකත්වයක් අන් අයට ලබා දෙන පුද්ගලයන් ගේ ශක්ති ක්ෂේත්‍ර දුර්වලය. අඩු කම්පන සංඛ්‍යාතයන් ගෙන් සමන්විත ය. Aura ව ඍණාත්මක ශක්තීන් ගෙන් සහ අඳුරු, ව්‍යාකූල, ආත්මාර්ථකාමී ආවේගයන් ගෙන් ගහනව පවතී. මෙයට ප්‍රධාන හේතුව වන්නේ ඔවුන් වෙතින් නිකුත් වන ශක්තීන් (Energy) හි සහ කම්පන සංඛ්‍යාතයන් (Vibration) හි ඇති විෂමතාව යි.
එමෙන්ම අව්‍යාජ වූත්, පිවිතුරු වූත්, සුවදායක කිරණ තම ශක්ති ක්ෂේත්රය තුළින් විහිදෙන පුද්ගලයන් ගේ දර්ශනය සහ ඇසුර ඔවුන් අවට සිටින්නන්ට සුවපත් බව ගෙනදේ. ඔවුන් දැකීම පවා මනසට සහනයකි. ඔවුන් සමීපයෙහි රැඳී සිටීමට අනෙක් අය මෙන්ම තිරිසන් සතුන් පවා කැමැත්තක් දක්වයි. මෙවන් අයගේ ශක්ති ක්ෂේත්‍ර බොහෝ විට ඉහළ කම්පන සංඛ්‍යාතයන් (High Frequency) දරයි. එමෙන්ම ඔවුන් ගේ ඕරා ක්ෂේත්‍ර ප්‍රබල බැවින් ආකර්ශන ශක්තියද ඉහළ යනු ඇත.


1. එමෙන්ම මානසික සෞඛ්‍යය පිළිබඳව අවධානය දෙමින් මානසික සමබරතාව සහ ආධ්‍යාත්මික ශක්තිය සමබරව පවත්වා ගැනීම ද අනිවාර්යය. ඒ සඳහා ඇතුළාන්තයෙන්ම පැන නගින ප්‍රීති ප්‍රමෝදය, විවේකී නිරවුල් චිත්තය, ඔබ ව සැබැවින්ම සතුටට පමුණුවන දේ අනුව ක්‍රියාත්මක වීම, කායික, මානසික විවේකය යන කරුණු සමබර ලෙස පාලනය කළ යුතුය.
2. ඔබ ඔබට අවංක වී අන් අය ඔබෙන් අපේක්ෂා කරන දේ නොව, සැබෑවටම ඔබේ ආත්මීය අවශ්‍යතාවය ඉටු කරලීම පිණිස කටයුතු කිරීමෙන් ඔබේ ශක්ති ක්ෂේත්රය බලවත් වේ.
3. ඔබේ අව්‍යාජ වූ සිතුවිලි, හැඟීම්, වචන සහ ක්‍රියා තුළින් ක්‍රියාත්මක කර ඔබේ හද පතුලෙන්ම පැන නගින අරමුණු වෙනුවෙන් කැපවී ආත්ම විශ්වාසයෙන් යුතුව ක්‍රියාත්මක වන්නේ නම් - ඔබත් ප්‍රබල ඕරාවක හිමිකරුවෙකි.

5. එවන් ශක්ති ක්ෂේත්රයක් පවත්වා ගැනීමට නම් - දිනකට පැය 6 ක පමණ සුවදායක නින්දක් අවශ්‍ය වේ.
6. නිසි වේලාවට රසායනික ද්‍රව්‍යයන් ගෙන් තොර ස්වාභාවික නැවුම් ආහාර පාන ගැනීමද වැදගත්ය.
7. සිත කය මත් කරන මත්පැන් හා මත්ද්‍රව්‍යන් ගෙන් වැළකීම, විෂ සහිත මිනිසුන් ආශ්‍රය කිරීමෙන් වැළකීම, විෂ සහිත අදහස් වලින් තොර වීම ද වැදගත්ය.
8. විද්‍යුත් චුම්බක තරංග සහිත උපකරණ භාවිතයෙන් ඔබේ Aura වට හානි පැමිණෙන බැවින් විදුලි උපකරණ, රූපවාහිනී යන්ත්‍ර, පරිගණක, ජංගම දුරකතන වැනි දේ ඔබ නින්දට යන විට ඔබේ සමීපයේ තබා ගැනීමෙන් වැළකී සිටීම යහපත් ය.
9. බොහෝ රෑ වනතුරු අවදිව සිටීම ද ඔබේ ශක්ති ක්ෂේත්රය දුර්වල වීමට බලපෑ හැකි තවත් කරුණකි. වේලාසනින් නින්දට යාම සහ උදෑසන වේලාසනින් අවදි වීමට පුරුදු වීමද ශක්තිමත් ඕරාවක් ලැබීමට අවශ්‍ය තවත් සාධකයකි.
10. දුෂ්ට විෂ සහිත හිංසාකාරී අදහස් දරන අයගේ ඇසුරින් දුරස්ථ වීම ශක්තිමත් ඕරාවක් ලබාගැනීමට අවශ්‍ය තවත් සාධකයකි.

1. ඔබේ ශක්ති ක්ෂේත්රය ප්‍රබල වන විට කායික
මානසික නිරෝගී බව ලැබේ.
2. ප්‍රතිශක්තිය වර්ධනය වේ.
3. සම පැහැපත් වේ.
4. චිත්ත නිරවුල්තාව ලැබේ.
5. අන් අයගේ ආකර්ෂණය පහසුවෙන් ලැබේ.
6. Aura ව ප්‍රබල කෙනෙකු සමාජයෙහි අන් අය
අතර කැපීපෙනේ.
7. ඔබ කරන කියන දෙයෙහි සාර්ථකත්වය
ඉහළ යයි.
8. ඔබේ ඵලදායිතා ව වැඩිවේ.
9. ආත්ම විශ්වාසය ඉහළ යයි.
10. සමාජයේ ගෞරවය පිරිනැමේ.
11. අවබෝධය, යමක් පහසුවෙන් තේරුම් ගැනීමේ හැකියාව ඉහළ යයි. බාහිර සාධකයන් ගෙන් හා බාහිර ප්රතිරෝධයන් ගෙන් සිදුවන බලපෑම් නිසා සිදුවන මානසික කැලඹිලිසහගත බව පහළ යයි. බාහිර සාධකයන් ඉක්මවා ඔබේ ධෛර්යය, උත්සාහය ඉහළ නගී. ඉන් කැලඹීමට හෝ අධෛර්යට පත් නොවී ඔබේ ඉලක්ක කරා ගමන් කිරීමට පහසු වේ.
12. චිත්ත ව්‍යාකූලත්වය අඩු වේ. පැහැදිලි නිරවුල් මානසිකත්වයක් ඇතිවන නිසා නිවැරදි තීරණ ගැනීමේ ශක්‍යතාව ඉහළ යයි. එමෙන්ම ඉහළ කම්පන සංඛ්‍යාතයන්ගෙන් යුතු නිසා අරමුණු සාර්ථක කරගැනීමට පහසු වේ.

ඕරාව දුර්වල අයගේ කම්පන සංඛ්‍යාතයන් ද දුර්වල අගයන්හි පවතින බැවින් ඒ අයට නිතර නිතර ලෙඩ රෝග හට ගනී. ඔවුන්ගේ ප්‍රතිශක්තිය පහළ මට්ටමක පවතී. ඔවුන් සතුටින් සැහැල්ලුවෙන් දිවි ගෙවනු දැකීම දුලබය. කරදර කම්කටොලුවලට ඔවුන් නිතර මුහුණපාන බව පෙනෙන්නට තිබේ.


අවසාන වශයෙන් තවත් එක් කාරණාවක් මෙහිදී සඳහන් නොකර සිටීමට නොහැක. එනම්, මිනිස් ශක්ති පරාසයෙන් සහකම්පන සංඛ්‍යාතයන් ගෙන් බොහෝ වෙනස් වූ පහත් කම්පන සංඛ්‍යාතයන් දරන යක්ෂ, භූත වැනි අමනුෂ්‍ය ශක්තීන් ගෙන් හැකි තරම් දුරුව විසීම ද ඔබේ ශක්ති ක්ෂේත්රය ප්‍රබල කරයි. ප්‍රබල ඕරාවලට හිමිකම් කියන්නන් අන් අයගේ විශේෂ අවධානය දිනා ගන්නා අතර ඔවුන්ගේ මතකයෙහි ද බොහෝ කලක් රැඳී සිටිති.
නදීශා අතුකෝරළ