රනිල් රැලි 150 ක් අමතයි


අංජුල මහික වීරරත්න
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මෙවර ජනපතිවරණ ව්‍යාපාරය වෙනුවෙන් රට පුරා ප්‍රධාන ජන රුලි 150කට ආසන්න ප්‍රමාණයක් ඇමතීමට නියමිතය.
ජනපතිවරයාට සහාය දැක්වීම සඳහා එක්වී සිටින සියලු‍ දේශපාලන පක්ෂවල සංවිධායකත්වයෙන් මෙම ජනරුලි සංවිධාන කරනු ලබයි.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ අනුරාධපුරයේ දී මංගල රැලිය පවත්වමින් ඊයේ (17දා) ජනපතිවරණ සටන ඇරඹීය.
ඉදිරි ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයාට සහාය පළ කරමින් ”‍පුළුවන් ශ්‍රී ලංකා” සම්මුතියට පක්ෂ හා සන්ධාන 34ක්ද ගිවිසුමකට අස්සන් කර ඇත. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය, සමගි ජන බලවේගය ඇතුළු පක්ෂ රැසක නියෝජිතයෝ මෙම ගිවිසුම් අස්සන් කිරීමට සහභාගී වූහ.