- රාජ්‍ය ආයතන සඳහා නව කාර්යාල ඉදිකිරීම වසර දෙකකට අත්හිටුවයි
- රාජ්‍ය ආයතනවලට ආදායම් ඉපැයීමට අවස්ථාව
- පාසල් වෑන් රථ හිමියන්ට සහන සැලසීම සඳහා රුපියල් මිලියන 400ක්
- ත්‍රිරෝද රථ හිමියන්ට සහන සැලසීමට රුපියල් මිලියන 600ක්
- මත්පැන් දුම්වැටි බදු වැඩිවෙයි
(දයාසීලි ලියනගේ)
රාජ්‍ය ආයතන සඳහා නව කාර්යාල ඉදිකිරීම වසර දෙකකට අත්හිටුවන බව මුදල් ඇමැති බැසිල් රාජපක්ෂ මහතා 2022 වසර සඳහා වන අයවැය යෝජනා ඉදිරිපත් කරමින් පැවැසීය.
එහිදී රජයේ සේවකයන් සඳහා වැටුප් වැඩිවීමක් යෝජනා නොකළ අතර රාජ්‍ය අංශයේ වියදම් කිහිපයක් කපාහරින බවද මුදල් ඇමැතිවරයා පැවැසීය.
අයවැය යෝජනාවලියේ අංශ කීපයක් මෙසේය.
• ජනපති සහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට විශ්‍රාම වැටුප් හිමිවීමේ කාලය වසර 10 දක්වා දිගුවෙයි.
• රාජ්‍ය ආයතනවලට රජයෙන් මුදල් ලබාදීම කාර්තුවෙන් කාර්තුවට සිදු කිරීම.
• බහුතරයක් පිරිස ඉතිරි කිරීමේ ක්‍රමවේදයට හුරු කිරීම රාජ්‍ය ව්‍යාපාරවලට ලබාදෙන පුනරාවර්තන වියදම් වෙනුවට ප්‍රාග්ධන ආධාර ලෙස ආදායම් උපයා ගැනීමට ඉඩකඩ සැලසීම
• අමාත්‍යාංශවලින් පාර්ලිමේන්තුවට පරිපූරක ඇස්තමේන්තු ඉදිරිපත් කිරීම වැළැක්වීම.
• ඇමැතිවරුන් හා රාජ්‍ය නිලධාරීන් සඳහා ඉන්ධන දීමනා ප්‍රමාණය මාසිකව ලීටර් 5 කින් අඩු කිරීම. රාජ්‍ය අායතන දුරකථන වියදම සියයට 25කින් අඩු කිරීම, සූර්ය බලශක්තිය ව්‍යාප්ත කරමින් විදුලිය සඳහා සියයට 10 කින් ගෙවීම් අඩු කිරීම
• පාරිභෝගික සේවා හා කෘෂිකර්ම කාර්ය සාධනය හා ඵලදායීතාවය වැඩි කිරීම
• රාජ්‍ය සේවයේ වැටුප් විෂමතා ඉවත් කිරීම
• විශ්‍රාම ගන්වන වයස අවුරුදු 65 දක්වා දීර්ඝ කිරීම, එහිදී තරුණ පිරිසට රැකියා දීම බාධාවක් නොවීමට කාර්ය මණ්ඩලය වැඩි කිරීම
• සමෘද්ධි ව්‍යාපාරය නවීකරණය කිරීම සඳහා ආර්ථික පුනර්ජීවයක් ඇතිවන ආකාරයට ග්‍රාම සංවර්ධන යෝජනා ක්‍රියාත්මක කිරීම.
• සමෘද්ධි බැංකු ප්‍රතිසංවිධානය යටතේ කෘෂිකර්මය කුඩා ව්‍යාපාර ආදී සියලු කටයුතු එකම වහලක් යටදී සිදු කිරීමට අවස්ථාව සැලසීම
• සමුපකාර ශක්තිමත් කිරීම සඳහා ප්‍රතිසංවිධානය කිරීම
• සැමට රක්ෂණය’ ව්‍යාපාරය ප්‍රවර්ධනය කිරීම
• රක්ෂණ ව්‍යාපාරයට මෙතෙක් අවධානය යොමු නොකළ අංශ ඒ සඳහා යොමු කිරීම ජීවිත හා දේපල රක්ෂණය ඒකාබද්ධ කිරීම.
• ත්‍රිකුණාමලය වරාය කර්මාන්ත වරායක් ලෙසත් ගාල්ල වරාය සංචාරක වරායක් ලෙසත් හම්බන්තොට වරාය සේවා වරායක් ලෙසත් සංවර්ධනය කිරීම
• සෑම මන්ත්‍රීවරයකුටම ලබාදෙන විමධ්‍යගත මුදල් රුපියල් මිලියන 5කින් වැඩි කිරීම
• සියලු පාසල්වලට මූල්‍ය හා තාක්ෂණ පහසුකම් ලබාදීම
• ගුවන් විදුලි හා රූපවාහිනී සංඛ්‍යාත පැවරීම වෙන්දේසියකින් සිදු කිරීම.
• ත්‍රිරෝද රථ නියාමන අධිකාරියක් පිහිටුවීම
• විශ්‍රාම වැටුප් නොලබන ජ්‍යෙෂ්ඨ පුරවැසි පිරිස සඳහා විශ්‍රාම වැටුප් ක්‍රමයක් සැකසීම
• ව්‍යාපාර ලියාපදිංචිය සඳහා ගාස්තු අය නොකිරීම
• ඇඟලුම් කර්මාන්තයට අවශ්‍ය අමුද්‍රව්‍ය නිෂ්පාදනයට නිෂ්පාදන කලාප පිහිටුවීම කුඩා හා මධ්‍යම පරිමාණ නිෂ්පාදකයින්ට අවශ්‍ය පහසුකම් සැලසීමට රුපියල් මිලියන 5000ක් ලබාදීම.
• කිරිපිටි ආනයනයට විශාල මුදලක් වැය කරනු ලබන නිසා මෙරට කිරි නිෂ්පාදනය නංවා දියර කිරි පරිභෝජනය වැඩි කිරීම.
• වල් පැළෑටි මර්දනයට හෙක්ටයාර් දෙකකට නොවැඩි උපරිමයකට යටත්ව හෙක්ටයාරයකට රුපියල් 5000 ක ආධාර මුදලක් ලබාදීම
• අධික විෂ රසායනයන්ගෙන් තොරව නාශක ක්‍රමවේදයක් වෙනුවෙන් රුපියල් මිලියන 4000ක් වෙන් කිරීම
• වෙනත් වෘත්තීය සමිතියක සාමාජිකයකුව සිටියදී රජයේ වෘත්තීය සමිතියක සාමාජිකත්වයට ලබාදී තිබූ සීමා ඉවත් කිරීම
• කෘෂි කර්මාන්තයේ අවදානම අවම කරන ජාතික වැඩපිළිවෙළක් සැකසීම. හරිත කෘෂිකර්ම පනතක් ඉදිරිපත් කිරීම
• විදේශ හා දේශීය අපනයනකරුවන්ගේ ආරක්ෂාව තහවුරු කිරීම සඳහා නීති කෙටුම්පතක් සැකසීම
• වගා නොකළ රජයේ හා පෞද්ගලික ඉඩම් තරුණ පිරිස්වලට වගාව සඳහා යොමු කිරීම
• විදේශ රැකියා සඳහා මේ වසරේ 83,000ක් ගොස් ඇති අතර එම සංඛ්‍යාව 130,000ක් දක්වා වැඩි කිරීම
• කර්මාන්ත නගරයෙන් ගමට ගෙනයාම
• බැංකු හා මූල්‍ය සේවා ආයතනවල මූල්‍ය සේවා මත අගය එකතු කිරීමේ බද්ද සියයට 5 සිට 18 දක්වා වැඩි කිරීම. 2022 ජනවාරි 1 වැනිදා සිට මාස 12ක් තුළ සෑම මාසයකදීම එය ලබා ගැනීම. එම මුදල් පාරිභෝගිකයන් මත නොපැවරිය යුතු බවට යෝජනා කර ඇත.
• පර්පෙචුවල් ට්‍රෙෂරීස් ආයතනයේ ගිණුම්වල ඇති රුපියල් බිලියන 8.5ක මුදල භාණ්ඩාගාරයට අයකර ගැනීම.
• රජයේ සේවකයන්ට යතුරු පැදි ලබාදීම.
• සිගරැට්ටුවක මිල රුපියල් 5කින් වැඩි කිරීම.
• සුරාබද්ද වැඩි කිරීම (ගැසට් පත්‍රය)
• මෝටර් රථ අනතුරුවලින් රක්ෂණ ප්‍රතිපූර්ණයක් ලබා ගැනීම.
• රේගුවේ රඳවා ගෙන ඇති වාහන 700ක පමණ ප්‍රමාණයක් නිදහස් කිරීම. මෙම වාහන අවුරුදු 7 ක පමණ කාලයක් රේගුවේ රඳවා ගෙන ඇත.
• වාහන නවීකරණය වෙනස් කිරීම වැඩි දියුණු කිරීමේදී ගාස්තුවක් අය කිරීම.