සුජිත් හේවාජුලිගේ
දස වැනි පාර්ලිමේන්තුවට තේරී පත් වූ නවක මන්ත්රීවරුන් වෙනුවෙන් විශේෂ වැඩමුළුවක් ලබන 25, 26 සහ 27 දිනවල පැවැත්වෙන බව පාර්ලිමේන්තුවේ වැඩබලන මහලේකම් නීතිඥ චමින්ද කුලරත්න පැවසීය.
පාර්ලිමේන්තු ක්රමවේදය, සභාවේ කටයුතු සහ කාරක සභාවන්හි කටයුතු සම්බන්ධයෙන් මෙහිදී නවක මන්ත්රීවරුන් දැනුවත් කෙරෙන බවද ඔහු කීවේය. මේ අතර දස වැනි පාර්ලිමේන්තුවට තේරී පත්වෙන මන්ත්රීවරුන් ලියාපදිංචි කිරීමේ කටයුතු පාර්ලිමේන්තු පරිශ්රයේ දී ලබන 18, 19 සහ 20 දිනවල දී සිදු කෙරේ. එම කටයුතු වෙනුවෙන් නිලධාරී කණ්ඩායම් කිහිපයක් සූදානම් කෙරෙන බවද මහලේකම්වරයා පැවසීය. මේ කටයුතු සංවිධානය කිරීමට පාර්ලිමේන්තු සේවකයන්ගේ නිවාඩු ලබන 18 සිට 22 දක්වා අවලංගු කරනු ලැබ ඇත.