අංජුල මහික වීරරත්න
මෙවර මහ මැතිවරණයේදී එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරමින් පාර්ලිමේන්තුවට තේරී පත්වූයේ නුවරඑළිය දිස්ත්රික්කයට අලියා ලකුණින් තරග කළ ජීවන් තොණ්ඩමාන් පමණි.
ලංකා කම්කරු කොංග්රසයේ මහ ලේකම්වරයා වන ජීවන් තොණ්ඩමාන්, එක්සත් ජාතික පක්ෂයේ සාමාජිකයකු නොවීමද විශේෂත්වයක් වෙයි. ඒ අනුව දස වැනි පාර්ලිමේන්තුවටද එක්සත් ජාතික පාක්ෂික එකදු මන්ත්රීවරයකුවත් ජන වරමින් පත් නොවිණි. ඉකුත් මහ මැතිවරණයේදී එක්සත් ජාතික පක්ෂයට එක් ජාතික ලැයිස්තු මන්ත්රී ධුරයක් පමණක් හිමි විය.
මෙවර මහ මැතිවරණයේදී එක්සත් ජාතික පක්ෂයේ අලියා ලකුණින් නාමයෝජනා බාර දෙන ලද්දේ නුවරඑළිය දිස්ත්රික්කයට පමණකි. සෙසු සියලු දිස්ත්රික්ක සඳහා සන්ධාන ගතව නව ප්රජාතන්ත්රවාදී පෙරමුණේ ගෑස් සිලින්ඩරය ලකුණින් නාමයෝජනා බාරදෙනු ලැබීය. ඒ අනුව නව ප්රජාතන්ත්රවාදී පෙරමුණට මෙවර කළුතර, බදුල්ල සහ මහනුවර දිස්ත්රික්ක සඳහා එක් පාර්ලිමේන්තු අසුන බැගින් හිමිව ඇත.
මෙවර අලියා ලකුණින් තරග කොට දස වැනි පාර්ලිමේන්තුවට තේරී පත්වූ ජීවන් තොණ්ඩමාන්, 2020 වසරේ ශ්රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරමින් තරග කොට මුලින්ම පාර්ලිමේන්තුවට පත්විය.