ඇමැති එස්.එම්. චන්ද්‍රසේන
(නිශාන්ත කුමාර බණ්ඩාර)
ගල්, වැලි සහ පස් ප්‍රවාහනය සඳහා අවසර පත් ලිහිල් කළේ ජනතාවගේ පැත්තෙන් සිදුෙවන අනවශ්‍ය මුදල් නාස්තිය වැළැක්වීම සඳහා වුවත් එය නොදන්නා ඇතැම් පරිසර සංවිධාන තමන්ට විවිධ චෝදනා එල්ල කරන බව වන ජීවි සම්පත් අමාත්‍ය එස්.එම්. චන්ද්‍රසේන මහතා පවසයි.
කිසි විටකත් පරිසරයට හානිවෙන අයුරින් ගල්, වැලි හෝ පස් කපා ඉවත් කිරීමට අවසරයක් දී නොමැති අතර ඉදිරියේදී ඒ සඳහා නව නීති ඇතුළත් විශේෂ පත්‍රිකාවක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බවද ඔහු සඳහන් කළේය.
ගල්, වැලි, පස් ප්‍රවාහනය කිරීමේදී නිෂ්පාදකයන් හෝ පාරිභෝගිකයන් නොව අතර මැදි විශාල පිරිසක් මෙයින් විශාල ලාභයක් උපයන බව හෙළි වී තිබේ.
බලපත්‍ර නිකුත් කිරීමේදී විශාල ප්‍රමාදදෝෂ සිදුෙවන අතර, අතරමගදී සිදුකෙරෙන පරීක්ෂාවලදී ද විශාල අක්‍රමිකතා සිදුවන බවට තොරතුරු හෙළි වී ඇතැයි අමාත්‍යවරයා පැවසීය.
අනුරාධපුරයෙන් පිටත්වෙන විට වැලි කියුබ් 3ක මිල රුපියල් 15,000ක් 20,000ක් අතර මිලක් වුවද කොළඹට පැමිණි විටදී එය අලෙවි වෙන්නේ 60,000ක් වැනි අධික මිලකට බව අමාත්‍යවරයා පෙන්වා දෙයි.
මෙසේ මිල අධික වීම නිසා ජනතාවගේ නිවාස ඉදිකර ගැනීම මෙන්ම සංවර්ධන කටයුතුවලට ද දැඩි බලපෑම් එල්ල වී තිබේ.
ඒ නිසා ජනතාවට සහනයක් ලබාදීම සඳහා ජනාධිපතිවරයා විසින් බලපත්‍ර අහෝසි කරන ලෙස තමන්ට උපදෙස් දුන් බව ඔහු පැවසීය.
මේ නිසා වෙළෙඳපොළේ රුපියල් 60,000ක් පමණ වූ වැලි කියුබ් 3ක මිල රුපියල් 35,000 දක්වා පහත බැස තිබේ.
වැලි, ගල් සහ පස් ප්‍රවාහනය කිරීම සඳහා නීතිරීති ලිහිල් කිරීම පිළිබඳ ඇතැම් පරිසර සංවිධාන තමන්ට විරුද්ධව විවිධ චෝදනා එල්ල කරන බව අමාත්‍යවරයා පැවසීය.