මෙරටදී නිෂ්පාදනය කර පරිභෝජනයට ලබා ගත හැකි ආහාර ද්‍රව්‍ය හා මෙරට නිෂ්පාදනය කර ගත හැකි ද්‍රව්‍ය ආනයනය කිරීම වෙනුවෙන් රජය වසරකට රුපියල් කෝටි 31484ක මුදලක් විදේශයන්ට ගෙවන බව අනාවරණය වේ. මෙම මුදල දළ වශයෙන් ඇමෙරිකානු ඩොලර් මිලියන 1852කි. (ඩොලරයක් රුපියල් 170.00 බැගින්)
සීනි, කිරි හා කිරි නිෂ්පාදන හාල්, පිටි, මාළු, අනෙකුත් ආහාර හා පාන වර්ග, අර්තාපල්, මිරිස්, ලූනු, මුං ඇට, මෑ, කුරක්කන්, කුළු බඩු යන ආහාර වර්ග හා රබර් නිෂ්පාදන, ගෘහ උපකරණ හා දැව, ප්ලාස්ටික් උපකරණ, රෙදි සේදීම සඳහා ගනු ලබන භාණ්ඩ, පුයර වර්ග හා රූපලාවණ්‍ය උපකරණ හා පොහොර සඳහා මෙම මුදල වැය කරන බව ශ්‍රී ලංකා මහ බැංකුව සඳහන් කරයි.
මෙයින් වැඩිම මුදල වූ ඇමෙරිකානු ඩොලර් මිලියන 752ක මුදලක් (රුපියල් කෝටි 12784) වැයකරනු ලබයි.
සීනි අවශ්යතාෙවන් සියයට 10ක ප්‍රමාණයක් මෙරට නිෂ්පාදනය කරනු ලබන අතර ඉතිරි සියල්ල ආනයනය කෙරේ. මෙරට සීනි නිෂ්පාදනය වැඩි දියුණු කිරීමට නොහැකි වූ හේතු කරුණු ගණනාවක් බව වාර්තා වේ. වියළි කාලගුණික තත්ත්වය, ඒ හේතුව නිසා උක් වගාවේ වර්ධනය බාල වීම, උක්දඬුවලින් නිපදවිය හැකි සීනි ප්‍රමාණය අඩුවීම, කොළ සුදුවීම, දුඹුරු දිලීර වර්ධනය වීම, උක්දඬුවල ගුල්ලන් පැතිරීම, පැරණි යන්ත්‍රෝපකරණ භාවිත කිරීම යනාදී හේතු නිසා පැලවත්ත, සෙවනගල හා ගල් ඔය කර්මාන්තශාලාවල සීනි නිෂ්පාදනය ගිය වසරේදී මෙට්‍රික් ටොන් 7,47,662ක් වී තිබුණි.
ගිය වසරේදී ආනයනය කර තිබූ සීනි ප්‍රමාණය මෙට්‍රික් ටොන් 498952ක් වී ඇත. කැලණිය විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යා අංශයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය නිලන්ත රාමනායක මහතාගෙන් කළ විමසීමේදී ඒ මහතා ප්‍රකාශ කළේ, දේශපාලන බලපෑම් හා විධිමත් සැලැස්මක් නොවීම, නිසා රටට අවශ්‍ය සීනි නිෂ්පාදනය කිරීමට නොහැකි වී ඇති බවයි. මෑතක හොඳම උදාහරණය සෙවණගල සීනි කර්මාන්ත ශාලාවයි. සෙවණගල පෞද්ගලිකරණය කිරීමේ වැඩපිළිවෙළ යටතේ දයා ගමගේ මහතා මෙම ආයතනය පවරාගෙන ආයතනයේ දියුණුවට යම් සේවාවක් කරමින් සිටියදී මහින්ද රාජපක්‍ෂ රජය එම ආයතනය යළි රජයට පවරාගනු ලැබීය.
යහ පාලන රජය යටතේ යළි එය වෙනස් කර දයා ගමගේ මහතාට සිදුවූ අසාධාරණය, නිවැරදි කර ඇත. ත්‍රස්තවාදී උවදුරු නිසා කන්තලේ සීනි කර්මාන්ත ආයතනය වසර ගණනාවක් තිස්සේ පරිහානියට ලක් විය. පැලවත්ත සීනි නිෂ්පාදන ආයතනය පාඩු ලබන තත්ත්වයට පත් කරවීය. උක් වගා කරන ගොවීන් කෙසෙල් වගාවට පෙලඹීමත් සමග උක් වගාවෙන් ඈත්වීමද සීනි නිෂ්පාදනයට තවත් ගැටලුවක් වී තිබුණි.
අඩු වශයෙන් සීනි නිෂ්පාදනය කිරීමෙන් පසු ඉතිරිවන රොඩ්ඩ ස්ප්‍රීතු නිෂ්පාදනයට යොදවා ගැනීමෙන් ලාභ ඉපයීමට හැකියාව තිබුණත් එයද අභාවයට යන තත්ත්වයට පත් වී ඇත. සීනි පිටරටින් ගෙන්වීම තවත් වසර 5කින් හෝ අඩු කිරීමට නම් දේශපාලන බලපෑමෙන් තොරව අවංකව මෙම ව්‍යාපාරය දියුණු කිරීමට අදටත් අවස්ථාව සැලසී තිබුණත් අදාළ දේශපාලන බලධාරීන් ඒ සඳහා උත්සාහ නොගන්නා නිසා විශාල මුදලක් පිටරටට ඇදීයාම සිදුවී තිබෙන බවද ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය නිලන්ත රාමනායක මහතා කීය.
මේ අතර කිරි හා කිරි නිෂ්පාදන ආනයනය කිරීමට ගිය වසරේදී ඇෙමරිකානු ඩොලර් මිලියන 316ක මුදලක් වැය කර ඇත. වර්ෂ 2016 දී වැය කර තිබුණේ ඇමෙරිකානු ඩොලර් මිලියන 249කි. අැෙමරිකානු ඩොලර් මිලියන 67ක මුදලක් 2016ට වඩා 2017 දී වැඩිපුර ගෙවා ඇත. එනම් රුපියල් කෝටි 289ක මුදලක් වැඩි වී ඇත. රටේ අවශ්‍යතාවයෙන් සියයට 40ක ප්‍රමාණයක් මෙහි නිෂ්පාදනය කරනු ලබයි.
ආනයනික කිරිපිටි ප්‍රමාණය මෙට්‍රික් ටොන් 93127ක් වී ඇත. කිරි හා කිරි නිෂ්පාදන ආනයනය කිරීමට වැය වූ මුදල ඇමෙරිකානු ඩොලර් මිලියන 316කි. එය ශ්‍රී ලංකාවේ මුදලින් රුපියල් කෝටි 5372කි.
ගිය වසරේ ආනයනය කරන ලද ආහාර ද්‍රව්‍ය ප්‍රමාණයන්.
ආහාර ද්‍රව්‍ය ආනයන මෙට්‍රික් ටොන් දහස්
සහල් 748
ඉරිඟු 191
තිරිඟු 1250
ලොකු ලූනු 232
සීනි 498
අර්තාපල් 151
මාළු 28
පොල්තෙල් 10
මාළුද මෙරටට ආනයනය කරනු ලබන අතර ගිය වසරේදී රුපියල් මිලියන 32685ක් වටිනා මාළු මෙරටට ගෙන්වා ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව සඳහන් කරයි. ශ්‍රී ලංකාව වටා මුහුදය. ප්‍රධාන ගංගාවන් 16ක් හා දිග කිලෝමීටර් 100ට අඩු සාමාන්‍ය ගංගා 24ක් ඇතුළුව තවත් කුඩා ඇළ දොළ, වැව් රාශියක් පිහිටා තිබියදී මේ තරම් විශාල මාළු තොගයක් ආනයනය කරනු ලබන්නේ කුමක් නිසා ද යන ප්‍රශ්නය ඇති වේ.
ධීවර අමාත්‍යාංශය සඳහන් කරන ආකාරයට මෙතරම් ගංගා තිබුණත් වර්ෂය පුරාම මුහුදට නිරන්තරයෙන් ජලය ගලා බසින්නේ මහවැලි, නිල්වලා, කළු, කැලණි වැනි ගංගා වන අතර, අනෙකුත් ගංගා බොහොමයක් නියඟයත් සමඟ අඛණ්ඩව මුහුදට ගලා නොඑන බවයි. විශේෂයෙන් මසුන්ට වැඩි වශයෙන් ආහාර සැපයෙන්නේ මේ මුහුදට ගලා එන ගංගාවලින් බවද සඳහන් වේ.
මුහුදු මසුන් වෙනුවට මිරිදිය මසුන් වැඩි වැඩියෙන් බෝ කිරීමේ වැඩ පිළිවෙළක් දැන් ක්‍රියාත්මක වෙමින් තිබුණත්, දීර්ඝ කාලීන, සැලසුම්සහගත වැඩපිළිවෙළක් ඒ සඳහා ක්‍රියාත්මක නොවන බව වාර්තා වේ.
අර්තාපල් හා ලූනු මෙරටට ආනයනය කරනු ලබන ප්‍රධාන ආහාර භෝග වර්ග දෙකකි. අර්තාපල් ගිය වසරේ ගෙන්වීමට ඇමෙරිකානු ඩොලර් මිලියන 35ක්ද ලූනු ගෙන්වීම සඳහා ඇමෙරිකානු ඩොලර් මිලියන 123ක්ද වැය වී ඇත. මේ දෙවර්ගයම ආනයනය කරනු ලැබූවත් මේ රටේ නිෂ්පාදනය කරනු ලබයි. අපේ නිෂ්පාදනවලට හා අපේ ගොවියාට හොඳ ස්ථාවරයක් ලබාදීම සම්බන්ධයෙන් බොහෝ විට රජයේ පාර්ශ්වයෙන් ප්‍රමාද වී තිබූ තීරණ ගන්නා බවත් පෙන්නුම් කරයි.
එයට හොඳම උදාහරණය නම් මෙරට අර්තාපල් හා බී ලූනු අස්වැන්න වෙළෙඳ පොළට පැමිණ සති කීපයක් ගත වූ පසු බොහෝ විට පිටරටින් ගෙන්වන අර්තාපල් හා ලූනු සඳහා බදු පැනවීමට ක්‍රියාකිරීම බවට, ගොවීහු පැමිණිලි කරති.
ශ්‍රී ලංකාව කෘෂිකාර්මික රටක් වූවත්, රටට අවශ්‍ය සහල් බොහෝ විට පිටරටින් ගෙන්වීම සිදුවේ. ගිය වසරේදී සහල් මෙට්‍රික් ටොන් 8,00000ක් මෙරටට ගෙන්වා ඇත. ඒ සඳහා වැය කර ඇති මුදල ඇමෙරිකානු ඩොලර් මිලියන 300කි. එය ශ්‍රී ලංකාවේ මුදලින් රුපියල් කෝටි 5100කි.
මෙරට පුරන් කුඹුරු අක්කර 1,40,000ක ප්‍රමාණයක් පවතින බව කෘෂිකර්ම අමාත්‍යාංශය සඳහන් කරයි. මෙයින් අක්කර 1,40,000ක් වගා කිරීමට හැකියාව ඇතත් ඒ සඳහා ප්‍රමාණවත් ප්‍රායෝගික පහසුකම් නොමැතිකමින් වගා කිරීමට නොහැකි වී ඇතිබව සඳහන් වේ.
ආහාර ද්‍රව්‍යයක් නොවුණත් මේ රටේ ප්‍රධාන අපනයන භාණ්ඩයන් වූයේ තේ, රබර් හා පොල්ය. රබර් හෙක්ටයාර් 1,32,000ක් දැනට වගාවේ යොදවා ඇත. නිෂ්පාදනය මෙට්‍රික් ටොන් 85,000ක් බව රබර් පර් යේෂණ ආයතනයේ සභාපති එන්.වී.ටී.ඒ. වේරගොඩ මහතා සඳහන් කළේය.
රබර් නිෂ්පාදනය සඳහා අමුද්‍රව්‍ය වශයෙන් මෙට්‍රික් ටොන් 65,000ක ප්‍රමාණයක් ආනයනය කරනු ලබයි. සුළු රබර් වැවිලිකරුවන්ට විධිමත් ලෙස රබර් කිරි කැපීමෙන් ආදායමක් ලබාදෙනවා වෙනුවට ගොවීන් අධෛර්යමත් කරවමින්, ගොවියාට හොඳ මිලක් ලබානොදෙමින් පිටරටින් ගෙන්වීම සිදුකෙරේ. මෙරට අස්වනු කැපෙන කාලයට පිටරටින් ගෙන්වන අර්තාපල් හා ලූනු නිසා, මෙරට නිෂ්පාදන වෙළෙඳපොළෙන් ඈත් වී යයි. ස්ථාවර මිලක් නොමැතිව ගොවීන් පසුබෑමට ලක් වේ. මේ තත්ත්වය වැළැක්වීමට පිටරටින් ගෙන්වන අල හා ලූනුවලට බදු පැනවීමට රජය පියවර ගත්තත් අලෙවියේ කැපී පෙනෙන වෙනසක් නැත. ඉවත් වී සිටීම, සුළු පරිමාණ නිෂ්පාදකයන් වෙනත් ආර්ථික භෝගවලට පෙලඹීම, නැවත වගාවන් නොවීම ඇතුළු විවිධ හේතු මත රබර් වගාවේ අලුත් තත්ත්වයක් නොවුණත්, විශේෂ නිෂ්පාදන ආයතනයක් මෑතදී විවෘත කරනු ලැබීය. කෝටි 9.8ක මුදලක් මේ සඳහා වැය කරනු ලබයි. මනා සැලැස්මක් යටතේ රබර් නිෂ්පාදන වැඩිදියුණු කිරීමට සැලසුම් කර ඇතැයිද වේරගොඩ මහතා සඳහන් කරයි.
දයාසීලි ලියනගේ