දරු තිදෙනකුට දිවි අහිමි කළ මව්පිය ආරවුල


නිසි ඉවසීමකින් තොරව ඉක්මණින් ගන්නා තීන්දු තීරණ හේතුවෙන් මහ විපතක් වුවද සිදුවීමට පුළුවන. දුරදිග නොබලා කටයුතු කිරීම හේතුවෙන් දරු පවුලක්ම විනාශ වූ පුවතක් පසුගියදා වාර්තා වූයේ කඹුරුපිටිය, රන්සෑගොඩ, උතුර බෙරලිඅතුර ප්‍රදේශයෙනි.  


 බෙරලිඅතුර සුන්දර ගම්මානයේ ගොඩගමගේන නිවසේ පදිංචි වී සිටි වික්‍රතුංග ආරච්චි පතිරණගේ ප්‍රියන්ත (43) හා කිරිමාදුව ශ්‍රියානි (40) අගහිඟකම පැවතියද ඉතා සතුටින් ජීවත් වූ පවුලකි. ප්‍රියන්ත කුරුඳු තලන්නෙකු වූ අතර වර්ෂය පුරාම රැකියාව කිරීමට නොමැතිකම හෙතුවෙන් නිතර ආර්ථික අපහසුතා වලට මුහුණ දුන්නේය.  


එය හේතු කරගෙන විටින් විට පවුල තුළ ආරවුල් ද ඇති විය. තමන් විඳින දුක දරුවන්ට දිය නොහැකි නිසාත් යම්තම් හෝ පවුල ජීවිතය ගැට ගහගෙන යායුතු නිසාත් ප්‍රියන්ත හා ශ්‍රියානි අකමැත්තෙන් වුවද තම පුතුන් දෙදෙනාම ශාසනයට පූජා කිරීමට ඉදිරිපත් විය.  


 ඒ සඳහා පුතුන් දෙනො තුළද දැඩි කැමැත්තක් පැවතියේය. ඒ අනුව ප්‍රියන්තගේ හා ශ්‍රියානිගේ වැඩිමහල් පුතු රන්සෑගොඩ සුදත්ත (18) නමින්ද, බාල පුතු රන්සෑගොඩ මංගල (14) නමින්ද පැවිදි ජීවිතයට අැතුළත කෙරිණි.  


 පූජ්‍යපාද ඕමල්පේ සෝභිත නාහිමියන්ගේ අනුශාසකතවය මත උන්වහන්සේලා ඇඹිලිපිටිය, හිඟුරආර ශ්‍රී බෝධිරාජ ධර්මායතනයේ හා රත්නපුර ශ්‍රී ජයබෝධි විහාරස්ථානය වැඩ වාසය කරමින් සිටියහ.  


වැඩිමහල් දියණිය කෞශල්‍යා සෙව්වන්දි (16) හා බාල දියණිය හිරුණි සෙව්වනදිකා (10) තම මාපියන්​ෙග් රැකවරණය යටතේ රන්සෑගොඩ උතුර කනිෂ්ඨ විද්‍යාලයේ 11 සහ 05 වැනි ශ්‍රේණිවල ඉගෙනුම ලබමින් සිටියාය. ශිෂ්‍යත්ව විභාගයෙන්ද ඉහළින් සමතව තිබූ කෞශල්‍යා මෙවර අ.පො.ස. සාමාන්‍ය පෙළ විභාගයට මුහුණ දීමට සූදානමින් සිටි අතර හිරුනි ලබන අගෝස්තු මස පැවැත්වෙන ශිෂ්‍යත්ව විභාගයට පෙනී සිටීමට නියමිතව සිටියාය.  


සාමණේර සහෝදරයන් දෙදෙනා මෙන්ම එම දැරියන්ද ඉගෙනීමට මනා දක්ෂ​ෙයා් වූහ. ප්‍රියන්ත ඇතැම් අවස්ථාවල බීමත්ව පැමිණ ආරවුල් ඇතිකර ගෙන තිබුණි. එ​ෙහත් ඒ කිසිදු ආරවුලක් පොලිසිය දක්වා දුරදිග නොගිය අතර සිදුවූ​ෙය් ශ්‍රියානි තම සැමියා හා දරුවන් නිවසේ තබා ඇයගේ වැලිගම පිහිටි මහගෙදර වෙත යාම පමණි.  


 දින හතර පහක් මහගෙදර සිටින විට වැඩිමහල් සාමණේර පුතු මැදිහත් වී අාරාවුල සමථයකට පත්කර තම මව නිවසට කැඳවා ගෙන යාම සාමාන්‍ය සිරිතය.  


 කොපමණ අගහිඟකම් පැවතියද ප්‍රියන්ත එක්තරා විදියකට ග​ෙම් ජීවත් වූ චරිතයකි. ඔහු තම බිරිඳ හා දරුවන් අසල්වාසීන් සමග ඇසුරක් පවත්වාගෙන යාමට අකමැති වූ අයෙකි. නිතර හුදෙකලාව ජීවත් වීමට ප්‍රිය කළේය.  


 මේ නිසා ඔවුන් ගමෙන් කොන් වී ජීවත් වූ පවුලක් සේ පෙනෙන්නට විය. එසේ වුවද ප්‍රියන්ත තම කුඩා නිවස මනා පිරිසිදුව හා පිළිවෙළකට තබාගෙන තිබුණි. කටුමැටි ගැසූ නිවසක් වුවද ඊට විදුලිය හා ජලයද ලබාගෙන තිබුණේය. තම බිරිඳගේ හා දරුවන්ගේ ආරක්ෂාව වෙනුවෙන් ඉටි​ෙකාළ ආවරණය කර ඉදිකර තිබූ නාන කාමරයෙන් ඒ බව මනාව තහවුරු කරගත හැකිය.   


එමෙන්ම නිවස ආසනනයේ අලංකාර බලු කූඩුවක් තනා තිබුණේ සුරතලයට ඇති කරන බල්ලා වෙනුවෙනි. ගෙමිදුලද ඉතා පිරිසිදුව පවත්වා ගෙන ගොස් තිබෙන අයුරු එහි ගිය මා හට දැකගත හැකි විය.  


ඒ ආකාරයට ජීවත් වූ මිනිසකු මේ ආකාරයට තිරිසනෙකු වූයේ කෙසේද යන්න ද සිතාගත නොහැකිය. කෙසේ නමුදු මීට මාසයකට පමණ පෙර ශ්‍රියානි තම ස්වාමි පුරුෂයා සමග ආරවුලක් ඇතිකර ගන්නේ විදෙස්ගතවීම සඳහා යාමට අවසර ලබා නොදීම හේතු කරගෙනය. කොතරම් ආර්ථික අපහසුතා පැවැතියද තම බිරිඳ රට යැවීමට තරම් ප්‍රියන්ත කැමැත නොවූයේ ඇයට හා තම දරුවන්ට ඇති ආදරය නිසා විය හැකිය.  


එම ආරවුලේ ප්‍රතිඵලයක් ලෙස ශ්‍රියානි තම දියණියන් දෙදෙනා හා සැමියා තනිකර තම මහ ගෙදරට යන්නේ පුංචි කැදැල්ලට කණ කොකා හඬවමිනි. වෙනත් වාර වල මෙන් නොව ඇය මෙවර සිය ජංගම දුරකථනයද විසන්ධි කර ගත්තාය. මේ නිසා ප්‍රියන්තට හා දරුවන්ට ඇය සම්බන්ධ කරගැනීම අපහසු තත්ත්වයක පැවැතිණි.  


මව නිවසින් යාමත් සමග කෞෂල්‍යාගේ හා හිරැණිගේ පාසල් ගමන ද නතර විය. සතියක් පමණ ඔවුන් පාසල් නොපැමිණි නිසා රන්සෑගොඩ උතුර කණිෂ්ඨ විද්‍යාල​ෙය් විදුහල්පතිනි ටී.පී.ජී.සී. ශ්‍රීමතී මහත්මිය ඒ ගැන සොයා බලා ප්‍රියන්තට පාසලට එන ලෙස දැනුම් දී තිබුණි. ඒ අනුව දරුවන් පාසලට එවන ලෙසට පියාට අවවාද කිරීමෙන් පසු සිට කෞෂල්‍යා හා හිරුනි සුපුරුදු පරිදි පාසලට පැමිණියාහ.  
එහෙත් වෙනත් දිනවල මවගේ අතින් සිදුකළ සෑම කටයුත්තක්ම සිදුකෙරුණේ කෞශල්‍යා අතිනි. 16 හැවිරිදි ඇය තම නැගණියට මවක් මෙන් රැකවරණය දුන්නාය. ඇයට මෙන්ම පියාට අවශ්‍ය ආහාර පානද පිළියෙල වූයේ කෞෂල්‍යා දියනිය අතිනි.  


 මව ගිය පසු මවකගේ භූමිකාව ගත කළ කෞෂල්‍යාට ගමේ කාලකණ්ණින් කිහිප දෙනෙක් කට කතාද හැදූහ. හව්හරණක් නැති දරු පවුලට උදවු කිරීම වෙනුවෙන් ඔවුන් සිදුකළේ මහ පොළොව නුහුලන කට කතා පතුරුවමින් කබලෙන් ළිපට ඇද දැමීමය.  


එහි ප්‍රතිඵලයක් ලෙස කෞෂල්‍යා ද දැඩි කළකිරීමකින් පසුවූවාය. එම වැරැදි ආරංචිය ඇය ඉගෙනුම ලබන පාසලටද ලැව් ගින්නක් සේ පැතිර ගියේ මේ අධම දුෂ්ඨ වූ සමාජයේ සම්ප්‍රදායක් හැටියටය. මේ නිසා පාසලේ විදුහල්පතිනියද කෞෂල්‍යා පෞද්ගලිකව ගෙන්වා ගෙන තමාට නිවසේදී කරදරයක් සිදුවනවා දැයි අසා තිබුණි. එහෙත් එවැනි කිසිදු හිරිහැරයක් තමාට සිදුනොවන බවට ඇය ප්‍රකාශ කර තිබේ.  


 එසේ යම් දෙයක් සිදුවූවා නම් කෞෂල්‍යා තම හොඳම යෙහෙළිය වූ අනිශා සත්සරණිට ඒ බව නොකියා ඉන්නේ ද නැත. ඇගේ සෑම දෙයක්ම තමාට පවසන බව අනිශා කීවේ මෙලෙසිනි.  


 ‘කෞෂල්‍යාගේ හොඳම මිතුරිය මමයි. ඇගේ ජීවිතයේ සෑම දෙයක්ම මා සමග පවසනවා. අම්මා ගෙදරින් ගිය බවත් කීවා. ගිය 18 වැනිදා අම්මා ආපහු එනවා කියලා කීවා. අම්මා එනකම් ඇය ආසාවෙන් බලාගෙන හිටියේ. ඒත් පසුවදාද දුකින් කීවා අම්මා ආවේ නැහැ.

ගාමන්ට් එකක වැඩට යනවා. 25 වැනිදා පඩි අරගෙන 26 වැනිදා ගෙදර එනවා කියලා. ඉකුත් සිකුරාදා වෙනකම්ම ඇය පාසල් ආවා. සඳුදා එන බව කීවා. ගංවතුරට නිවාඩු නිසා රජයේ නිවාඩු දවසක් වුවත් අපේ පාසල පැවැත්වුවා. ඒත් සඳුදා ඇය පාසල් ආවේ නැහැ. මම සිතුවා අම්මා එනවා කිව්ව නිසා නවතින්න ඇති කියලා. හරිම සැහැල්ලුවෙන් සිටියේ. මෙහෙම දෙයක් කර ගනිවි කියලා හිතන්නවත් බැහැ. හැම වෙලේම සතුටින් ඉන්න හදපු ම​ෙග් හොඳම මිතුරිය අද මට නැති වෙලා.’  


කෙසේ වෙතත් වෙනත් වාර වල මෙන් තම මව දුරකථනයෙන්ද කතා නොකර සිටි නිසා කෞෂල්‍යා තම පියා හා නැගණිය සමග වැලිගම මවගේ මහ ගෙදරටද ගොස් තිබුණි. එහි ගොස් යළි හිස් අතින් පැමිණී බව ඇය අවසන් වරට ලියන ලද ලිපියක මෙ​ෙස් සඳහන් කර තිබුණි.  


මගේ අම්ම සොයා ගන්න අපි වැලිගම ආත්තම්මාගේ ගෙදරටත් ගියා. ආත්තම්මා කීවා අම්මා එහේ ආවේ නැහැ කියලා. ඒ නිසා අපි ආපසු එන්න ආවා. ඒ අහළ පහළ ගෙවල්වල අය කීවා අම්මා උදේ වරුවේ ඒ ගෙදර ඉන්නවා දැක්කා කියලා. අනේ ඇයි අම්​ෙම් අපිව මග හරින්නේ. ම​ෙග් අම්මා ගෙදර එන්න. ආවේ නැති වුණොත් අපිට තාත්තා ගන්න තීරණයකට කැමැති වෙන්න සිදුවේවි. ම​ෙග් අම්මට බුදුසරණයි.  


ඒ ආකාරයට තම දරුවන් තමා ගැන සොයන බව දැනගත් ශ්‍රියානි සුපුරුදු ජංගම දුරකථන අංකයෙන් නොව වෙනත් දුරකථන අංකයකින් කතා කර ඉකුත් 18 වැනි දින නිවසට පැමිණෙන බව දැනුම් දී තිබුණි.  


 ප්‍රියන්ත හා දරුවන් ඇය පැමිණේවි යන අපේක්ෂාවෙන් සිටියද ශ්‍රියානි පෙනෙන්නටවත් නොවීය. ඒ නිසා එදින රාත්‍රියේම ප්‍රියන්ත තීරණයක් ගෙන තිබුණි.  


ඒ බව සනාථ වන්නේ මුද්දරයක් ගෙනවිත් අත්සන් කර ඔහු විසින් ලියන ලද අවසන් කැමැති පත්‍රිය පරික්ෂා කිරීමෙනි. එහි දක්වා ඇත්​ෙත් තමාගේ සියලු දේපළ තම වැඩිමහල් සහෝදරයාගේ පුත්‍රයාට පවරන බවයි. ජීවත්ව සිටියහොත් මංගල හා සුදන්ත යන තම සාමනේර පුතුන්ට නිවස පවරණ ලෙසටද එහි සඳහන් කර තිබුණි. ඒ තුළින් පැහැදිල වන්නේ ප්‍රියන්ත තම දරුවන් සිව් දෙනාම සමග මරාගෙන මැරෙන්නට සැලසුම් කර තිබෙන බවයි.  


ගම්වැසියන් තමා සම්බන්ධයෙන් වැරැදි දේවල් කියන බවටද කෞෂල්‍යා ලිපියක් මගින් ලියා තිබුණි.  


අනේ අම්මේ ඉක්මනට ගෙදර එන්න. ගෙදර වැඩ ඔක්කොම කරන්න වෙලා තියෙන්නේ මට. ගමේ මිනිස්සු මට එක එක කතාන්දරත් කියනවා. ඒ නිසා අම්මා ඉක්මණින් එන්න. ම​ෙග් අම්මාට බුදුසරණයි.  


 ඇය ඉගෙනුම ලබන පාසලේ විදුහල්පතිනි ටී.පී.ජී.සී. ශ්‍රීමතී මහත්මිය මෙසේ කීවාය.  


 මේ දැරියන් දෙදෙනාම ඉගෙනීමට හරිම දක්ෂයි. මම අම්මා ගෙදරින් ගිය නිසා කෞෂල්‍යයාට කරදරයක් එහෙම තිබෙනවාද කියලා පෞද්ගලිකව විමසුවා. එවැනි තත්ත්වයක් නොමැති බව ඇය කීවා. ඔවුන්​ෙග් පවුලේ ප්‍රශ්නවලට ඇඟිලි ගහන්න අපට බැහැ. ඒත් පියා කැඳවා අවවාද කළා දරුවන් පාසලට එවන ලෙස. ඒ අනුව අන්තිම දින දක්වා පාසල් ආවා. මේ ව​ෙග් දෙයක් කර ගනියි කියලා හීනෙකින්වත් හිතන්න බැහැ.  


හිරුණිගේ පන්ති භාර ගුරුවරිය වූ සුජීවා කොමසාරු මහත්මිය මෙසේ කීවාය.  


 හිරුනි පන්තියේ දක්ෂ දරුවෙක්. මෙවර ශිෂ්‍යත්ව විභාගයෙන් ඉහළින් සමත් වෙයි කියා ලොකු විශ්වාසයක් තිබුණා. ගෙදර ආරවුල් ගැන ඇයට ලොකු වැටහීමක් තිබුණේ නැහැ. ඒත් හොඳට අධ්‍යාපන කටයුතු සිදුකළා. අපරාදේ මේ දරුවන්​ෙග ජීවිත.  


මේ අතරතුරදී ශ්‍රියානි 26 වැනි දින නිවසට පැමිණෙන බව වෙනත් දුරකථනයකින් දැනුම් දී තිබුණි. එය ප්‍රියන්ත​ෙග් කැඳවීමේ අවසන් නිවේදනයද විය. එ​ෙස් නොපැමිණියහොත් දරුවන් සමග තමා මැරෙන බවටද ප්‍රියන්ත විසින් ප්‍රකාශ කරන ලදී  


ඊට දින කිහිපයකට පෙර සිට ප්‍රියන්ත තම සාමණේර පුතුන් දෙදෙනාද ගෙදරට වැඩම කර ගැනීමට උත්සාහ කළේය. වැඩිමහල් සාමණේර පුතු වූ සුදත්ත හිමියන් පියාගේ ඉල්ලීමට අනුව වැඩම නොකළ අතර බාල සාමණේර පුතු මංගල හිමියන් වැඩම කළේය.  
 ඒ අනුව 25 වැනිදා වැටුප ලබාගෙන 26 වැනිදා තම මව පැමිණෙන තෙක් දරුවෝ ආශාවෙන් බලාගෙන සිටියහ. රෑබෝ වන තෙක්ම මව නොපැමිණි නිසා ප්‍රියන්තගේ දරුවන්ගේ බලාපොරොත්තු ක්‍රමයෙන් බිඳ වැටෙමින් තිබුණි.  


 සියදිවි හානිකර ගන්නා බවට ඒ අනුව ඔවුන් සිව් දෙනාම ලිපියක් ලියා පිළිවෙළට අත්සන් තැබුවාය. කෞෂල්‍යා ඉහළින්ම අත්සන් කර දෙවැනි අත්සන තැබීම හිරුණිට දී තිබුණි. මංගල හිමියන් අවසන් පේළියේ අත්සන තැබුවේය. එහිදී සඳහන් කර තිබුණේ අම්මා නොපැමිණී නිසි තාත්තාගේ තීරණයකට තමන්ද එකඟ වී සියදිවි හානිකර ගන්නා බවයි. අම්මා නොපැමිණිය හොත් සිදුවන්නේ තම මළ මිනී බලාගැනීමට බවද අම්මාට බුදු සරණයි කියාද එම ලිපියේද සඳහන් කර තිබුණි.  


 කෙසේ වෙතත් 26 වැනිදා රාත්‍රී ඒ ආකාරයටම ඔවුන් සිය අවසන් තීරණය ඉටුකර ගෙන තිබුණි. එයද ඉතා සැහැල්ලු ආකාරයටය.  
 එම පවුලේ වැඩමහල් පුතු වූ සුදත්ත හිමියන් මෙසේ කීහ.  


තාත්තා රෑ 10.00 ට විතර මට ඇමතුමක් ගත්තා අම්මට ඉන්න තැනකින් කෝල් එක්ක දෙන්න කියන්න කීවා. එහෙම නැති වුණොත් නංගිලා දෙන්නයි මල්ලියි සමග මැරෙනවා කීවා. මීට පෙරත් අම්මා තරහවෙලා ගියාම ගෙදර එක්ක යන්​ෙන් මම නිසා තාත්තා සැක කළා අම්ම ඉන්න තැන මම දන්නවා ඇති කියලා. ඒත් අම්මා මෙවර මටවත් ඉන්න තැන කීවේ නැහැ. ඒත් එක්කම තාත්තා නංගිලා දෙන්නටත් මල්ලිටත් මා සමග දුරකථනයෙන් කතා කරන්න ඉඩ දුන්නා. ලොකු නංගි වගේම බාල නංගිත් මල්ලිත් කීවා. අයියේ දැන් අපි අත් දෙකත් පිටුපසට ගැට ගහගෙනයි ඉන්නේ. අම්මාට කියලා කෝල් කරන්න නැත්නම් අපි මැරෙනවා කියලා. ඉතා සැහැල්ලුවෙන් හා විහිළුවට ව​ෙග් ඒ දේවල් කියපු නිසා මම එය ගණන් ගත්​ෙත් නැහැ. මොකද මීට පෙර දවසකත් මට එහෙමම අත්ගැට ගසා ගෙන සිටින බව කීවා. මම අම්මා ගැන සොයන්නම් කියලා දුරකථන ඇමතුම් අවසන් කර නිදා ගත්තා. පහුදින අළුයම 1.00 ට පමණ කඹුරුපිටිය පොලිසියෙන් දුරකථන ඇමතුමක් දී කීවා, ගෙදර කරදරයක් ඉක්මනට වැඩම කරන්න කියලා. එවිටයි මා දැනගත්​ෙත් මෙවැනි දෙයක් සිදුකරගෙන ඇති බව. මම කිසිම වෙලාවක හිතුවේ නැහැ මෙවැනි දෙයක් වෙයි කියලා. නංගිලා දෙන්නා හා මල්ලි හරි සැහැල්ලුවෙන් අන්තිම වචන ටික කීවේ. ඔවුන්​ෙග් මළගමටවත් අම්මා ආවේ නැහැ.  


උන්වහන්සේගේ ප්‍රකාශය තුළින් පැහැදිලි වන්නේ ඉකුත් 18 වැනිදා ද එවැනි දෙයක් සිදුකර ගැනීමට සැලසුම් කර තිබෙන බවයි.   
නිවස ඉදිරිපිට මහෝගනී ගසක පොල්ලක් ගැට ගසා තංගුස් නූල් එල්ලා දරුවන් තිදෙනා ප්ලාස්ටික් පුටුවල නග්ගවා හෝ වාඩි කරවා පසුව පුටුවලට පයින් ගසා එම දරුවන් පියා විසින් ඝාතනය කරන්නට ඇති බවත් ඉන් අනතුරුව පියා ඒ ආසන්නයේ කොස් ගසක ලණුවක ආධාරයෙන් ගෙල වැළලා ගෙන ඇති බවත් ඔවුන්​ෙග් පශ්චාත් මරණ පරීක්ෂණය පවත්වන ලද මාතර මහ රෝහලේ අධිකරණ වෛද්‍ය විශේෂඥ සුමිත් අඹේපිටිය මහතා විසින් ප්‍රකාශ කරන ලදි.  


එහෙත් දරුවන්​ෙග් ශරීරවල බාහිර හෝ අභ්‍යන්තර තුවාල කිසිවක් නොමැත නිසා දරුවන් තිදෙනා සිය කැමැත්තෙන් එම කටයුත්තට සහභාගි වී තිබෙන බව ඔහු කීය.  


 ඒ පිළිබඳව වැඩිදුරටත් අදහස් දැක්වූ අධිකරණ වෛද්‍ය විශේෂඥ සුමිත් අඹේපිටිය මහතා මෙසේද කීය.  


 මම වෛද්‍යවරයෙකු ලෙස අවුරුදු 27 ක්ද, අධිකරණ වෛද්‍ය විශේෂඥයෙකු ලෙස අවුරුදු 11 ක්ද සේවය කර තිබෙනවා. මේ වගේ පශ්චාත් මරණ පරීක්ෂණයක් සිදුකළේ ජීවිතයේ පළමු වතාවට. තාත්තා දරුවන් මරා සිය දිවි හානිකරගත් අවස්ථා තිබෙනවා. එත් මෙතැනදී දරුවන් තිදෙනෙක්ම කැමැත්තෙන් ඒ සඳහා ඉදිරිපත් වීම හිතා ගන්නවත් බැහැ. දරුවන් අම්මට වගේම තාත්තටත් ගොඩාක් ආදරේ බව පෙනෙනවා. ඒ නිසා එක අරමුණකින් මෙය කරගෙන තිබෙනවා. ප්ලාස්ටික් පුටු යම් දුරකට වීසි වී ගොස් තිබෙන නිසා පියා අතින් හෝ පයින් ගසා ඒවා ඉවත් කරන්න ඇතැයි සිතනවා. ඒ නිසා දරුවන් ඝාතනය කළා කියන්න වෙන්නේ. පියාට අවශ්‍ය නම් එසේ නොකර දරුවන් බේරා ගැනීමට වුණත් ඉඩකඩ තිබුණා. මව අවසන් වශයෙන් හෝ එන බවට බලාපොරොත්තුවක් දුන්නා නම් මෙවැනි දෙයක් සිදු නොවන්නත් ඉඩ තිබුණා. ඒ වගේම මේ පවුල සමාජ ආශ්‍රය අඩුකර හුදෙකලාව ජීවත් වී තිබෙන බව පෙනෙනවා. එසේ අවට ගෙවල්වල අය සමග සමබන්ධතාවකින් කටයුතු කළා නම් මෙවැනි තීරණයක් නොගන්න ඉඩ තිබෙනවා. ඒ වගේම පියා කිසියම් මානසික රෝගී තත්ත්වයකින් සිටින්නට ඇත කියා හිතෙනවා. මොකද මිනිසෙකුට සැලසුම් සහගතව මෙවැනි දෙයක් කරන්න පුළුවන්ද කියලත් හිතන්න අමාරුයි. ඒ තරමටම මෙය බිහිසුණු ක්‍රියාවක්.  


 වැඩිමහල් දියණියට සමාජය ඉදිරියේ එල්ල වී තිබූ කතන්දර ගැනත් වැඩි අවධානයක් පශ්චාත් මරණ පරරීක්ෂණයේදී යොමු කළා. ඒ දැරියට මිය යන​ෙතක්ම කිසිදු අතවරයක් සිදුවී නැහැ. ඇය​ෙග් මරණයටවත් සැනසීමක් ලැබෙන්න සමාජයට එම කරුණු දැනගන්න සලස්වන්න ඕන. වැරැදි ප්‍රචාර පැතිරවීමත් මෙවැනි දේවල්වලට බලපානවා.  


 ඒ වගේම දරුවන් අම්මව සම්බන්ධ කරගන්න ලොකු උත්සාහයක් දරා තිබෙන බව මේ ලිපිවලින් පෙනෙනවා. මාපියන් මීට වඩා තම දරුවන් ගැන වගකීමෙන් කටයුතු කරන්න ඕන. මාධ්‍යවලින් පෙන්වන සුරංගනා ලෝක ප්‍රායෝගික ජීවිතයේදී ගොඩනගා ගන්න අපහසු බව සිතන්න ඕන. කාලයක් බොහොම හොඳට ජීවත් වූ පවුලක්. ගෙදර හැමදේම පිළිවෙළකට තිබෙනවා. තමන්ට පුළුවන් විදියට ඒ දේවල් සකස් කරගෙන. ඒත අවසානයේ මුළු පවුලම විනාශ වුණා. මාධ්‍ය වගේම සමාජයත් වැඩිහිටි පරම්පරාවත් මීට වඩා සැලකිල්ලකින් ක්‍රියා කළ යුතුයි. එසේ නොවුණහොත් අනාගතයේදීත් මෙවැනි අවාසනාවන්ත සිද්ධීන් වාර්තා වෙන්න පුළුවන්.   
කෙසේ වෙතත් මියගිය කෞෂල්‍යා දැරියට පශ්චාත් මරණ පරික්ෂණයේදී හෝ සාධාරණයක් ඉටුකර දීම වැදගත්ය. එසේ නොවුණා නම් ඊටත් වඩා බරපතළ කටකතා පැතිර යාමට ඉඩ තිබුණි.  


 අවසානයේ සිදුවූයේ මල් කැකුළුවන් දරුවන් තිදෙනෙකු ජීවිතයෙන් වන්දි ගෙවීමය. පියාට තනිවම එසේ කර ගැනීමට අවශ්‍ය වූවා නම් දරුවන් ඊට සහභාගි කරගත්​ෙත් ඇයිද යන්න දන්නේ ඔහු පමණී. කෙසේ වෙතත් සිවු දරු මවක ලෙස ශ්‍රියාණිටත් මේ සිදුකළ විපාකයෙන් කිසිදා ගැලවීමට නොහැකිය. එමෙන්ම එම පවුල තවදුරටත් අසරණ කරමින් නින්දා අපහාස කළ වුන්ටද ස්වභාවධර්මයෙන් හෝ දඬුවම් ලැබෙනු ඇත.  


ප්‍රියන්ත තමා පදිංචිව සිටි සෙනෙහබර කැදැල්ලටද ගිනි තබා සුරතලයට ඇති කළ සුනඛයා ද ළිඳට දමා මරා මෙම සාහසික අපරාධය සිදුකර තිබුණේ තිරිසනෙකුටත් වඩා අන්ත ලෙසකිනි. ගෙට ගිනි තැබීමට පෙර බුදුපිළිම, බුද්ධ රූප හා දේව රූප පිටතට ගෙනවිත් තැබීම තුළද ඔහු පිළිබඳව නොයෙකුත් දේ සිතාගත හැකිය.  


කෙසේ වෙතත් සියල්ල සිදුවී හමාරය. දරිද්‍රතාව හේතුකරගෙන හොඳට සිටි පවුලක් විනාශ වූයේ ඒ ආකාරයටය. අනාගතයේ මේ ලොව එළිය කිරීමට සිටි මල් කැකුළු මේ කිසි දෙයකට පළි නැත. ඔවුන් ලියන ලද ලිපි අට බැලූ විට දරුවකුට ඒ දුක දරාගත හැකි දැයි සිතාගත නොහැකිය.  


ඉදිරියේදී මෙවැනි අවාසනාවන්ත සිදුවීම් වළක්වා ගැනීමට සියලු දෙනා ක්‍රියා කළ යුතුව ඇත.  


 දකුණු පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති එෆ්. ප්‍රනාන්දු මහතාගේ උපදෙස් මත මාතර කොට්ඨාසය භාර පොලිස් අධිකාරි ජී.එම්. මාරපන මහතාගේ අධීක්ෂණය යට​ෙත් කඹුරුපිටිය පොලිසියේ ස්ථානාධිපති ඕ.යූ. ජයශාන්ත මහතා ඇතුළු කණ්ඩායමක් මේ පිළිබඳව පරීක්ෂණ පැවැත්වීය.

ඡායාරූප හා සටහන : 
ක්‍රිෂාන් ජීවක ජයරුක්