නිමල කොඩිතුවක්කු
පසුගිය වර්ෂයේ දී මෙරටින් ක්ෂය රෝගය වැළඳුණු 250ක් වාර්තා වූ බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි. කොළඹ මහනගර සභා සීමා බල ප්‍රදේශයෙන් ඉන් වැඩිම ක්ෂය රෝගීන් සංඛ්‍යාවක් වාර්තා වී ඇති බවද එම අමාත්‍යාංශය සඳහන් කරයි.
2024 වසරේ දී මෙරටින් ක්ෂය රෝගීන් 9,200 ක් වාර්තා වී ඇති අතර පිරිමි 5,291 ක් සහ ගැහැනු 3,259ක් ඒ අතර වේ. 2035 වන විට මෙරට ක්ෂය රෝගීන් ප්‍රමාණය සහ ක්ෂය රෝගවලින් සිදුවන මරණ ප්‍රමාණය සියයට 95 කින් අඩු කර ගැනීම ප්‍රධාන ඉලක්ක බව ද සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි. සති දෙකක් හෝ ඊට වැඩි කාලයක් පවතින කැස්ස, මඳ උණ, ශරීරයේ බර අඩුවීම, ආහාර අරුචිය, රාත්‍රියට දහඩිය දැමීම, අධික තෙහෙට්ටුව, හතිය, කහින විට ඇතිවන පපුවේ වේදනාව, සෙම සමඟ ලේ පිටවීම ක්ෂය රෝගයේ රෝග ලක්ෂණ වන අතර නිසි ප්‍රතිකාර ලබා ගැනීමෙන් ක්ෂය රෝගය නිට්ටාවට සුවකර ගත හැකි බව එම අමාත්‍යාංශය සඳහන් කරයි.