ත්‍රිකුණාමල වරායට හා බි්‍රතාන්‍ය හමුදාවට එක්දහස් නවසිය හතළිස් දෙකේ අප්‍රේල් 8 වැනිදා ජපාන හමුදාවෙන් එල්ලවූ ප්‍රහාරයෙන් නෞකා හතරක් මුහුදුබත් විය. ඒ වනවිට බි්‍රතාන්‍යය සතුව තිබූ ගුවන් යානා ගෙන යන එච්. එම්. එස්. හර්මිස් නෞකාව මෙයින් විශාලතම නෞකාව වූ අතර එය සහ ඉතිරි නෞකා බේරා ගැනීම සඳහා ත්‍රිමල වරායෙන් පිටතට ගෙන මාලදිවයින් කරා යාත්‍රා කරමින් තිබියදී මෙම ප්‍රහාරය එල්ලවිය. ප්‍රහාරයෙන් නෞකා සතරම මුහුදු බත් වූ අතර ඒවා අද ඇත්තේ මඩකළපුව ආශ්‍රිත මුහුදු පත්ලේය.
මුහුදේ ගිලී ඇති එක් නෞකාවක් වන්නේ බි්‍රටිෂ් සාජන් නෞකාවයි. ගැඹුරු මුහුදේ කිමිදී මෙම නෞකාව ඇති ස්ථානය සොයා ගැනීමට මෙරට ප්‍රසිද්ධ කිමිදුම්කරුවකු වන ෆිලීෂියන් ප්‍රනාන්දු මහතාට හැකිවිය.
බි්‍රටීෂ් සාජන් නෞකාව 1922 දී මහා බි්‍රතාන්‍යයේ නිව්කාල්හිදී නිෂ්පාදනය කර තිබේ. බරින් ටොන් 5867ක් වන මෙම නෞකාවේ දිග මීටර් 122 ක් වන අතර, වේගය නාවික සැතපුම් 10 කි. මෙහි අයිතිකරු වූයේ බි්‍රතාන්‍ය ටැක්ස් සමාගමයි.
බි්‍රටීෂ් සාජන් නෞකාව භාණ්ඩ ප්‍රවාහනය කරන ඉන්ධන නෞකාවක් වුවත්, මෙම නෞකාව යම් අවි ආයුධවලින් සමන්විත විය. 4.7 කාල තුවක්කුවක්, රාත්තල් 12 ගිනි අවියක්, මිලීම් අවි 02 ක් සහ ලුවිස් අවි 02 කින් සමන්විත විය. මෙම නෞකාවේ සිටි නාවිකයින් සංඛ්‍යාව 59 කි. ඒ අතර විශේෂ පුහුණුව ලැබූ ගිනි අවි භාවිතා කරන්නන් තිදෙනෙක්ද සේවය කර තිබේ.
1942 වසරේදී අප්‍රේල් 08 වන දින ඉන්ධන පටවා ගත් බි්‍රටීෂ් සාජන් නෞකාව ත්‍රිකුණාමලයේ සිට මාලදිවයිනේ ගැන් දුපත් දක්වා යාත්‍රා කිරීමට රාජකීය නාවික හමුදාවේ අද්මිරාල් සර් ජේම්ස් සෝමවිල් මහතා අණ කර තිබේ. එයට ප්‍රධාන හේතුව වූයේ ජපන් හමුදාවෙන් අති විශාල තර්ජන ඇතිවීම නිසාය.
මෙම අණ ලැබීමත් සමඟම එච්. එම්. එස්. හර්මිස් නෞකාව, වැට් ෆයර් නෞකාව, හොලිහෝක් නෞකාව සහ ඇටල්ස් ටේන් නෞකාව මාලදිවයිනේ ගැන් දූපත් බලා පිටත්ව තිබේ.
මඩකළපුව මුහුදේදී ජපන් ගුවන් යානා 80 කින් පමණ එච්. එම්. එස්. හර්මිස් නෞකාවට දැවැන්ත ප්‍රහාරයක් එල්ල කළේය.
මෙම ගුවන් යානා ගුවන් ගතව ඇත්තේ ජපන් නෞකා 03 ක් තුළින්ය. ඒ වන විට බි්‍රතාන්‍ය නෞකා 05 ක් පමණ නැංගුරම් ලා තිබුණි. මෙම ප්‍රහාරක ගුවන් යානාවලට අණදී තිබුණේ ජපන් නාවික හමුදාවේ අද්මිරාල් තුචී නගුමෝ විසිනි.
අප්‍රේල් 09 වන දින උදේ ශ්‍රී ලංකාවේ නැගෙනහිර මුහුදේ මෙම නෞකා පෙළ මාන්කේනිවලින් ගමන් කරමින් තිබූ අතර, ඊට නාවික සැතපුම් 05 ක් පමණ දුරින් ජපන් නාවික හමුදාවේ වැල් නැමති (Aichi D3 A1) ප්‍රහාරක ගුවන් යානා හර්මිස් නැවට ප්‍රහාර එල්ල කරන විට බි්‍රටීෂ් සාජන් නැවට එම ප්‍රහාරය දැක ගැනීමට හැකිව තිබේ.
එම ප්‍රහාරය දුටු බි්‍රටීෂ් සාජන් නෞකාවේ කපිතාන්වරයා වහාම ක්‍රියාත්මක වි නැවේ ගමන් මාර්ගය වෙනස් කර ගොඩබිම දෙසට වැඩිම වේගයෙන් යාත්‍රා කරන ලෙසට උපදෙස් දී තිබේ. ඒ අනුව නැව වේගයෙන් ගොඩබිම දෙසට යාත්‍රා කළේය. නමුත් බි්‍රතාන්‍ය සාජන් නෞකාවට වැඩි දුරක් ධාවනය කිරීමට නොහැකිවිය. ජපන් ගුවන් නියමුවන් ගේ ඇස බි්‍රටීෂ් සාජන් නෞකාවට එල්ල විය.
එසේ ධාවනය වෙමින් තිබූ නැව මාන්කේනි ගොඩබිමට කිලෝමීටර් 05 ක් පමණ ළංවිය. බි්‍රටීෂ් සාජන් නෞකාව ජපන් නාවික හමුදාවේ ඉලක්කය බවට පත් විය. ජපන් නාවික හමුදාවේ ගුවන් යානා 06 ක් මෙම නෞකාවට ප්‍රහාර එල්ල කර තිබේ. ප්‍රථම බෝම්බය නෞකාවේ ඉදිරිපස වම් පැත්තට පතිත වී ඇති අතර, එයින් නැව අංශක 35 ක් පැත්තකට ඇල වී ඇත. දෙවන බෝම්බය නෞකාවේ දකුණු පසට පතිත වී තිබේ. තුන්වෙනි සහ හතරවෙනි ගුවන් යානාවලින් දමන ලද බෝම්බවලින් නෞකාව දෙකඩ වී ගියේය.
මෙම ප්‍රහාරයට ගත වූයේ තත්පර 90 කටත් වඩා අඩු කාලයකි. නමුත් නැවේ සිටි සොල්දාදුවන් විසින් නැවේ තිබූ සෑම ගිනි අවියක්ම ක්‍රියාත්මක කර නැව ගිලා බැසීමට පෙර ජපන් ගුවන් යානා 02 ක්ද බිම හෙළා තිබේ. නැව දෙකඩ වී ඉදිරි කොටස යටිකුරු වී මුහුදු පතුලේ ගිලී තිබේ. දෙකඩ වුණු කොටසේ පරතරය මීටර් 15 කි.
මෙම ප්‍රහාරය එල්ල වෙන අවස්ථාවේදී එරික් පොන්ටින් නැමති නාවිකයා ලුවිස් වර්ගයට අයත් ගිනි අවියක් ක්‍රියාත්මක කර නැව බේරා ගැනීමේ දරුණු සටනක යෙදී ඇත. ඊට සෑම නැවියෙකුගෙන්ම සහාය ඔහුට ලැබී ඇත.
ජපන් නාවික හමුදාව විසින් නැවට ප්‍රහාර එල්ල කර තිබෙන්නේ නැගෙනහිර දිශාවේ සිටය. නැගෙනහිර දිශාවෙන් ප්‍රහාර එල්ල කරන විට ගුවනට නෞකාව පැහැදිලිව දිස් වුනත්, නෞකාවේ සිටින අයට ගුවන් යානය පැහැදිලිව නොපෙනෙන නිසා ගුවන් යානාවලට පහර දීමේදී නැවේ සිටි පිරිස දැඩි අපහසුතාවයකට පත්ව තිබේ. එය ජපන් ගුවන් හමුදාව යෙදු යුද උප ක්‍රමයකි.
ප්‍රහාරය එල්ල වන අවස්ථාවේ නැවේ ගමන් ගත් නාවිකයන් 59 දෙනාම දිවි ගලවා ගත් අතර, එක් නාවිකයෙක් සුළු පිළිස්සුම් තුවාලයක් ලබා තිබේ. පසුව දිවි බේරාගත් පිරිස ජීවිත ආරක්‍ෂක බෝට්ටුවලින් ගොඩබිමට පැමිණ තිබේ.
මෙම 59 දෙනාගෙන් අවසන් වරට ගොඩබිමට පැමිණ ඇත්තේ එරික් පොන්ටින් නැමති නාවිකයාය. මෙම නෞකාවේ සොක්ස් සන්ත් නැමති කෝණමානය සහ වැදගත් ලිපිද රැගෙන අවසන් පුද්ගලයා ලෙස ජීවිත ආරක්‍ෂක බෝට්ටුවට නැඟ ඇත.
පසුව දුපොන්ටින් නැමති නාවිකයා 1942 වසරේ නොවැම්බර් මස එංගලන්තයට ගිය අතර, නැවට ප්‍රහාරය එල්ල කරන විට නිර්භීතව තම සොල්දාදුවන් සමග සටන්කර ජීවිත සිල්ලම බේරා ගත් නිසා ඔහුට බකින්හැම් මාලිගාවේදී බි්‍රතාන්‍ය මහ රජතුමා විසින් ක්‍රියාන්විත පදක්කම් පිරිනමා තිබේ.
දැනට මෙම නෞකාව මාන්කේනි ගොඩබිමේ සිට කිලෝමීටර් 05 කට නුදුරින් මුහුදු පතුලේ උස මීටර් අඩි 14 ක සිට 25 දක්වා මුහුදේ ගිලී ඇත. එහි පිටුපස කොටසේ ප්‍රවාහනය කරන ලද ඉන්ධන සුළු ප්‍රමාණයක් අද ද ඉතිරිව තිබේ.
පසුගිය යුද කාලයේදී මෙහි ඇති ගිනි අවි සහ සමහර කොටස් ත්‍රස්ථවාදීන් විසින් ගලවාගෙන ගොස් ඇත. මෙම බි්‍රටීෂ් සාජන් නෞකාව අද වන විට මාළු බිහි කරන ස්ථානයක් බවට පරිවර්ථනය වී තිබේ. ඉතා අලංකාර කොරල්පරවලින් සහ මත්ස්‍ය සම්පත් මෙම නැවේදී නිතර දැක ගැනීමට හැකි විය.
පසුගිය වකවානුවේදී මෙම නැව ආසන්නයේ ඩයිනමයිට් යොදා මසුන් මැරූ බවට සාක්‍ෂි ද ලැබී තිබේ. බි්‍රටීෂ් එච්. එම්. හර්මිස් නෞකාව පිළිබඳව තොරතුරු සොයා යමින් සිටි ලංකාවේ ප්‍රසිද්ධ කිම්දුම්කරුවෙකු වන ෆිලීසියන් ප්‍රනාන්දු මහතාට බි්‍රටීෂ් සාජන් නෞකාව පිළිබඳව තොරතුරු ලබා දී ඇත්තේ එම ප්‍රදේශයේ ධීවරයින් විසින්ය.
පසුව ෆිලීෂියන් ප්‍රනාන්දු මහතා පළමුව 2001 වසරේ සැප්තැම්බර් මාසයේදී බි්‍රටීෂ් සාජන් නැවට කිමිදී තිබේ. මෙම නැවට කිමිදී ඡායාරූප ද ලබාගෙන තිබේ. අද වන විට මෙම නෞකාව දර්ශණීය කොරල්පරවලින් වැසී ගොස් ඇත. මේ වෙන විට ෆීලීසියන් ප්‍රනාන්දු මහතා පනස් වතාවක් මෙම නැවට ගොස් ඇතැයි අප සමග පැවැසීය.
මඩකළපුව පාසි කුඩා වෙරළේ සිට සැතපුම් 15ක් පමණ දුරින් බි්‍රටීෂ් සාජන් නැව ඇති අතර කිමිදීමට ආසාවක් ඇති විදේශීය සංචාරකයින්ට මෙන්ම දේශීය සංචාරකයින්ටද මෙම නැව නැරැඹීමට හැකි බව ෆිලිසියන් ප්‍රනාන්දු මහතා පවසයි.
අම්පාර වසන්ත චන්ද්‍රපාල