මන්ත්‍රී රක්ෂණය අහෝසි කරන්න - රවි කරුණානායකගෙන් යෝජනාවක්


ප්‍රේමකීර්ති රණතුංග  

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට දැනට ලබාදෙන රක්ෂණය අහෝසි  කිරීම සඳහා පෞද්ගලික මන්ත්‍රී යෝජනාවක් පාර්ලිමේන්තුවේ න්‍යාය පුස්තකයට ඇතුළත් කිරීමට තම අස්සනින් යුතුව භාර දුන් බව පාර්ලිමේන්තු මන්ත්‍රී රවි කරුණානායක ඉරිදා ලංකාදීපයට පැවසීය.

මේ වනවිට මන්ත්‍රීවරයෙකුට වසරකට ගෙවූ රුපියල් ලක්ෂ දහයක රක්ෂණය රුපියල් ලක්ෂ දෙක හමාර දක්වා අඩු කරන බව රජය ඉකුත් දා පැවසූ අතර රවි කරුණානායක මන්ත්‍රීවරයා මෙම යෝජනාව ඉදිරිපත් කර ඇත්තේ එම රක්ෂණය සම්පූර්ණයෙන්ම අහෝසි කිරීම අරමුණු කරගෙනය.

”‍ආණ්ඩුව නිතරම මන්ත්‍රීවරුන් ඉලක්ක කරගෙන ඔවුන් වැඩි වරප්‍රසාද ලබාගන්නා බව පෙන්වන්න උත්සාහ කරනවා. මේක වැරදි මතයක්. අපිට රක්ෂණයක් වුවමනා නැහැ සම්පූර්ණ රක්ෂණයම අහෝසි  කරන්නයි මම පාර්ලිමේන්තුවට යෝජනාව ඉදිරිපත් කළේ”‍ යැයි මන්ත්‍රීවරයා සඳහන් කළේය.