උපුල් වික්‍රමසිංහ
මෙවර මහ මැතිවරණයේ අපේක්ෂකයන් ලැබූ මනාප අනුව වාර්තා කිහිපයක් තැබීමට මාලිමාවේ ප්‍රධාන පෙළේ නායකයෝ සමත්ව සිටිති. ගම්පහ දිස්ත්‍රික්කය නියෝජනය කළ ඇමැති විජිත හේරත් ඡන්ද හත්ලක්ෂ දහසයදහස් හත්සිය පහළොවක් (716,715) ලබා ගනිමින් මහ මැතිවරණ ඉතිහාසයේ අපේක්ෂකයෙකු ලබාගත් වැඩිම මනාප ප්‍රමාණය ලබා ගැනීමට සමත් විය. මීට පෙර මේ වාර්තාවට හිමිකම් කියූවේ 2020 මහ මැතිවරණයේ දී කුරුණෑගල දිස්ත්‍රික්කයෙන් මනාප 527,364ක් ලබාගත් මහින්ද රාජපක්ෂය.
එසේම කොළඹ දිස්ත්‍රික්කය නියෝජනය කළ අගමැතිනි ආචාර්ය හරිනි අමරසූරිය මනාප හයලක්ෂ පනස්පන්දහස් දෙසිය අසූනවයක් (655,289) ලබා කොළඹ දිස්ත්‍රික්කෙය් අපේක්ෂකයකු මැතිවරණ ඉතිහාසයේ ලබාගත් වැඩිම මනාප ප්‍රමාණයක් ලබාගැනීමට සමත් විය. කළුතර දිස්ත්‍රික්කයේ මෙතෙක් අපේක්ෂකයෙකු ලැබූ වැඩිම මනාප ප්‍රමාණය ලබා ගැනීමට ජාතික ජන බලවේගයේ කළුතර කණ්ඩායම් නායක වෛද්‍ය නලින්ද ජයතිස්ස සමත් වූයේය. ඔහු ලැබූ ඡන්ද සංඛ්‍යාව 371,640 කි. මහනුවර ජාජබ කණ්ඩායම් නායකයා වූ ලාල් කාන්ත මනාප 316,951 ක් ලබා ගනිමින් මහනුවර දිස්ත්‍රික් වාර්තාවක් පිහිටු වූයේය.
එසේම මාතර කණ්ඩායම් නායකයා වූ සුනිල් හඳුන්නෙත්ති මනාප ඡන්ද 249,251 ක් ලබා ගැනීමට සමත් විය. එය ද මාතර දිස්ත්‍රික් අපේක්ෂකයෙකු මහමැතිවරණ ඉතිහාසයේ ලබාගත් වැඩිම මනාප සංඛ්‍යාව ලෙස දැක්වේ. බදුල්ල දිස්ත්‍රික් නායකයා වූ සමන්ත විද්‍යාරත්න ද මනාප 208,247 ක් ලබමින් එම දිස්ත්‍රික්කයේ වාර්තාව පිහිටුවූයේය. එසේම ගාල්ල දිස්ත්‍රික් කණ්ඩායම් නායකයා වූ නලින්ද හේවගේ ඡන්ද 274,707 ක් ලබා ගනිමින් එම දිස්ත්‍රික්කයේ වාර්තාව පිහිටුවූයේය.
මීට අමතරව කුරුණෑගල කණ්ඩායම් නායකයා වූ නාමල් කරුණාරත්න ද මනාප 356,969 ක් ලබා ගැනීමට සමත් වූයේය.