ඉන්දික හේවාවිතාරණ
මොරටුව හා ඌව වෙල්ලස්ස වෛද්‍ය පීඨවල ශිෂ්‍ය කණ්ඩායම් අධ්‍යාපනය ලැබුවත් තවමත් මෙම පීඨ දෙක සඳහා ස්ථිර ගොඩනැගිලි හෝ මහාචාර්ය ඒකක නොමැති බව වෛද්‍ය පීඨ ශිෂ්‍ය ක්‍රියාකාරී කමිටුව සඳහන් කරයි. මීට අමතරව සබරගමුව හා වයඹ විශ්වවිද්‍යාලවල වෛද්‍ය පීඨ සඳහා ස්ථිර මහාචාර්ය ඒකක නොමැති බවද එම වෛද්‍ය පීඨ දෙක සඳහා ඇත්තේ තාවකාලික මහාචාර්ය ඒකක බව ද එම කමිටුව පෙන්වා දෙයි.
මොරටුව වෛද්‍ය පීඨයෙහි මේ වෙන විට ශිෂ්‍ය කණ්ඩායම් හතරක් අධ්‍යාපනය ලබන අතර පූර්ව සායනික ගොඩනැගිල්ලක් කටුබැද්ද ප්‍රදේශයේ ඉදිකිරීම ආරම්භ කළ ද එහි ඉදිකිරීම් කටයුතු පවා නිසි ලෙස සිදු නොවෙන බව ද ඔවුහු කියති.
කළුතර ශික්ෂණ රෝහලෙහි මහාචාර්ය ඒකක සකස් කිරීමට සැලසුම් කළ ද එම කටයුතු නිසි ලෙස සිදුනොවන බව වෛද්‍ය පීඨ ශිෂ්‍ය ක්‍රියාකාරී කමිටුව චෝදනා කරයි.
මෙම වෛද්‍ය පීඨය ආරම්භ කර මේ වෙන විට වසර පහකට ආසන්න කාලයක් ගත වී තිබෙන අතර, ඌව වෙල්ලස්ස වෛද්‍ය පීඨවල පළමු වසර කණ්ඩායම අධ්‍යාපනය ලබන බවත්, දෙවැනි කණ්ඩායම ඉදිරි කාලයේදී බඳවා ගැනීමට නියමිතව තිබෙන බවත් සඳහන් කරයි.
මහාචාර්ය ඒකක බදුල්ල ශික්ෂණ රෝහලෙහි ඉදිකිරීමට අදාළව පසුගිය වසරේ නොවැම්බර් මාසයේදී මුල්ගල තැබීම් සිදුකළත් එහි ඉදිකිරීම කටයුතු පවා නිසි ලෙස සිදුනොවන බව ශිෂ්‍ය ක්‍රියාකාරී කමිටුව පෙන්වා දෙයි. එම කමිටුව මෙසේද සඳහන් කරයි.
“මෙම පීඨයටත් ස්ථිර ගොඩනැගිලි නොමැත. වෙල්ලස්ස විශ්ව විද්‍යාලයට අයත් ගොඩනැගිල්ලක පීඨය පවත්වාගෙන යයි. පීඨය ඉදිකිරීම සඳහා මුල්ගල තබා තිබුණද අදාළ ඉදිකිරීම් පවා නිසි ලෙස සිදුනොවේ.
වයඹ වෛද්‍ය පීඨයට අදාළව සිසුන් විසින් කුරුණෑගල රෝහලෙහි වාට්ටු වෙන්කරගෙන මහාචාර්ය ඒකකයක් ලෙස පවත්වාගෙන යමින් අධ්‍යාපන කටයුතු සිදුකරයි. සබරගමුව වෛද්‍ය පීඨයට අදාළව රත්නපුර රෝහලෙහි වාට්ටු වෙන් කර මහාචාර්ය ඒකක සකස් කර තිබේ. මෙම වාට්ටුවල වෛද්‍ය පීඨ සිසුහු අධ්‍යාපනය ලබති. මෙම රෝහලෙහි මහල් 09 කින් යුත් ගොඩනැගිල්ලක් ඉදිකිරීම ආරම්භ කර ඇතත් ඉදිකිරීම් අවසන් වීමට තවත් වසර කිහිපයක් ගත විය හැක.
මේ නිසා වෙල්ලස්ස වෛද්‍ය පීඨයෙහිද මොරටුව වෛද්‍ය පීඨයෙහිද අදාළ ඉදිකිරීම් කටයුතු කඩිනම් කිරීමට බලධාරීන් පියවර ගත යුතුය.”