අලුත්ම ණය වාර්තාව එළියට
සුජිත් හේවාජුලිගේ
ලංකාවේ සාමාන්‍ය පවුලක් වෙනුවෙන් රජය ලබාගෙන ඇති ණය ප්‍රමාණය මේ වසරේ ජූලි මාසය වනවිට ලක්ෂ 48ක් දක්වා ඉහළ ගොස් ඇති බව මුදල් අමාත්‍යාංශ සහ මහ බැංකු වාර්තා පෙන්වා දෙන්නේ යැයි පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යා හා සංඛ්‍යාන අධ්‍යයන අංශයේ මහාචාර්ය වසන්ත අතුකෝරළ මහතා ඉරිදා ලංකාදීපයට පැවසීය.
ඉකුත් වසර පහ සමඟ සංසන්දනය කිරීමේදී ලංකාවේ එක පවුලක් වෙනුවෙන් ගත් ණය ප්‍රමාණය ලක්ෂ විසි හයකින් ඉහළ ගොස් ඇතැයිද ඔහු සඳහන් කළේය.
රජය එක් පවුලක් වෙනුවෙන් 2019 වර්ෂයේදී ලබාගෙන ඇති ණය ප්‍රමාණය 2,211,471කි. මේ වසරේ ජූලි මාසය වන විට රජය එක් පවුලක් වෙනුවෙන් ලබාගෙන ඇති ණය ප්‍රමාණය 4,819,256 ක් බව පෙන්වා දෙන මහාචාර්යවරයා එක් පවුලක් වෙනුවෙන් ලබාගෙන ඇති ණය ප්‍රමාණය මේ අනුව 2,606,563 කින් ඉහළ ගොස් ඇතැයි ද සඳහන් කළේය.
එක් පවුලක් වෙනුවෙන් ගත් ණය ප්‍රමාණය සියයට 65 කින් පමණ වැඩි වී ඇත්තේ දේශීය වශයෙන් ලබාගත් ණය හේතුවෙන් බව ඔහු පෙන්වා දුන්නේය. එක් පවුලක් වෙනුවෙන් ගත් ණය ප්‍රමාණය විදේශ ණය හේතුවෙන් වැඩි වී ඇත්තේ සියයට තිස්පහකින් බව මහා බැංකු වාර්තාවල දැක්වෙන්නේ යැයිද හෙතෙම සඳහන් කළේය.
මේ අතර 1972 - 78 කාලයේදී අවුරුද්දකදී ඉහළ ගිය (ණය වැඩිවීම) ඒක පුද්ගල ණය ප්‍රමාණය රුපියල් 158කි.
1978 - 88 කාල සීමාවේදී වසරකදී ඉහළ ගිය ඒක පුද්ගල ණය ප්‍රමාණය රුපියල් 1030 කි. 1989 - 93 අතර කාලයේදී අවුරුද්දකට රුපියල් 2477කි. 1993- 94 කාලයේදී රුපියල් 3371කි. 1995 - 2005 අතර කාලයේදී රුපියල් 77,118 කි. 2006 - 2014 කාලයේදී රුපියල් 25,561කි. 2015 - 19 අතර කාල සීමාවේදී රුපියල් 37,525කි. 2020 - 22 අතර කාලයේදී රුපියල් 198,494 කි. 2022 - 24 කාලසීමාවේදී රුපියල් 104,287කි.