වැටුප් වල සැබෑ අගය පහළට - මහාචාර්ය වසන්ත අතුකෝරළ


   රැකියාව කරන අතර වෙනත් රැකියා කිරීමේ නැඹුරුවක්

සුජිත් හේවාජුලිගේ


රාජ්‍ය අංශයේ සේවකයෙකුගේ වැටුපෙහි සත්‍ය අගය (මූර්ත) සියයට තිස් හයකින්ද, අවිධිමත් පෞද්ගලික අංශයේ සේවකයෙකුගේ වැටුපෙහි සත්‍ය අගය සියයට විස්සකින්ද 2020 - 2024 අතර කාලයේදී අඩුවී ඇතැයි මහ බැංකු තොරතුරු වාර්තා අනුව පෙනී යන බව පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යා සහ සංඛ්‍යාන අධ්‍යයන අංශයේ මහාචාර්ය වසන්ත අතුකෝරළ මහතා ඉරිදා ලංකාදීපයට පැවසීය.

වැටුප්වල සත්‍ය අගය මෙසේ පහත වැටීමෙන් ජනතාවගේ මිලදී ගැනීමේ හැකියාව බරපතළ ලෙස  දුර්වල වී ඇතැයිද ඔහු සඳහන් කළේය. මේ අනුව සලකා බලන විට 2020 වර්ෂය වන විට රුපියල් 50,000ක පමණ වැටුපක් ලැබූ අ​ෙයකුගේ එම වැටුපේ සත්‍ය අගය අද ​ෙවනවිට රුපියල් 32,000ක් දක්වා පහළ ගොස් ඇතැයි පවසන මහාචාර්යවරයා රුපියල් ලක්ෂයක වැටුපක් ගත් අයෙකුගේ එම වැටුපෙහි සත්‍ය අගය  රුපියල් 64,000ක් බවද සඳහන් කළේය.

රුපියල් දෙලක්ෂයක වැටුපක් ගත් අෙයකුගේ එම වැටුපේ සත්‍ය අගය  රුපියල් එක් ලක්ෂ විසි අට දහසක් බවද අතුකෝරළ මහතා පැවසීය. රුපියල් ලක්ෂයකට වැඩි වැටුපක් ගත් අෙයකුට බදු ගෙවීමටද  සිදුවීමෙන් මිලදී ගැනීමේ හැකියාව තවත් අඩු වී ඇතැයි ඔහු කීවේය.

මිලදී ගැනීමේ හැකියාව අඩුවීමත් සමග ජනතාවගේ ජීවන තත්වය පහළ යෑම හේතුවෙන් රාජ්‍ය සහ පෞද්ගලික අංශයේ කාර්යක්ෂමතාව සහ ඵලදායිතාවද පහළ ගොස් ඇතැයි පෙන්වා දෙන වසන්ත අතුකෝරළ මහතා රාජ්‍ය අංශයේ වැඩ කරන පිරිස් මේ හේතුවෙන් එම රැකියා කරන අතරේදී වෙනත් ද්විතීක රැකියා සඳහා ක්‍රම ක්‍රමයෙන් යොමු වන තත්වයක් පෙනෙන්නට ඇති බවද  ප්‍රකාශ කළේය.