බි්‍රතාන්‍ය යටත් විජිත සමයේ ත්‍රීකුණාමලය චීනවරායේ ඉදිකරන ලද තෙල් ටැංකි සංකීර්ණය ඉන්දියාවට බදුදීම සම්බන්ධයෙන් මේ දිනවල උණුසුම් තත්ත්වයක් මතුව තිබේ. දෙවැනි ලෝක යුද සමයේ ඉන්දියානු සාගරයේ වැදගත්ම වරාය ත්‍රීකුණාමලය වූ අතර එම වරාය කේන්ද්‍ර කර ගනිමින් චීනවරාය තෙල් ටැංකි සංකීර්ණය ඉදි කිරීම් ඇරඹෙන්නේ, 1928 වසරේදීය.
ලෝකයේ විශාලතම හා ස්වාභාවික හොඳම වරායන් පනහ අතරට ත්‍රීකුණාමලය වරාය ඇතුළත්වීම හා හදිසි යුදමය අවස්ථාවකදී එහි ඇති වැදගත්කම සැලකිල්ලට ගත් බි්‍රතාන්‍යයන් වරාය පරිශ්‍රය ආසන්නයේ මෙම තෙල් ටැංකි සංකීර්ණය ඉදි කරනුයේ, බි්‍රතාන්‍ය රාජකීය නාවික හමුදාවේ අවශ්‍යතා පදනම් කර ගනිමිනි. විශේෂයෙන් බි්‍රතාන්‍ය රාජකීය නාවික හමුදාවේ දකුණු ආසියානු ඉන්ධන මධ්‍යස්ථානය ලෙස 1928 වසරේ දී චීනවරාය තෙල් ටැංකි සංකීර්ණයෙහි ඉදි කිරීම් ආරම්භ කර 1938 වසර වන විට ඉදි කිරීම් අවසන් කර තිබේ.
අක්කර 850 පමණ සමන්විත භූමි භාගයක ඉදි කිරීම් ඇරඹෙන මෙම තෙල් ටැංකි සංකීර්ණය ඉන්ධන ටැංකි 103 කින් සමන්විත බව කියැවුණද, බි්‍රතාන්‍යයන් සැබැවින්ම ඉන්ධන ටැංකි ඉදිකර ඇත්තේ 99 කි.
ජලය ගබඩා කිරීම සඳහා ටැංකි දෙකක් ඉදිකර ඇති අතර, බටහිර ජාතීන් අංක 99 අසුබ ඉලක්කමක් සේ සලකන බැවින් අංක 98 ටැංකියෙන් පසු 99 ටැංකිය ඉදි නොකොට 100 ඉදි කර ඇති බව කියැවේ.
කෙසේ වෙතත්, මෙම ඉදිකිරීම් සිදුකළ රාජකීය වැඩ දෙපාර්තමේන්තුව 99 වැනි ටැංකියේ අත්තිවාරම පමණක් ඉදි කොට ටැංකිය කුඩා ආකෘතියක් සේ රනින් නිම කළ බව සදහන්ය. ගිනි අනතුරු අවම කර ගැනීමේ අරමුණින් වරාය ආශ්‍රිත ස්වාභාවික නිම්නයක මෙම තෙල් ටැංකි ඉදි කෙරෙන අතර, එම පිහිටීම අදටද ආසියාවේ තෙල් ටැංකි සංකීර්ණයක හොඳම පිහිටීම වේ.
චීනවරාය තෙල් ටැංකි සංකීර්ණය කොටස් දෙකකින් සමන්විත වන අතර, වරාය ආශ්‍රිත ප්‍රදේශ සී.බී ලෙසත්, අනෙක් කොටස සී.වී ලෙසත් නම්කර තිබේ. සී.බී කොටසේ ඉන්ධන ටැංකි 14ක් ලෙසත්, සී.වී කොටසේ ඉන්ධන ටැංකි 85ක් ලෙසත් මෙම තෙල් ටැංකි සංකීර්ණය ඉදිකර තිබේ.
මෙම ඉන්ධන ටැංකියක ඉන්ධන ධාරිතාව මෙටි්‍රක් ටොන් 12,500 හෙවත්, ලීටර් එක්කෝටි හතළිස් ලක්ෂ හතළිස් හතර දහසකි. ටැංකියක උස අඩි 45ක් වන අතර, විශ්කම්භය අඩි 118 කි. වට ප්‍රමාණය අඩි 365 ලෙස සඳහන්ය. ඉදිකිරීම් සිදුකර ඇති සමාගම නිශ්චිතව සදහන් කර නැතත්, බි්‍රතාන්‍ය රාජකීය නාවික හමුදාවේ ක්ෂේත්‍ර සිවිල් ඉංජිනේරු දෙපාර්තමේන්තුව විසින් ඉදි කිරීම් සිදු කෙරුණු බව කියන සමරු ඵලක ආදිය අදටද චීනවරාය තෙල් නිමාවේ දැකිය හැකිය. මෙම තෙල් ටැංකි සංකීර්ණය තුළ භූගතව කිලෝ මීටර් 56 ක පමණ දුරකට විහිදෙන සේ ඉන්ධන නළ එළා ඇති බව සඳහන්ය.
ඉංග්‍රීසීන් මෙම ඉන්ධන ටැංකි ඉදි කිරීමට වැඩි වශයෙන් වහල් සේවකයන් යොදවා ගත් බවත්, එහිදී අප්‍රිකානු කම්කරුවන් හෙවත් කාපිරි ජාතිකයනට විශේෂ සථානයක් හිමි වී ඇති බවත් පැවසේ. මෙම ටැංකි ඉදි කිරීමේ දී ඝන වානේ තහඩු එකිනෙක පිරිද්දීම සිදුකර ඇත්තේ, වෑද්දුම් තාක්ෂණය (රිවට්) ඔස්සේ වීම විශේෂත්වයකි.
ඒ සඳහා වැඩි වශයෙන් යොදා ගෙන ඇත්තේ කාපිරී කාන්තාවන්ය. දිනකට එක් කාන්තාවක් යකඩ ඇණ පනහක් පිරිද්දිය යුතු අතර, ඒ සදහා පිත්තල මිටි යොදා ගත් බවද සඳහන්ය.
කොන්ක්‍රීට් ආවරණය යෙදු ටැංකි පෙළක්.
මෙම තෙල් ටැංකි සංකීර්ණය ඉදි කිරීමේ දී මුහුද ආශ්‍රිත ඉන්ධන ටැංකි සියල්ල ඝන කොන්ක්‍රීට් ස්තරයකින් ආවරණය කිරීමට ඉංග්‍රීසීන් වග බලාගෙන ඇත. මුහුදු මාර්ගය ඔස්සේ සබ්මැරීන් ප්‍රහාරයක් එල්ලවේයැයි යන සැකයෙන් එසේ කොන්ක්‍රීට් ආවරණයක් යෙදු බව එක් මතයකි. මුහුදු ආශ්‍රීත ඉන්ධන ටැංකි මළකෑමේ අවදානමක් පවතින බැවින් එම තත්ත්වය අවම කිරීමට මෙසේ කොන්ක්‍රීට් ආවරණයක් යෙදු බව අනෙක් මතයයි. කෙසේ වෙතත්, මේ වන විට සීබී පරිශ්‍රයේ පිහිටි බොහොමයක් ඉන්ධන ටැංකිවල එම කොන්ක්‍රීට් ආවරණයන් ඉන්දියානු තෙල් සමාගම විසින් ඔවුන්ගේ අවශ්‍යතා මත කඩා ඉවත් කරනු ලැබ ඇත.
කාපේරි ජාතිකයන්ට අමතරව බුරුම, චීන හා ඉතාලි ජාතිකයන්ද වහල් සේවකයන් ලෙස ඉංග්‍රීසීන් මේ සඳහා යොදවා ගෙන ඇති අතර, ඔවුන් රඳවා තැබු ස්ථානයන් වර්තමානයේත්, බුරුම කඳවුර, ඉතාලි කඳවුර, චීනන්වාඩි ලෙස ව්‍යහාරයේ පවතී.
මේ වන විට ලංකාවේ ප්‍රචලිත හොර මත්පැන් පානයක් වන කසිප්පු නිෂ්පාදනය මෙරටට හඳුන්වා දී ඇත්තේ, වහල් සිරකරුවන් ලෙස මෙරටට පැමිණි ඉතාලි ජාතිකයන් බව මෑතකදී වියෝවු ත්‍රීකුණාමලය පාලයුත්තු පදිංචිව සිටි අල්පොන්සු මහතා පවසා ඇත. හෙතෙම කුඩා අවධියේම වහලෙකු ලෙස මෙරටට පැමිණි කාපෙරි ජාතිකයෙකි. එසේ වහලු_න් ලෙස මෙරටට පැමිණි කාපෙරියන්ගේ පරම්පරාවේ පිරිස් අදටද ත්‍රීකුණාමලය පාලයුත්තු ප්‍රදේශයේ වෙසෙති.
උපායශීලි ලෙස ඉංග්‍රීසීන් මෙම ඉන්ධන ටැංකි සියල්ලේම ඉන්ධන ගබඩා කිරීම සිදුකර නොමැත. පෙට්‍රල්, ඩීසල්, භූමි තෙල්, දැවි තෙල් හා ටර්බයින් (ගුවන් යානා ඉන්ධන) මෙම තෙල් ගබඩා සංකීර්ණයේ ගබඩා කර ඇති අතර, හදිසි අවස්ථාවකදී එක් ටැංකියක ඉන්ධන තවත් ටැංකියකට සීරුමාරු කළ හැකි සේ ප්‍රවාහන නළ පද්ධතිය ස්ථාපිත කොට තිබේ. එසේම ඉන්ධන මෙරටට ගෙන ඒමට මෙන්ම ඉන්ධන අලෙවියටද ලෝකයේ දැනට පවතින ඕනෑම ප්‍රමාණයේ විශාල නෞකා නැංගුරම්ලා හැකි ඩොල්ෆින් ජැටිය නමින් නැංගුරම් පොළක් ඉදිකිරීමටද ඉංග්‍රීසීහු අමතක නොකළහ. පසුගිය යුද ගැටුම් සමයේ, උතුරේ මෙහෙයුම් කටයුතු සඳහා වැඩි වශයෙන් යොදා ගත්තේ, මෙම ජැටියයි.
නෞකා මගින් මෙරටට රැගෙන එන ඉන්ධන ටැංකි සංකීර්ණයට ගෙන යාමටත්, ඉන්ධන ටැංකි සංකීර්ණයේ ගබඩා කර ඇති ඉන්ධන නෞකාවලට ටැංකිවලට හා දුම්රිය බෝගිවලට හුවමාරු කිරීම සඳහාත් පොම්පාගාර දෙකක් සී.බී හා සී.වී යන ප්‍රදේශයන්හි ඉදිකොට ඇත. සී.බී කොටසේ පිහිටි පොම්පාගාරයේ අශ්වබල 200ක බලයකින් සමන්විත එංජින් දෙකක් ද, සීවී ප්‍රදේශයේ පිහිටි පොම්පාගාරයේ අශ්ව බල 180 සමන්විත එංජින් දෙකකින්ද යුත්තය.
මෙම පොම්පාගාර දෙකට යොදා ගෙන ඇති සියලු උපාංග එවකට එංගලන්තයේ කීර්තිමත් සමාගම් දෙකක් වන ඇලන් ඇන්ඞ් සන් හා මර්ලිෂ් යන සමාගම්වලට අයත්ය. මේ වන විට එම සමාගම් එංගලන්තයේ නැතත්, එහි නිෂ්පාදන තව දුරටත් ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක වනුයේ, යටත් විජිත සමයේ මතක තව දුරටත් සිහි ගන්වමිනි.
අසූව දශකයේ ඉන්ධන ලබාගැනීම සදහා ත්‍රිකුණාමලයට පැමිණි බි්‍රතාන්‍ය නෞකාවක කපිතාන්වරයා මෙම පොම්පාගාරය දැක මවිත වී ඇත්තේ, මේ වන විට ඇලන් ඇන්ඞ් සන් සමාගම හෝ එහි නිෂ්පාදන බි්‍රතාන්‍යයේද නොමැති තත්ත්වයක ශ්‍රී ලංකාවේ තවදුරටත් එම නිෂ්පාදන ආරක්ෂා වී තිබීම සම්බන්ධයෙනි.
ඒ පිළිබද මතකය අවදි කරන ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ විශ්‍රාමික සේවක ඩබ්.පී. බන්දු වීරවර්ධන මහතා මෙසේ කියන්නේය.
“ඒ කාලේ පිටරට නැව්, තෙල් ගන්න නිතරම චීනවරායට එනවා. එහෙම ආපු බි්‍රටිෂ් නැවක කැප්ටන් කෙනෙක් අපේ පොම්ප් හවුස් එකේ දුම් බටෙන් පිට වෙන දුම දැකලා අපේ පොම්පාගාරේ බලන්න ආවා. එයා පොම්පාගාරේ එංජින් මෝටර් දැකලා ගල් ගැහිලා වගේ බලා ගෙන ඉඳලා කිව්වා, මේ ඇලන් කොම්පැනිය අපේ සීයලාගේ පරම්පරාවට අයිති කොම්පැනියක්. හැබැයි, අද වෙන කොට මේ කොම්පැනිය තිබ්බ තැන තියෙන්නේ, ලෝක ප්‍රසිද්ධ සාප්පු සංකීර්ණයක්. ඒ වගේම මේ එංජින් කිසිම දෙයක් අපේ රටේ මේ වෙන කොට නැහැ කියලා. පස්සේ, මේ කැප්ටන් අපේ බලධාරීන්ගෙන් මේ එංජින් දෙක ඉල්ලුවා එයාලගේ රටට කෞතුක වස්තූන් විධිහට ගෙනි යන්න. ඒ වෙනුවට විශාල මුදලකුත් නවීන පන්නයේ එංජින් සහිත පොම්පාගාරයක් සවිකරලා දෙන්නත් ඒ බි්‍රටිෂ් කැප්ටන් පොරොන්දු වුණා. නමුත්, එදා හිටිය ආයතන බලධාරීන් ඒකට එකඟ වුණේ නැහැ. ඊට පස්සේ ඒ කැප්ටන් පොම්පාගාරේ සියලු දේවල් පොටෝ ගහ ගෙන යන්න ගියා. අදටත් මේ පොම්පාගාර ක්‍රියාත්මක කිරීමේ හැකියාව තිබෙනවා..”
දෙවැනි ලෝක යුද සමයේ ත්‍රීකුණාමලය තෙල් ටැංකි සංකීර්ණය බි්‍රතාන්‍ය ප්‍රමුඛ මිත්‍ර හමුදාවේ ප්‍රධානතම සැපයුම් මධ්‍යස්ථානය බවට පත්වීම හා ජපනුන් විසින් ඊට බෝම්බ හෙළීම මෙම තෙල් ටැංකි පිළිබද වැඩි වශයෙන් කතා බහට ලක්වන ඉතිහාස ගත සිද්ධියයි.
1942 වසරේ අප්‍රේල් 29 වැනි දින සී. වී. ප්‍රදේශයේ පිහිටි 91 ටැංකියට ජපාන ගුවන් යානයක් කඩා වැටීම හා එම ටැංකිය මුළුමනින් ගිනි ගෙන දැවීයාම පිළිබඳ මතක සටහන් අදටත් ත්‍රීකුණාමලය තෙල් ටැංකි සංකීර්ණය තුළ දැකිය හැක.
මෑතකදී කොන්ක්‍රීට් ආවරණය ඉවත් කළ ටැංකියක්.
මෙම ප්‍රහාරය සියැසින් දුටු රාජකීය ගුවන් හමුදාවේ බුද්ධි අංශ නිලධාරියෙකු වු මිචෙල් ටොම්ලින්සන් සඳහන් කර තිබුණේ, තෙල් ටැංකියට ප්‍රහාර එල්ල කළ යානාවේ ජපන් ජාතිකයන් තිදෙනකු සිටි බවයි. ප්‍රහාරයෙන් පසු ඔවුන් තිදෙනා ෂිගෙනොරි වටනබේ, ටොක්යා ගොවො සහ සුවොමු ටොෂිහිරා ලෙස හඳුනා ගෙන තිබුණි.
ටොම්ලිසන් පවසා තිබුණු අන්දමට මෙම ප්‍රහාරක යානාව තම ඉලක්කය හොඳින් නිරීක්ෂණය කරමින් ටැංකිය වටා වට කිහිපයක් පියාසර කොට, එක වරම ඉලක්කය නොවරදින සේ තෙල් ටැංකියට යානාව ගැටෙන සේ පතිත වී තිබේ.
තෙල් ටැංකියට එල්ලවු ප්‍රහාරය සම්බන්ධයෙන් බි්‍රතාන්‍ය යුද හමුදාවේ, ලුතිනන් කර්නල් ජී. පී. තෝමස් මීට වෙනස් මතයක් ඉදිරිපත් කොට තිබේ. ජපන් ප්‍රහාරක යානා වරායේ නැංගුරම්ලා තිබු යුද නෞකාවලට ප්‍රහාර එල්ල කරමින් සිටියදී ඉතා පහළින් ගමන් කරමින් ප්‍රහාර එල්ල කළ එක් යානාවකට තෙල් ටැංකි සංකීර්ණය හා ගුවන් හමුදා කඳවුර අතර පිහිටි කඳු ගැටයක ස්ථාපිත කර තිබු හරිකේන් හා ෆුල්මාක්ස් නැමැති අති ප්‍රබල අවි වලින් දැවැන්ත ප්‍රහාරයක් එල්ල කොට තිබේ.
එහිදී බරපතළ හානි සිදු වූ එම ප්‍රහාරක යානාව වෙඩි ප්‍රහාර මධ්‍ය හි ප්‍රහාර එල්ල කළ ස්ථානයට බෝම්බ හෙළා එම ප්‍රහාරක අවිය නිහඬ කරවා ඒ ආසන්නව පිහිටි තෙල් ටැංකියකට බෝම්බයක් හෙළා තිබේ. එහෙත්, එම අවස්ථාව වන විට එහි ඉන්ධන පුරවා නොතිබු හෙයින් බරපතළ හානියක් සිදුවී නොමැත. එම ප්‍රහාරයෙන් එම ටැංකිය විනාශ වී ගොස් ඇති අතර, ඊට යාබදව පිහිටි ඉන්ධන සහිත 06- ටැංකියට සුළු හානි සිදුව ඇත. එම ටැංකි වටා ඝන කොන්ක්‍රීට් ආවරණයක් යොදා තිබු බැවින් මහා විනාශයක් වැළකී තිබුණි.
ජපනුන්ගේ ප්‍රහාරයට ලක්වු 91 ඉන්ධන ටැංකිය හා එහි පිහිටුවා ඇති සටහන.
හරිකේන් හා ෆුල්මාක්ස් අවිවලින් බරපතළ හානි සිදුවු ජපන් ප්‍රහාරක යානාව තෙල් ටැංකි අංගනයේ අභ්‍යන්තරයට පියාසර කොට, 91- ඉන්ධන ටැංකිය වෙත යොමු වෙනුයේ, මරාගෙන මැරෙන ප්‍රහාරයක් එල්ල කොට විශාල හානියක් සිදු කිරීමේ අදහසිනි.
මින් ඇතිවු පිපිරුමෙන් ප්‍රදේශයම කම්පනය වී ඇති අතර, යානය පිපිරීමෙන් විසිවූ කැබලි ඉන් කිලෝ මීටර් තුනක් පමණ එපිටින් ත්‍රීකුණාමලය - හබරණ මාර්ගයේ 4 කණුව ප්‍රදේශයට පතිත වී තිබු බව කියවේ. 91 ටැංකියට ප්‍රහාර එල්ල කළ ගුවන් යානාවේ එංජිම් ද්විත්වයෙන් එකක් මෑතක් වන තුරුත් එම ස්ථානයේ කෞතුක වස්තුවක් ලෙස ප්‍රදර්ශනයට තබා තිබුණද, මේ වන විට එය යකඩ හොරුන් අස්ථාන ගත කොට ඇත.
යානාව 91 ටැංකියට පතිතවීමත් සමග ටැංකිය ගිනිගෙන දැවුණ අතර, එම ගින්න දින 07ක් පුරා පැවති බවත් ප්‍රදේශයේ අහස මුළුමනින්ම කළු දුමෙන් හා රත් පැහැ ගිනි දැල්වලින් පිරී තිබුණ බවත් කියැවේ. ජපනුන් විසින් ත්‍රීකුණාමලය වරායට හා තෙල් ටැංකියට ප්‍රහාර එල්ල කෙරෙන අවස්ථාවේ, චීනවරාය ප්‍රදේශයේ වෙළෙදසලක සේවය කළ එම්. ජී. ඇඞ්වින් මහතා මීට වසර හැත්තෑ හතරකට පෙර එම බිහිසුණු අත්දැකීම අත්විඳි දැනට ජීවතුන් අතර සිටින අතළොස්සකින් එක් අයෙකි.
තෙල් ටැංකි සංකීර්ණයට අයත් ජැටිය.
මේ වන විට මෙම 91 ටැංකිය සංචාරක ආකර්ෂණය හිමිකර ගත් ස්ථානයක් බවට පත්ව ඇතත්, ඉන්දීය තෙල් සමාගමේ නිසි අවසරයකින් තොරව ඊට ඇතුළු විය නොහැක. 2002 වසරේ එවකට පැවති එක්සත් ජාතික පෙරමුණ රජය විසින් ත්‍රීකුණාමලයේ පිහිටි මෙම තෙල් ටැංකි සංකීර්ණයේ, සී. බී. ප්‍රදේශයේ ටැංකි 14ක් ඉන්දීය තෙල් සමාගමට කල්බදු ක්‍රමය යටතේ බදු දීම සිදු නෙරෙණු අතර, ඉතිරි ටැංකි 85 තාවකාලික භාරකාරත්වයද එම සමාගම සතු කරවීය.
ඉන්දියාව, චීනය, ඇමෙරිකාව වැනි ලෝකයේ ප්‍රමුඛ රටවල් රැසක් මේ වන විට ත්‍රීකුණාමලයේ පිහිටි මෙම තෙල් ටැංකි සංකීර්ණයට ඇස ගසා ගෙන සිටිනුයේ, එහි ඇති කලාපීය හා භූගෝලීය වැදගත්කම හේතුවෙන් මිසක, ඉන්ධන වෙළෙඳාම සඳහා නොවන බව නොරහසකි.
මේ වන විටත් හම්බන්තොට වරාය චීනය සතුවීම නොරිස්සන ඉන්දියාව ත්‍රීකුණාමලය වරායේ අයිතිය උදෙසා පිඹුරුපත් සකසමින් සිටියි. එහිදී වරාය පරිශ්‍රයේම පිහිටි තෙල් ටැංකි සංකීර්ණය විශේෂිතය.
ඉංග්‍රීසීන් විසින් ඉදිකළ පොම්පාගාර ද්විත්වය.
2002 වසරේ දී ත්‍රීකුණාමලයේ පිහිටි මෙම තෙල් ටැංකි සංකීර්ණයේ අයිතිය ලංකා ඛනිජ තෙල් සංස්ථාවෙන් ඉන්දියානු තෙල් සමාගම වෙත පැවරෙද් දී සී.වී. ප්‍රෙදේශයේ පිහිටි ටැංකි 85 යම් තරමකින් ආරක්ෂා වී තිබුණද, අද වන විට එහි තත්ත්වය වඩාත් කනගාටුදායකය. එහි බොහෝ කොටස් යකඩ හොරුන් විනාශ කර දමා ඇති අතර, නඩත්තුවක් නොමැති කමින් ටැංකිද දිර දිරායමින් පවතී. ඉන්දියන් තෙල් සමාගම විසින් මෙයෙයුම් කෙරෙන සී. බී. කොටසේ ඉන්ධන ටැංකි 14 හා එම නිමාව මේ වන විට ශීග්‍ර සංවර්ධනයක් ලබා තිබෙන බවද මෙහිදී මතක් කළ යුතුය.
තවත් වසර සියයක් ගත වුවද, ලංකා රජය මෙම ටැංකි සංකීර්ණයෙන් නිසි ප්‍රයෝජනයක් ගනු ඇතැයි සිතිය නොහැක. ලංකාවේ දැනට පවතින ඉන්ධන අවශ්‍යතාවට කොළොන්නාවේ හා මුතුරාජවෙල ටැංකි සංකීර්ණය ප්‍රමාණවත් බව බලධාරින්ගේ අදහසයි. එනිසා දිරා යමින් පවතින මෙම ටැංකි වෙනත් රටකට හෝ ආයතනයකට බදු දීම හෝ විකිණීම හෝ පිළිබඳව දෙවරක් සිතිය යුතු නැති මුත්, එය රටට වාසිදායක හා ලාභදායි ගනුදෙනුවක් බවට පත්කර ගැනීම රජය සතු යුතුකම වන්නේය.
සටහන / ඡායාරූප : ත්‍රීකුණාමලය
මංගලනාත් ලියනආරච්චි