සුජිත් හේවාජුලිගේ සහ නිමල කොඩිතුවක්කු
මෙවර පාර්ලිමේන්තු මහ මැතිවරණයට දිවයිනේ විවිධ දිස්ත්‍රික්කවලින් ඉදිරිපත් වූ හිටපු මැති ඇමතිවරු අසූ හතක් පරාජයට පත් වූහ.
හිටපු මැති ඇමතිවරුන් මෙපමණ විශාල සංඛ්‍යාවක් එකවර පරාජයට පත් වූ පළමු අවස්ථාව මෙය බව දේශපාලන ආරංචි මාර්ග සඳහන් කළේය.
මහින්ද අමරවීර, මහින්දානන්ද අලුත්ගමගේ, අජිත් රාජපක්ෂ, නිපුණ රණවක, කාංචන විජේසේකර, මනූෂ , වෛද්‍ය රමේෂ් පතිරණ, සම්පත් අතුකෝරල, ජොන්ස්ටන් ප්‍රනාන්දු, පවිත්‍රා වන්නිආරච්චි, එස්.එම්. චන්ද්‍රසේන, ශෂීන්ද්‍ර රාජපක්ෂ, රොෂාන් රණසිංහ, දිලුම් අමුණුගම, ජානක වක්කුඹුර, විදුර වික්‍රමනායක, ඉන්දික අනුරුද්ධ, ප්‍රසන්න රණවීර, මදුර විතානගේ, ප්‍රේමනාත් සී. දොළොවත්ත, ජගත් කුමාර සුමිත්‍රආරච්චි, පියල් නිශාන්ත, ආචාර්ය චන්න ජයසුමන, දුමින්ද දිසානායක, වීරසුමන වීරසිංහ, සංජීව එදිරිමාන්න, හරීන් ප්‍රනාන්දු, කෝකිලා හර්ෂණී ගුණවර්ධන, ඩී.බී හේරත්, චරිත හේරත්, සිසිර ජයකොඩි, අනූප පැස්කුවල්, ඩිලාන් පෙරේරා, රංජිත් සියඹලාපිටිය, ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන්, බන්දුලාල් බණ්ඩාරිගොඩ, චන්දිම වීරක්කොඩි, ඩී. වීරසිංහ, අනුර ප්‍රිය දර්ශන යාපා, අසංක නවරත්න, ශාන්ත බණ්ඩාර, මංජුලා දිසානායක, රුවන් විජයවර්ධන, නිමල් ලාන්සා, අශෝක ප්‍රියන්ත, චින්තක මායාදුන්නේ, ලසන්ත අලගියවන්න, වසන්ත යාපා බණ්ඩාර, තිස්ස අත්තනායක, අර්ල් ගුණසේකර, රන්ජන් රාමනායක, වඩිවෙල් සුරේෂ්, නලින් ප්‍රනාන්දු, උපුල් මහේන්ද්‍ර, මිලාන් ජයතිලක, සරත් වීරසේකර, සුසිල් ප්‍රේමජයන්ත, ඉසුරු දොඩංගොඩ, මොහාන් ප්‍රියදර්ශන ද සිල්වා, ප්‍රේමලාල් ජයසේකර, චන්ද්‍රසිරි මුතු කුමාරණ, රාජිකා වික්‍රමසිංහ, තාරක බාලසූරිය, නාලක බණ්ඩාර කෝට්ටේගොඩ, මුදිතා පියදර්ශනී සොයිසා, ජගත් ප්‍රියංකර, සුමිත් උඩුකුඹුර, අරුන්දික ප්‍රනාන්දු, විජිත බේරුගොඩ, රාජිත සේනාරත්න, සිවනේශතුරේ චන්ද්‍රකාන්තන්, නිමල් සිරිපාල ද සිල්වා, බුද්ධික පතිරණ, එරාන් වික්‍රමරත්න, මනෝ ගනේෂන් සහ හිරුණිකා ප්‍රේමචන්ද්‍ර, අශෝක අබේසිංහ, තුෂාර ඉඳුනිල් අමරසේන, ලලිත් එල්ලාවල, ලලිත් වර්ණ කුමාර, විජිතමුණි සොයිසා, නියෝමාල් පෙරේරා, පියසේන ගමගේ, වසන්ත සේනානායක සහ ජයරත්න හේරත් එම හිටපු මැති ඇමතිවරු වෙති.
මෙයට අමතරව මහ මැතිවරණයට ඉදිරිපත් වූ සර්ව ජන බලය නායක ව්‍යවසායක දිලිත් ජයවීර, එම පක්ෂයෙන් පොළොන්නරුව දිස්ත්‍රික්කයට තරග වැදුණු හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ පුත් දහම් සිරිසේන, එක්සත් ප්‍රජාතන්ත්‍රවාදී හඬ පක්ෂයෙන් කළුතර දිස්ත්‍රික්කයට තරග වැදුණු හිටපු ක්‍රිකට් ක්‍රීඩක තිලකරත්න ඩිල්ෂාන්, හිටපු රාජ්‍ය අමාත්‍ය අභාවප්‍රාප්ත සනත් නිශාන්ත මහතාගේ බිරිඳ වන නීතිඥ චමරි පෙරේරා යන මහත්මා මහත්මීහුද මහ මැතිවරණයෙන් පරාජයට පත් වූහ.
මේ අතර හිටපු මැති ඇමති අසූවකට වැඩි පිරිසක් ආර්ථික ප්‍රශ්න ඇතුළු විවිධ හේතු මත මෙවර පාර්ලිමේන්තු මහ මැතිවරණයට ඉදිරිපත් වීමෙන් වැළකී සිටියහ.