(කේ.ජී.කපිල )
රුපියල් එක් කෝටි පනස් ලක්ෂයක් වටිනා පරිගණක , ජංගම දුරකථන සහ සපත්තු තොගයක් නීතිවිරෝධී ලෙස මෙරටට රැගෙන විත් , ඒවා කටුනායක ගුවන් තොටුපොළෙන් පිට කර ගෙන යමින් සිටි ගුවන් මගියකු අත්අඩංගුවට ගත් බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ කියයි.
මොහු කොළඹ , ගුණසිංහපුර ප්‍රදේශයේ පදිංච් 43 හැවිරිදි ව්‍යාපාරිකයෙකි.
ඔහු විසින් රැගෙන ආ ගමන් මලු තුළ ලැප්ටොප් පරිගණක 35 ක් , ටැබ් පරිගනක 03 ක් , අයි ෆෝන් 10 ක් , මෙමරි කාඩ් චිප් 100 ක් සහ සපත්තු තොගයක් සඟවා ගෙන සිටියදී මෙම අත් අඩංගුවට ගැනීම සිදු කර තිබුණි .