2021 වසරත් ගෙවී ගියේය. 2020 වසර මෙන්ම 2021 වසරේද වැඩි කාලයක් අපට ඔට්ටු ෙවන්නට සිදු වූයේ තවම නිමා වී නැති කොවිඩ් 19 වසංගතයත් සමගය. කොවිඩ් 19 සමගම තරගකාරී ලෙස පෙරට පැමිණි තවත් තේමාවක් වූයේ නම් ඒ මේ වෙන විට උච්ඡස්ථානයට පැමිණ ඇති ආර්ථික අර්බුදයයි. ගෙවී ගිය 2021 වසරේ කොවිඩ් 19, දේශපාලන, මත්ද්‍රව්‍ය හා අපරාධ, ක්‍රීඩා සහ රිය අනතුරු යන අංශවල වාර්තා වූ සුවිශේෂ සිදුවීම් ගැන කෙරෙන ආවර්ජනයක් මෙසේය.
කොවිඩ් 19
ජනවාරි 08 වැනි දින රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා කොවිඩ් 19 ආසාදිතයකු වශයෙන් හඳුනා ගැනීම.
ජනවාරි 10 වැනි දින ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ නායක රාවුෆ් හකීම් මහතා කොවිඩ් 19 ආසාදිතයකු වශයෙන් හඳුනා ගැනීම.
ජනවාරි 11 වැනි දින අමාත්‍ය වාසුදේව නානායක්කාර මහතා කොවිඩ් 19 ආසාදිතයකු වශයෙන් හඳුනා ගැනීම.
ජනවාරි 18 වැනි දින රාජ්‍ය අමාත්‍ය පියල් නිශාන්ත මහතා කොවිඩ් 19 ආසාදිතයකු වශයෙන් හඳුනා ගැනීම.
ජනවාරි 18 වැනි දින ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමේ සාමාජිකයන් වෙන බිනුර ප්‍රනාන්දු හා චාමික කරුණාරත්න කොවිඩ් 19 ආසාදිතයන් වශයෙන් හඳුනා ගැනීම.
ජනවාරි 23 වැනි දින එවකට සෞඛ්‍ය අමාත්‍යවරිය වූ වර්තමානයේ ප්‍රවාහන අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය හා මන්ත්‍රී වසන්ත යාපා බණ්ඩාර මහතා කොවිඩ් 19 ආසාදිතයන් වශයෙන් හඳුනා ගැනීම.
ජනවාරි 27 වැනි දින රාජ්‍ය අමාත්‍ය අරුන්දික ප්‍රනාන්දු කොවිඩ් 19 ආසාදිතයකු වශයෙන් හඳුනා ගැනීම.
ජනවාරි 28 වැනි දින ඉන්දියාවෙන් ඇස්ට්‍රාසෙනෙකා එන්නත් තොගයක් ප්‍රදානයක් ලෙස ලැබීම
එදිනම ඕස්ට්‍රේලියාවේ Lowy lnstitue ආයතනය කොවිඩ් 19 පාලනය සම්බන්ධයෙන් සකස් කළ වාර්තාවකට අනුව ලෝකයේ වඩාත් ඵලදායක ලෙස මේ වසංගතය පාලනය කළ රටවල් ලැයිස්තුවේ ශ්‍රී ලංකාව 10 වැනි ස්ථානයේ පසු වෙන බව නිවේදනය කිරීම.
ජනවාරි 29 වැනි දින ඉන්දියාවෙන් ප්‍රදානයක් ලෙස ලැබුණු ඇස්ට්‍රාසෙනෙකා එන්නත් ජනතාවට ලබා දීම ආරම්භ කිරීම.
පෙබරවාරි 02 වැනිදා මෙරට කොවිඩ් 19 ආසාදිත පළමු වෛද්‍යවරයාගේ මරණය වශයෙන් වෛද්‍ය ගයාන් දන්තනාරායන මහතාගේ අභාවය සිදු වීම.
පෙබරවාරි 03 වැනි දින එවකට ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමේ පුහුණුකරු වූ මිකී ආතර් මහතා හා ක්‍රීඩක ලහිරු තිරිමාන්න කොවිඩ් 19 ආසාදිතයන් වශයෙන් හඳුනා ගැනීම.
අප්‍රේල් 25 වැනි දින මෙරට කොවිඩ් 19 ආසාදිතයන් සංඛ්‍යාව 100,000 සීමාව ඉක්මවා යෑම.
පෙබරවාරි 12 වැනි දින එවකට බ්‍රිතාන්‍යයේ පැතිර ගිය B .1.1.7 නමැති කොවිඩ් 19 ප්‍රභේදය ආසාදිත කීපදෙනෙකු මුල්වරට කොළඹ, අවිස්සාවේල්ල, වවුනියාව සහ බියගම යන ප්‍රදේශවලින් ලබා ගත් සාම්පලවලින් හමුවීම.
පෙබරවාරි 22 වැනි දින ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමේ වේග පන්දු යවන ක්‍රීඩක ලහිරු කුමාර කොවිඩ් 19 ආසාදිතයකු වශයෙන් හඳුනා ගැනීම.
මාර්තු 2 වැනි දින ඉරණතිව් කොවිඩ් 19 ආසාදිත මෘතදේහ භූමදානය සඳහා යොදා ගැනීම
මාර්තු 12 වැනි දින එවකට ලෝකයේ පැතිර ගිය B.1.351 නමැති දකුණු අප්‍රිකානු කොවිඩ් 19 වයිරස ප්‍රභේදය ආසාදිත පළමු ශ්‍රී ලාංකිකයා වාර්තා වීම.
මැයි 02 වැනි දින ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ආරම්භක පිතිකරුවකු වූ උපුල් තරංග කොවිඩ් 19 ආසාදිතයකු වශයෙන් හඳුනා ගැනීම.
මැයි 5 වැනි දින මෙරටින් පළමු කොවිඩ් 19 ආසාදිත ගර්භණී මවගේ අභාවය වාර්තා වීම.
මැයි 6 වැනි දින රුසියාවේ නිෂ්පාදිත ස්පුට්නික් වී එන්නත මෙරටදී එන්නත්කරණය ඇරඹීම.
මැයි 8 වැනි දින ප්‍රථම වතාවට දිනකට මෙරටින් වාර්තා වෙන කොවිඩ් 19 ආසාදිත මරණ සංඛ්‍යාව 20 ඉක්මවමින් මරණ 22 ක් සිදු වීම.
මැයි 8 වැනි දින චීනයේ නිෂ්පාදිත සයිනෝෆාම් එන්නත බස්නාහිර පළාතේ පදිංචි ජනතාව වෙනුවෙන් එන්නත්කරණය ආරම්භ කිරීම.
මැයි 09 වැනි දින මුල්වරට මෙරටින් වාර්තා වූ දෛනික ආසාදිතයන් ප්‍රමාණය 2000 සීමාව අබිබවමින් ආසාදිතයන් 2672 ක් හඳුනා ගැනීම.
මැයි 18 වැනි දින වාර්තා වූ කොවිඩ් 19 ආසාදිත මරණ 34 ත් සමග සමස්ත කොවිඩ් 19 මරණ සංඛ්‍යාව 1000 සම්පූර්ණ වීම.
මැයි 19 වැනි දින පාර්ලිමේන්තු මන්ත්‍රී මරුඩපාණ්ඩි රාමේෂ්වරන් කොවිඩ් 19 ආසාදිතයකු වශයෙන් හඳුනා ගැනීම.
මැයි 23 වැනි දින විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස හා ඔහුගේ බිරිඳ කොවිඩ් 19 ආසාදිතයන් වශයෙන් හඳුනා ගැනීම.
මැයි 25 වැනි දින පාර්ලිමේන්තු මන්ත්‍රී නලින් බණ්ඩාර හා ඔහුගේ බිරිඳ කොවිඩ් 19 ආසාදිතයන් වශයෙන් හඳුනා ගැනීම.
ජූනි 10 වැනි දින මෙරටින් වාර්තා වන කොවිඩ් 19 ආසාදිත මරණ සංඛ්‍යාව 2000 සීමාව ඉක්මවීම
ජූලි 4 වැනි දින ෆයිසර් එන්නත් මාත්‍රා 26000 ක් ලැබීම හා ෆයිසර් එන්නත ලද පළමු දකුණු ආසියාතික රට බවට ශ්‍රී ලංකාව පත් වීම.
අගෝස්තු 3 වැනි දින කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා කොවිඩ් 19 ආසාදිතයකු වශයෙන් හඳුනා ගැනීම.
අගෝස්තු 6 වැනි දින පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ජානක තිස්සකුට්ටිආරච්චි, රෝහණ දිසානායක සහ දිලීප් වෙදාරච්චි කොවිඩ් 19 ආසාදිතයන් වශයෙන් හඳුනා ගැනීම.
අගෝස්තු 6 වැනි දින හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතා කොවිඩ් 19 ආසාදිතයකු වශයෙන් හඳුනා ගැනීම.
අගෝස්තු 7 වැනි දින ප්‍රථම වතාවට මෙරටින් දිනකට වාර්තා වෙන කොවිඩ් 19 ආසාදිත මරණ සංඛ්‍යාව 100 ඉක්මවීම.
අගෝස්තු 17 වැනි දින මෙරටින් කොවිඩ් 19 ඩෙල්ටා ප්‍රභේදයේ උප ප්‍රභේද තුනක් හඳුනා ගැනීම. ඒවා නම් කරන ලද්දේ SA222V, SA701S, SA1078S වශයෙනි.
අගෝස්තු 24 වැනි දින හිටපු අමාත්‍ය මංගල සමරවීර මහතා කොවිඩ් 19 ආසාදිතව රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටියදී ජීවිතක්ෂයට පත් වීම.
අගෝස්තු 24 වැනි දින රාජ්‍ය අමාත්‍ය ජානක වක්කුඹුර මහතා කොවිඩ් 19 ආසාදිතයකු වශයෙන් හඳුනා ගැනීම.
අගෝස්තු 25 වැනි දින මෙරටින් වාර්තා වූ කොවිඩ් 19 ආසාදිත මරණ 209 ත් සමග දිනකදී වාර්තා වූ කොවිඩ් 19 මරණ සංඛ්‍යාව පළමු වරට 200 සීමාව ඉක්මවා යෑම.
සැප්තැම්බර් 4 වැනි දින මෙරටේ සමස්ත කොවිඩ් 19 ආසාදිත මරණ සංඛ්‍යාව දස දහස ඉක්මයාම.
ඔක්තෝබර් 1 වැනි දින මුළු දිවයිනටම බලපැවැත්වෙන පරිදි පනවා තිබූ නිරෝධායන ඇඳිරි නීතිය අලුයම 4 ට ඉවත් කිරීම.
නොවැම්බර් 19 වැනි දින කොවිඩ් 19 ඩෙල්ටා ප්‍රභේදයේ නව උපප්‍රභේදයක් ශ්‍රී ලංකාවෙන් හඳුනා ගැනීම. එය B 1.617.2.104 ලෙස නම් කෙරිණි.
දෙසැම්බර් 3 වැනි දින මෙරටින් පළමු කොවිඩ් 19 ඔමික්‍රෝන් ප්‍රභේදය ආසාදිත අවුරුදු 25 ක් වයසැති තරුණිය හමුවීම.
දේශපාලන
ජනවාරි 12 වැනි දින අධිකරණයට අපහාස කිරීමේ චෝදනා මත පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතාට බරපතළ වැඩ සහිත වසර හතරක සිර දඬුවම් නියම වීම.
අප්‍රේල් 5 වැනි දින වහාම ක්‍රියාත්මක වෙන පරිදි පාම් තෙල් ආනයනය කිරීම ජනාධිපතිවරයා විසින් තහනම් කරනු ලැබීම.
අප්‍රේල් 6 වැනි දින පාස්කු ඉරු දින ත්‍රස්ත ප්‍රහාරයේ මහ මොළකරු හැටියට නවුෆර් මවුලවි හඳුනා ගැනීම.
අප්‍රේල් 9 වැනි දින රන්ජන් රාමනායක මහතා සිරදඬුවම් ලැබීම හේතුවෙන් හිස් වුණු ඔහුගේ පාර්ලිමේන්තු ආසනය වෙනුවෙන් අජිත් මාන්නප්පෙරුම මහතා කතානායකවරයා ඉදිරියේ දිවුරුම් දීම.
අප්‍රේල් 24 වැනි දින පාස්කු ඉරු දින ත්‍රස්ත ප්‍රහාරකයන්ට ආධාර හා අනුබල දීම යන චෝදනා යටත් හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් හා ඔහුගේ සොහොයුරු රියාද් බදියුදීන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අත්අඩංගුවට පත් වීම.
පෙබරවාරි 14 වැනි දින කොවිඩ් 19 ආසාදිතව ප්‍රතිකාර ලබමින් සිටි විජමු ලොකුබණ්ඩාර මහතා අභාවප්‍රාප්ත වීම.
මැයි 20 වැනි දින එක්ස්ප්‍රස් පර්ල් නෞකාව මෙරට මුහුදු සීමාවේදී ගිනි ගැනීමට ලක් වීම.
ජූනි 24 වැනි දින හිටපු මන්ත්‍රී භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර මහතාගේ ඝාතනය සම්බන්ධයෙන් දඬුවම් ලැබ සිරගතව සිටි පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා මහතා විශේෂ ජනාධිපති සමාවක් යටතේ නිදහස් කිරීම.
ඔක්තෝබර් 3 වැනි දින රහසිගත වත්කම් හා ගනුදෙනුවලට සම්බන්ධ පුද්ගලයන් පිළිබඳව තොරතුරු අනාවරණය කරමින් ප්‍රසිද්ධ කළ පැන්ඩෝරා පත්‍රවල හිටපු අමාත්‍ය නිරූපමා රාජපක්ෂ මහත්මියගේ හා ඔහුගේ සැමියා වන තිරුකුමාර් නඩේශන් යන අයගේ නම් ඇතුළත්ව තිබීම.
ඔක්තෝබර් 28 වැනි දින ලෝක සෞඛ්‍ය සංවිධානයේ කොවිඩ් 19 සම්බන්ධයෙන් උපදෙස් දෙන තාක්ෂණික කමිටුවේ සාමාජිකයකු ලෙස මහාචාර්ය නීලිකා මලවිගේ මහත්මිය පත් කිරීම.
නොවැම්බර් 12 වැනි දින 2022 වසර සඳහා වෙන අයවැය ලේඛනය ඉදිරිපත් කිරීම.
නොවැම්බර් 29 වැනි දින හිටපු ශ්‍රී ලංකා ක්‍රිකට් නායක අර්ජුන රණතුංග එක්සත් ජාතික පක්ෂ සාමාජිකත්වයෙන් ඉල්ලා අස් වීම.
දෙසැම්බර් 10 වැනි දින අයවැය තෙවැනි වර කියවීම වැඩි ඡන්දයෙන් සම්මත වීම.
කලාව
ජූලි 30 වැනි දින ජනප්‍රිය නිළි හයසින්ත් විජේරත්න මහත්මිය නුවරඑළිය ප්‍රදේශයේ සිදු වූ රිය අනතුරකින් ජීවිතක්ෂයට පත් වීම.
අගෝස්තු 23 වැනි දින මෙරට යූටියුබ් වීඩියෝවක් නැරඹුම් වාර මිලියන 50 පසු කළ පළමු අවස්ථාව හැටියට නව පරපුරේ ගායිකා යොහානි ද සිල්වා හා සතීෂාන් රත්නායක ගායනා කළ මැණිකේ මගේ හිතේ නමැති ගීතයට සිදු කළ ආවරණ ගීතයට හිමි වීම.
සැප්තැම්බර් 6 වැනි දින මෙරට ප්‍රකට සංගීතඥයකු වූ සුනිල් පෙරේරා මහතා කොවිඩ් 19 ආසාදිතව ප්‍රතිකාර ගනිමින් සිටියදී ජීවිතක්ෂයට පත් වීම.
ක්‍රීඩා
පෙබරවාරි 18 වැනි දින ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමේ වේග පන්දු යවන්නකු වූ ධම්මික ප්‍රසාද් අන්තර්ජාතික ක්‍රිකට් පිටියෙන් සමුගන්නා බව නිවේදනය කිරීම.
ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමේ හිටපු ආරම්භක පිතිකරුවකු වන උපුල් තරංග අන්තර්ජාතික ක්‍රිකට් පිටියෙන් සමුගන්නා බව නිවේදනය කිරීම.
මාර්තු 3 වැනි දින ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ දඟ පන්දු යවන ක්‍රීඩක අකිල ධනංජය එකම තරගයකදී කඩුලු ත්‍රිත්වයක් ලබා ගත් හා එක් පන්දු වාරයකදී හයේ පහර හයක් ලබා දුන් පළමු අන්තර්ජාතික ක්‍රීඩකයා බවට පත් වීම.
ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ පිහිනුම් ක්‍රීඩක රොෂාන් අබේගුණසේකර විසින් පැය 28 යි මිනිත්තු 19 සහ තත්පර 43 ක කාලයකදී පෝක් සමුද්‍ර සන්ධිය හරහා පිහිනා යමින් නව ආසියානු වාර්තාවක් පිහිටුවනු ලැබීම.
මැයි 3 වැනි දින ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමේ තුන් ඉරියව් ක්‍රීඩක තිසර පෙරේරා අන්තර්ජාතික ක්‍රිකට් පිටියෙන් සමුගන්නා බව නිවේදනය කිරීම.
ජූනි 27 වැනි දින ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ එංගලන්ත සංචාරය අතරතුරදී ධනුෂ්ක ගුණතිකල, කුසල් මෙන්ඩිස් සහ නිරෝෂන් දික්වැල්ල යන ක්‍රීඩකයන් ජෛව බුබුල උල්ලංඝනය කරමින් එරට වීදියක ගැවසීම හේතුවෙන් වහාම ක්‍රියාත්මක වන පරිදි අදාළ සංචාරයෙන් ඉවත් කර නැවත ලංකාවට ගෙන්වීම.
ජූලි 31 වැනි දින වේග පන්දු යවන ක්‍රීඩක ඉසුරු උදාන අන්තර්ජාතික ක්‍රිකට් පිටියෙන් සමුගන්නා බව නිවේදනය කිරීම.
සැප්තැම්බර් 3 වැනි දින අන්තර්ජාතික තරුණ ලෝක කුසලාන චෙස් තරගාවලියේ අවසන් තරගයේදී ඊට සහභාගී වූ රත්නපුර ෆගියුසන් විදුහලේ ඉගෙන ගන්නා ඕශිනී දේවින්ද්‍යා ගුණවර්ධන (අවුරුදු 09) දැරිය රන් පදක්කම දිනා ගැනීම.
ඔක්තෝබර් 13 වැනි දින හිටපු ශ්‍රී ලංකා ක්‍රිකට් නායක මහේල ජයවර්ධන මහතාගේ නම අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සලය මගින් ප්‍රකාශයට පත් කළ Hall of fame ක්‍රීඩකයන් තිදෙනාගේ ලැයිස්තුවට ඇතුළත් වීම.
නොවැම්බර් 21 වැනි දින ජාත්‍යන්තර තරග තීරකයකු වන රංජන් මඩුගල්ල මහතා ටෙස්ට් තරග 200 ක තරග තීරකවරයා වශයෙන් කටයුතු කළ පළමු පුද්ගලයා බවට පත් වීම.
මත්ද්‍රව්‍ය හා අපරාධ
ශ්‍රී ලංකා පොලිස් මාධ්‍ය කොට්ඨාසයෙන් ලද තොරතුරුවලට අනුව මේ වසරේ නොවැම්බර් 25 දක්වා කාලය ඇතුළත මත්ද්‍රව්‍ය සම්බන්ධ සිද්ධි 20439 ක් වාර්තා වී ඇති අතර ඒවාට අදාළව අත්අඩංගුවට ගෙන ඇති සැකකරුවන් ගණන 20481 කි. අත්අඩංගුවට ගෙන ඇති මුළු හෙරොයින් ප්‍රමාණය කිලෝ 1341 ග්‍රෑම් 612 කි.
අදාළ කාලයේදී කැනබීස් (ගංජා) කිලෝ ග්‍රෑම් 6074 ක් අත්අඩංගුවට ගෙන ඇත. මුළු සිදු වීම් ගණන 17225 කි. අත්අඩංගුවට ගෙන ඇති සැකකරුවන් ගණන 16603 කි.
2021 වසරේ දෙසැම්බර් මස 24 වැනි දින දක්වා වූ කාලය ඇතුළත සිදුව ඇති මනුෂ්‍ය ඝාතන ප්‍රමාණය 516 කි. ඒවායෙන් විසඳා ඇති නඩු සංඛ්‍යාව 472 කි.
නිවාස බිඳුම් සම්බන්ධ සිද්ධි 6584 ක් වාර්තා වී ඇති අතර ඒවායෙන් 3254 ක් විසඳා තිබේ.
කොල්ලකෑම් 2201 ක් වාර්තා වී අතර එයින් විසඳා ඇති ප්‍රමාණය 1367 කි.
මාර්තු 1 වැනි දින හිස රහිත කාන්තා මළ සිරුරක් බහා තිබූ විශාල ගමන් මල්ලක් කොළඹ ග්‍රෑන්ඩ්පාස් ප්‍රදේශයේදී හමු වීම. පසුව අදාළ කාන්තාව රත්නපුර කුරුවිට ප්‍රදේශයේ පදිංචි 30 වියැති අවිවාහක තරුණියක බව හඳුනා ගැනුණු අතර ඇගේ මරණයට වගකිවයුතු බුත්තල පොලිසියට අනුයුක්තව සේවය කළ පොලිස් නිලධාරියා සිය දිවි හානි කරගෙන සිටියදී සොයා ගැනීම. කෙසේවෙතත් එම තරුණියගේ හිස මෙතෙක් සොයා ගෙන නැත.
අප්‍රේල් 10 වැනි දින පොලිසියට අවශ්‍යව සිටි මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු වන 44 වියැති සරත් කුමාර නොහොත් චෙටී නමැත්තා මුල්ලේරියාව ප්‍රදේශයේ පිහිටි නිවෙසක බංකරයක් ඇතුළත සැඟවී සිටියදී පොලිස් විශේෂ කාර්ය බළකා නිලධාරීන් පිරිසක් විසින් අත්අඩංගුවට ගනු ලැබීම.
අප්‍රේල් 13 වැනි දින අන්තවාදය පැතිරවීමේ චෝදනා මතා සහරාන් හසීම්ගේ බිරිඳගේ පියා පොලිස් අත්අඩංගුවට පත් වීම.
මැයි 11 වැනි දින මෙරටේ නමගිය පාතල සාමාජිකයකු වූ මාඹුලගේ දිනෙත් මෙලාන් මාඹුල නොහොත් ඌරු ජුවා පොලිස් වෙඩි ප්‍රහාරයකින් මිය යෑම.
මැයි 13 වැනි දින රටේ තවත් ප්‍රබල පාතාල සාමාජිකයකු වූ තාරක පෙරේරා විජේසේකර නොහොත් කොස්ගොඩ තාරක නමැත්තා මීරිගම ප්‍රදේශයේදී පොලිසිය එල්ල කළ වෙඩි ප්‍රහාරයකින් මරුමුවට පත් වීම.
ජූලි 18 වැනි දින එවකට 16 වැනි වියෙහි පසු වූ ජූඩ් කුමාර් ඉශාලිනී නමැති දැරිය හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතාගේ නිවෙසේ සේවය කරමින් සිටියදී බරපතළ පිළිස්සුම් තවාල ලබා අභිරහස් ලෙස මිය යෑම.
ජූලි 23 වැනි දින ජූඩ් කුමාර් ඉශාලිනී දැරියගේ ඝාතනයට සැකපිට හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන්ගේ බිරිඳ හා තවත් දෙදෙනෙකු පොලිස් අත්අඩංගුවට පත් වීම.
සැප්තැම්බර් 3 වැනි දින පාතාල සාමාජිකයකු වූ අමිල ප්‍රසන්න හෙට්ටිහේවා නොහොත් ෂන්සයින් සුද්දා මාතර ප්‍රදේශයේ සිදු කළ වෙඩි තැබීමකින් ඝාතනයට ලක් වීම.
ඔක්තෝබර් 4 වැනි දින සපුගස්කන්ද ප්‍රදේශයේදී ගමන් බෑගයක තිබී අත් පා ගැට ගසා තිබූ කාන්තා මළ සිරුරක් හමු වීම.
නොවැම්බර් 26 වැනි දින අපරාධ රැසකට සම්බන්ධ හේවා ලුණුවිලගේ ලසන්ත නොහොත් ටින්කර් ලසන්ත පොලිසිය සමග ඇති වූ වෙඩි හුවමාරුවකදී මරුමුවට පත් වීම.
රිය අනතුරු
2021 ජනවාරි 1 දා සිට නොවැම්බර් 19 වැනි දින දක්වා කාලය ඇතුළත රිය අනතුරුවලට අදාළව පොලිස් මාධ්‍ය කොට්ඨාසයෙන් ලද තොරතුරු පහත පරිදිය.
අදාළ කාලය ඇතුළත සිදු ව ඇති මුළු රිය අනතුරු සංඛ්‍යාව 18701 කි. එයින් 4754 ක් බරපතළ රිය අනතුරුය. 7243 ක් වාර්තා වී ඇත්තේ සුළු තුවාල රිය අනතුරු වශයෙනි. 4669 අලාභ පමණක් සිදු වූ රිය අනතුරුය.
එම රිය අනතුරුවලින් මිය ගිය ගණන 2122 කි. ඒවායෙන් මිය ගිය වැඩි පිරිස යතුරුපැදිකරුවන් වන අතර එම සංඛ්‍යාව 785 කි. මිය ගොස් ඇති පදිකයන් ගණන 595 කි.
සටහන : උපුල් වික්‍රමසිංහ