කොරෝනා පිළිබඳ ලාංකික විද්වතුන් කළ පර්ෙය්ෂණය
ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ ප්‍රතිජීව විද්‍යා හා අණුක විද්‍යා අධ්‍යයනාංශය මගින් ශ්‍රී ලංකාවේ මේ දිනවල පැතිර යන කොවිඩ් වෛරසයේ ස්වභාවය පිළිබඳ ව කළ පර්ෙය්ෂණයක් ගැන සමාජයේ දැඩි අවධානයක් යොමු ව ඇත. විශේෂයෙන්ම එම වෛද්‍ය පර්ෙය්ෂණය මගින් අනාවරණය කර ගෙන ඇති තොරතුරුවලට අනුව මිනුවන්ගොඩින් ආරම්භ වූ මෙරට දෙවැනි කොරෝනා වෛරසය ඉකුත් මාර්තු මාසයේදී ව්‍යාප්ත වූ පළමු වෛරසයට සාපේක්ෂව ජානමය වෙනස්කම්වලට ලක් වූ වෙනස් වෛරස් ප්‍රභේදයක් වන අතර එය ශීඝ්‍රයෙන් පැතිරයාමේ හැකියාවෙන්ද යුක්තය.
අදාළ වෛද්‍ය පර්ෙය්ෂණය ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ ප්‍රතිජීව විද්‍යා හා අණුක විද්‍යා අධ්‍යයනාංශයේ ප්‍රධානී මහාචාර්ය නීලිකා මලවිගේ මහත්මියගේ මූලිකත්වයෙන් යුතු විද්‍යාඥයන් කණ්ඩායමක් මගින් සිදු කර ඇති අතර ආචාර්ය චන්දිම ජීවන්දර, ආචාර්ය දෙශ්නි ජයතිලක, ආචාර්ය දිනුක ආරියරත්න, ලක්සිරි ගෝමස් සහ දියනාත් රණසිංහ යන මහත්ම මහත්මීහු පර්ෙය්ෂණ කණ්ඩායමේ සෙසු සාමාජිකයෝ වෙති. එම වෛද්‍ය පර්ෙය්ෂණය හා එමගින් මේ දිනවල ශ්‍රී ලංකාවේ පැතිර යන කොරෝනා වෛරසයෙහි ස්වභාවය ගැන අනාවරණය කර ගත් වැදගත් තොරතුරු පිළිබඳ විමසීමට අපි වෛද්‍ය පර්ෙය්ෂණ කණ්ඩායමේ ප්‍රධානී මහාචාර්ය නීලිකා මලවිගේ මහත්මිය සම්බන්ධ කර ගත්තෙමු.
ප්‍රශ්නය:- රටේ දැන් පැතිරෙන කොරෝනා වෛරසයේ ජානමය වෙනස්කම් පිළිබඳව සිදු කළ පර්ෙය්ෂණයෙන් මතු කර ගත් කරුණු ඔස්සේ ඔබට මේ වෛරසය ගැන කිව හැක්කේ කුමක්ද?
මුලින්ම කියන්න ඕන ලෝකයෙ හැම තැනම තියෙන්නෙ එකම වෛරස් එකක්. එක එක රටවල විවිධ වෛරස් නෑ. නමුත් වෛරස් එකේ සුළු ජානමය වෙනස්කම් තියෙන්න පුළුවන්. ඒ විදියට තියෙන ජානමය වෙනස්කම් මත මේ කොරෝනා වෛරසය විවිධ අයුරින් ප්‍රභේද ගත කෙරෙනවා. ඒ විදියට ජානමය වශයෙන් වෙනස් වෙන වෛරස ප්‍රභේද කොපමණ ප්‍රමාණයක් අපේ රටේ තියෙනවද සහ වෛරසය පාලනය කිරීම සඳහා ක්‍රියා කළ යුත්තෙ කොහොමද කියන එක ගැන දත්ත ලබා ගන්න තමයි අපි මේ වෛරසයෙහි ජානමය පර්ෙය්ෂණය කළේ.
පසුගිය මාර්තු මාසයෙ ඉඳන්ම අපි මේ වෛරසයෙහි ජානමය වෙනස්කම් පරීක්ෂාවට ලක් කරමින් හිටියා. මාර්තු මාසෙදි ලංකාවට විවිධ රටවලින් පුද්ගලයො ආවනෙ. ඒ නිසා වෛරසයෙහි විවිධ ප්‍රභේද දක්නට ලැබුණා. ඒ මාසෙදිම රට ලොක්ඩවුන් කළාට පස්සෙ බණ්ඩාරනායකපුර මාවත දාබරේ මාවත වැනි ප්‍රදේශවල වෛරස් පොකුරු හඳුනාගන්න ලැබුණනෙ. ඒ වෙලාවෙත් රටේ එක එක වෛරස් ප්‍රභේද තිබුණා. ඊට පස්සෙ කන්දකාඩු පොකුර ශීඝ්‍රයෙන් වර්ධනය වෙන්න පටන් ගත්තා. ඒ පොකුරෙ තිබුණෙ එකම වෛරස් ප්‍රභේදයක්.
මේ අවස්ථාවෙ ඒ කියන්නෙ කොරෝනා වෛරස් දෙවන රැල්ලක් රට ඇතුළෙ මතු වූ අවස්ථාවෙ අපි ඒ වෛරස් එකේ ජානමය වෙනස්කම් පරීක්ෂාවට ලක් කළේ සෞඛ්‍ය අමාත්‍යාංශය අපෙන් ඉල්ලීමක් කළ නිසා. මේ පර්ෙය්ෂණය සඳහා අවශ්‍ය උපකරණ ලබාගැනීම සඳහා අපිට ආධාර කළේ ලෝක සෞඛ්‍ය සංවිධානය. මෙහිදී අපිට දැනගන්න ලැබුණා දැන් රටේ තියෙන වෛරස් ප්‍රභේදය කලින් තිබුණු එකට වඩා වෙනස් කියලා.
ඒ වගේම තමයි මිනුවන්ගොඩ, පෑලියගොඩ මත්ස්‍ය වෙළෙඳපොළ හා බස්නාහිර පළාතේ තැන් තැන්වල වාර්තා වෙන වෛරස් එකම වෛරස් ප්‍රභේදයකට අයත් කියන එක. ඒවා අතර වෙනස් කම් නෑ. එකම වෛරස් එක තමයි තැනින් තැන පැතිරිලා ගිහින් තියෙන්නෙ. නමුත් මේ වෛරසය ජානමය වෙනස්වීමකට බඳුන්වෙලා තියෙනවා. ඒ නිසා මේ වෛරසය ශරීරගත වූ විට ශ්වසන තරලවල තිබෙන වෛරස් ප්‍රමාණය වැඩි වීමක් සිද්ධ වෙනවා.
ලෝකයේ හැමතැනම දකින්න ලැබෙන වෛරසය ජානමය විකෘතියකට ලක් වෙලා තියෙන්නෙ. ඒ නිසා එය පැතිරයාමේ ඉහළ විභවතාවකින් යුක්තයි. ලංකාවෙත් දැන් තියෙන වෛරසයෙ ඒ ජානමය විකෘතිය ඇති වෙලා තියෙන්නෙ. ඒ කියන්නෙ මේක ව්‍යාප්තවීමේ ඉහළ හැකියාවෙන් යුක්තයි. ඉස්සෙල්ලා රටේ පැතිර ගිය වෛරසයට වඩා දැන් රටේ තියෙන වෛරසය පැතිරීමේ ගුණයෙන් ඉහළයි. කලින් සැරේ වෛරසය ශරීරගත වූ විට ශ්වසන තරලවල තියෙන්නෙ වෛරස් මිලියනයක් නම් දැන් තියෙන වෛරස ශරීරගත වූ විට ශ්වසන තරලවල වෛරස් බිලියනයක් පමණ තිබිය හැකියි.
ප්‍රශ්නය:- ඒ කියන්නෙ වර්තමාන වෛරසය ශරීරගත වුවහොත් ශරීරය අභ්‍යන්තරයේ වෛරසය වර්ධනය වීමේ හැකියාවත් ඉහළයි ද?
පිළිතුර - ඔව්. අනිවාර්යයෙන්ම. නමුත් රෝග ලක්ෂණවල වෙනසක් නෑ. ඒ කියන්නෙ දැන් තියෙන වෛරසය ශරීරගත වුණා කියලා වැඩිපුර රෝග ලක්ෂණ පෙන්නුම් කරන්නේවත් දරුණු රෝගී තත්ත්වයට පත්වන්නේවත් නෑ. නමුත් ශ්වසන තරලවල වෛරස් ප්‍රමාණය වැඩි වීම නිසා වෛරස පැතිරී යාමේ ප්‍රමාණය ඉහළයි.
ප්‍රශ්නය:- ලංකාවේ දැන් තිබෙන කොරෝනා වෛරස් ප්‍රභේදය යුරෝපයේ ඇතැම් රටවල පැතිරයන වෛරසයට සමාන එකක් බවත් පැවසෙනවා. එහි සත්‍යතාවක් තියෙනවද ?
පිළිතුර - මෙය පැහැදිලි කළ යුතු වැදගත් කාරණයක්. ඔය කතාව කොහෙන් ආපු එකක්ද කියන්න මම දන්නෙ නෑ. මම කිව්වනෙ ලංකාවෙ දැන් තියෙන වෛරසයෙ සිදු වී තිබෙන ජානමය විකෘතිවීම් මත එහි යම් යම් ප්‍රභේද තියෙනවා කියලා. ලංකාවෙ දැන් තිබෙන ප්‍රභේදය පළමුවෙන්ම හඳුනාගත්තෙ යුරෝපා රටක. ඒකෙ තේරුම මේ වෛරස් එක යුරෝපා රටකින් ආවා කියන එක නෙවෙයි. එහෙම කියන්න කිසිම සාධකයක් නෑ. වෛරස් එකක් ජානමය පරීක්ෂාවකට ලක් කරලා කුමන රටකින් ආවද කියලා හරියටම කියන්න බෑ. මේ වෛරසය ලෝකයේ කුමන හෝ රටකින් ලංකාවට ආවා වෙන්න පුළුවන්. නමුත් ඒ කොහෙන්ද කියලා අපිට කියන්න බෑ.
ප්‍රශ්නය:- කොවිඩ් දෙවන රැල්ල ව්‍යාප්ත වීමත් සමග වෛරසය ආසාදනය වී මියයන්නන්ගේ සංඛ්‍යාවෙහි යම් වැඩිවීමක් මේ වන විට පෙනෙන්නට තිබෙනවා. එමගින් මේ වෛරසය පෙර පැවති වෛරසයට වඩා මිනිස් සිරුරට බලපෑම්සහගත යැයි ඔප්පු වනවාද?
පිළිතුර - ඒක ඇත්තටම මරණ අනුපාතයෙ වැඩි වීමක් නෙවෙයි. ලෝකයෙ වෙන රටවල්වල වෛරස ආසාදනය වූවන්ගේ ආශ්‍රිතයන් සෙවීමේ කටයුතු සඳහා බුද්ධි අංශ යොදා ගන්නේ නෑ. ලංකාවෙ අපිට මේ වෛරසය ව්‍යාප්තවීම පාලනය කරගන්න පුළුවන් වුණේ ආශ්‍රිතයන් සෙවීම බුද්ධි අංශ මගින් කරන නිසා. එසේ සොයාගන්නා ආශ්‍රිතයන්ට පී.සී.ආර්. පරීක්ෂණ කරලා ඔවුන් වෛරස ආසාදිතයන්ද නැද්ද කියන එක ඉතා ඉක්මනින් තහවුරු කර ගන්නවා. නමුත් අනිත් රටවල්වල ආශ්‍රිතයන් හඹා ගොස් ඒ අය පරීක්ෂාවට ලක් කරන ක්‍රමවේදයක් නෑ. නමුත් අපේ මරණ අනුපාතය අඩු වීමට බලපෑවේ ආශ්‍රිතයන් සොයා ගොස් ඔවුන් පී.සී.ආර්. පරීක්ෂාවනට ලක් කරන ක්‍රමවේදය නිසා.
ප්‍රශ්නය:- මේ වෛරසය වැඩිපුර ආසාදනය වන්නේත් මියයන්නේත් වැඩිහිටි ප්‍රජාව බව මුලදී කියැවුණා. නමුත් මේ දෙවන රැල්ලේ ව්‍යාප්තියත් සමග වෛරසය ආසාදනය වීමට වයස් භේදයක් නැති බව පෙනෙනවා. ඒ වගේම කොරෝනා මරණවලදී මැදිවියේ හා තරුණ ප්‍රජාවටත් අවදානමක් තිබෙන බවත් ඔප්පු වෙමින් තිබෙනවා. පර්ෙය්ෂණයෙන් අනාවරණය කර ගත් කරුණු අනුව ඔබට මේ ගැන පැහැදිලි කිරීමක් කරන්න පුළුවන්ද?
පිළිතුර - වෛරසය ආසාදනය වී මිය ගිය සියලු දෙනාටම වෙනත් රෝග තත්ත්වයනුත් තිබිලා තියෙනවා. ඉන්දියාව ගත්තොත් වෛරසය ආසාදනය වීමෙන් මිය ගිය අයගෙන් සීයට 47 ක් පමණ අවුරුදු පනහට අඩු අය. යුරෝපා රටවලට සාපේක්ෂව ලංකාව ඉන්දියාව වගේ රටවල දියවැඩියා රෝගීන් ප්‍රමාණය වැඩියි. ඒ තත්ත්වය තුළ මේ වෛරසය හැමතැනම පැතිරිලා ගියොත් ලංකාවෙ වැඩිහිටි අය විතරක් නෙවෙයි තරුණ අයත් මියයෑමට ඇති ඉඩ වැඩියි.
අපි දැක්කා පහුගිය කාලේ අපේ සමාජය සැහැල්ලුවෙන් හිටියා මේ වෛරසය තරුණ අයට ආසාදනය වුණාට ප්‍රශ්නයක් නෑ වගේ අදහසකින්. නමුත් අපි දන්නවා ගමන් බිමන් පාලනයකින් තොරව තරුණ අය බොහෝවිට වගකීමෙන් තොරව හැසිරෙන බව. නමුත් මේ වෙන කොට සොයා ගෙන ඇති අන්දමට කිසිදු රෝග ලක්ෂණයක් පෙන්නුම් කරන්නේ නැති තරුණ අයට පවා දිගුකාලීන ආසාත්මිකතා ඇති වෙන්න පුළුවන්. දිගුකාලීන කොවිඩ් තත්ත්වයන් ඇති විය හැකි බව සොයා ගෙන තියෙනවා.
පෙණහලු ආශ්‍රිත රෝග හදවත ආශ්‍රිත රෝග මේ වගේ තත්ත්වයන් ඇති වෙන්න පුළුවන්. මම කියන්නෙ වෛරස් ප්‍රභේදය මොකක්ද කියන එක මහජනතාවට වැදගත් නෑ. සෞඛ්‍ය උපදෙස් අනුගමනය කිරීම තමයි වැදගත් වෙන්නෙ. තමන්ට මේ රෝගය හැදීම වළක්වාගැනීමටත් තමන්ගෙන් තව අයට මේ රෝගය ව්‍යාප්තවීම පාලනය කිරීම සඳහාත් මහජනතාවට විශාල වගකීමක් තියෙනවා.
අපි ඉදිරියටත් මේ වෛරස ගැන පරීක්ෂණ පවත්වනවා. ප්‍රතිදේහ හැදෙන විදිය ප්‍රතිශක්තීකරණය වැඩි කර ගත හැකි ආකාරය ගැන පර්ෙය්ෂණ කරනවා. ඒ වගේම ඔක්ස්ෆර්ඩ් විශ්වවිද්‍යාලයත් සමග ශරීරයේ ප්‍රතිශක්තීකරණය මේ වෛරසයට බලපාන්නේ කොහොමද කියන එක ගැනත් පරීක්ෂණ කරනවා. ඒ සඳහා අපිට ලංකාවේ බ්‍රිතාන්‍ය මහා කොමසාරිස් කාර්යාලයෙන් ආධාර කරනවා. ඒ වගේම අපිට ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් ආධාර දීලා තියෙනවා මේ වෛරසය ලංකාවේ පැතිර ගොස් ඇති ස්වභාවය පිළිබඳව අධ්‍යයනය කිරීමට.
නාවින්න ආයුර්වේද රෝහලත් සමග සම්බන්ධ වෙලා මේ වෛරසය සඳහා යොදා ගත හැකි බෙහෙත් ගැනත් අපි පර්ෙය්ෂණ කරනවා.
සාකච්ඡා කළේ
උපුල් වික්‍රමසිංහ