ලෝකෙන් ටිකක්
මිනිස් ශිෂ්ටාචාරයේ ආරම්භයේ පටන්ම අවශ්‍යතා සහ වුවමනා පැවතුනි. මෙම අවශ්‍යතා සපුරා ගැනීම සඳහා ප්‍රාග් ඓතිහාසික යුගවල සිටම මිනිස්සු භාණ්ඩ හුවමාරු ක්‍රමය හුරු කරගත්හ. ක්‍රමයෙන් ශිෂ්ටාචාර දියුණු තත්වයට පත්වන විට තම තමන්ට ආවේනික වූ මුදල් එ්කක ඇති කරගෙන ඒවායින් ගනුදෙනු කිරිමට පටන් ගත්හ. මුල් කාලයේදී ඇත් දළ, විවිධ ශාඛ කොටස්, සත්ව අස්ථිවලින් ආරම්භ වූ මුදල් ඒකක පසු කාලයේදී, රිදී රත්රන් වැනි වටිනා ලෝහ ආකාරයෙනුත්, ඉන් අනතුරුව ස්ථාපිත මුදල් ඒකක වන ඩොලර්, යුරෝ ආදී ලෙසත් වෙනස්වී ඇත.
වර්තමානයේදී ඩොලර්, යූරෝ වැනි පිළිගත් අන්තර් ජාතික මූල්‍යමය දැවැන්තයින්ටත් අභියෝග වන තරමේ නව මුදල් වර්ගයක් පිළිබඳව ලෝකයම කතා වෙමින් සිටී. මෙම මුදල් වර්ගය ඩිජිටල් මුදල් හෙවත් ‘‘ස්රිප්ටොකරන්සි’’ (Crypto Currnecy) ලෙසින් හඳුන්වයි. මෙම මුදල් වර්ගය මූල්‍ය ලෝකයේ අලුත්ම සාමාජිකයා බවට පත්වී ඇත.
අද වනවිට ඩිජිටල් මුදල් ඉතාමත් වේගයෙන් ජනප්‍රිය වී ඇත. මෙම මුදල් වර්ගය බිහිවීමට මූලිකතම අඩිතාලම වැටෙන්නේ 1980 වර්ෂයේදීය. ඒ නෙදර්ලන්තයේදීය. 1990 වර්ෂයේ ඇමරිකාවේදී මෙම ඩිජිටල් මුදල් පිළිබඳ අදහස් මතුවිය. මෙම අදහස්වල ප්‍රතිඵල ලෙස 1989 වසරේදී පමණ ‘‘ඩේවිඩ් චොම්’’ (David Chaum) නම් පරිගණක විද්‍යාඥයා ‘‘ඩිජි කෑෂ්’’ (Digi Cash) යන නමින් ඔහුගේ සමාගමක් හරහා ජිඩිටල් වූ මුදල් ඒකකයක් ලොවට හඳුන්වා දීම සිදුකරන ලදී. එම හේතුව නිසාම ඩිජිටල් මුදල්වල නියමුවා ලෙසද ඔහු හඳුන්වා දෙනු ලබයි.
1990 දශකයේ මැදවන විට අන්තර්ජාල වෙෙළඳ සමාගම් ලෝකයේ බිහිවන්නට විය. ඒ සමගම භෞතික වෙෙළඳපලවල භාණ්ඩ මිලදී ගැනීමට කටයුතු කළ පාරිභෝගිකයන්ට, වඩාත් පහසුවෙන් හා ඉක්මනින් තමන්ගෙ අවශ්‍යතා සපුරාගැනීමේ ක්‍රමවේදයක් ඒ සමගම බිහිවිය. එමෙන්ම මෙම ගනුදෙනු සඳහා ගෙවීම් සිදුකරනු ලබන්නේ අන්තර්ජාලය හරහා වීම නිසා මුදල් අන්තර්ජාල තාක්ෂණයෙන් එහෙ මෙහෙ හුවමාරු කිරිමට මිනිසුන් පෙලෙඹෙන්නට විය. මේ නිසා ජිඩිටල් පසුම්බි (Degiwallets) ඩිජිටල් ගිනුම් (Digi Accounts) බිහිවිය. මේ සමගම කඩදාසි මුදල්වලට වඩා පහසු මුදල් ඒකක සොයා ගැනීමට මිනිසුන් උනන්දු විය. එහි ප්‍රතිඵලයක් ලෙස ‘‘හෑශ් කෑශ්’’ (Hsh-Cash) ‘‘බිට්ගෝල්ඩ්’’ (Bitgold) වැනි ඉලෙක්ට්‍රොනික මුදල් ඒකක අන්තර්ජාතික වෙෙළඳ පොළට හඳුන්වාදීම සිදුවිය. එහෙත් එම මුදල් සඳහා භාවිතා කළ තාක්ෂණික ක්‍රමවල අඩු ලුහුඬුකම් නිසා පාරිභෝගිකයන්ට විවිධ ගැටලුවලට මුහුණ දීමට සිදුවිය.
මෙම ගැටලුව නිසා එම තාක්ෂණික ගැටලුවලට විසඳුමක් ලෙස, එම අඩුපාඩු හොඳින් අධ්‍යයනය කර ‘‘බ්ලොක්චෙයින්’’ (BlockChain) නමින් හඳුන්වන නව තාක්ෂණික උපාය මාර්ග භාවිතා කරමින් ගුණාත්මක භාවයෙන් ඉහළ ඩිජිටල් මුදල් ඒකකයක් වන බිට් කොයින් (Bitcoin) හඳුන්වා දීමට ජපන් ජාතික තසොශි නකමොටෝ නම් පුද්ගලයා සමත් විය. කෙසේ වෙතත් සතොශි නකමොටෝ පිළිබඳව විවිධ කටකතාද පැතිරෙන්නට විය. තතොශි නකමොටෝ යුන පුද්ගලයෙක් නොවන බවත්, එය ජපන් ජාතික පරිගණක විද්‍යාඥයින් පිරිසක් සිය අනන්‍යතාවය ආරක්ෂා කර ගැනීමට භාවිතා කළ අන්වර්ථ නාමයක් බවත් මෙම කටකතාවල අන්තර්ගතව ඇත. මුල්‍ය ක්ෂේත්‍රයේ පෙරළියක් සිදුකිරීමට සමත්වූ මෙම සොයා ගැනීම අදවන විට ලෝකයේ බහුලවම භාවිතා වන ජිඩිටල් මුදල් ඒකකය ලෙස සැලකේ.
බීට් කොයින් නමැති මුදල් එ්කකය බිහිවීමත් සමග එය හා තරග කිරීමට විවිධ ආකාරයේ මුදල් ඒකක තව තවත් ලෝකයට හඳුන්වා දෙන්නට විය. මේවන විට ඇති තොරතුරු අනුව 2021 මේ වර්ෂය වන ජිඩිටල් මුදල් ඒකක 4,000 ක් පමණ ලෝකය පුරා භාවිතා වන බව හෙළිවී ඇත. ඒ අතරින් ලෝකයේ බහුලවම භාවිතා වන මුල් පෙළේ ඩිජිටල් මුදල් ඒකක 10ක් හඳුනාගෙන ඇත. එම මුදල් ඒකකවල සංකේත පහත දැක්වේ.
(1) Bitcoin (BTC)
(2) Etheveum (ETH)
(3) Binance Coin (BriB)
(4) Tether (USDT)
(5) Cardano (ADA)
(6) Dogecoin (DOGE)
(7) Ripple (XRP)
(8) Polkadot (Dot)
(9) Internet (ICT)
(10) Bitcoin Cash (BCH)
වර්තමානය වන විට පුද්ගල - පුද්ගල (Peer to Peer) ගනුදෙනුවලින් ඔබ්බට ගොස් ලෝකයේ විශාල සමාගම් අතර ගනුදෙනු සඳහත් මෙම ජිඩි මුදල් භාවිතය ආරම්භ කර ඇත. ලෝකයේ ඉදිරියෙන්ම සිටින මහා ධනවතෙකු වන ‘‘ඊලොන් මස්ක්’’ සිය ටෙස්ලා සමාගමේ අන්තර්ජාල ගනුදෙනු සඳහා බීට් කොයින් ඩිජි මුදල් ඒකකය සම්මත කිරීමත් සමගම එහි අගය වාර්තාගත ලෙස ඉහළ ගොස් ඇත. ඒ සමගම ටෙස්ලා සමාගම ඇමරිකානු ඩොලර් බිලියන 1.5ක් බිට් කොයින් සඳහා ආයෝජනය කර ඇත. ඇමරිකාවේ තවත් බිලියනපතීන් සහ අන්තර්ජාතික සමාගම්ද බිට් කොයින් තමන්ගෙ ගනුදෙනුවලට එකතුකර ගැනීමට පටන්ගෙන ඇත. මෙම අතිවිශාල වූ ඉල්ලුම හේතුවෙන් 2009 දී ඩොලර් 0 කට ආසන්න ඉතා කුඩා මිලකට හඳුන්වා දුන් බිට් කොයින් ඒකයක් වාර්ථාගත ලෙස ඩොලර් 60,000 සීමාව පසුකළ අවස්ථාවන්ද පසුගිය දිනවල තිබුණි.
2021 මැයි 12 වැනි දින ඊලොක් මස්ක්ස් ටිවිටර් පනිවුඩයක් නිකුත් කරමින් පැවැසුවේ බිට්කොයින් කැනිම් (බීට් කොයින් නිපදවීම සිදුවන්නේ වේගවත් සුපිරි පරිගණකවලින් නොනවත්වා සිදුකරන කැනීම් තුළිනි. මෙම සුපිරි පරිගණකවලින් ඉතා ඉහල තාපයක් පරිසරයට නිකුත්වන බවත් දක්වා තිබේ) ඉහත හේතුව නිසා ගෝලීය උණුසුම ඉහල යන බැවින් මින් ඉදිරියට බිම් කොයින් භාවිතය නවතා දැමීමට ටෙස්ලා සමාගම තීරණය කර ඇත. ඒ වන විට ඇමරිකානු ඩොලර් 55,000 - 60,000 සීමාවේ පැවැති බිට් කොයින් මිල, මස්ක්ගේ ආන්දෝලාත්මක ප්‍රකාශයෙන් පසුව ශීග්‍රයෙන් අවප්‍රමාණය වීමටපටන්ගෙන ඇත. එලෙසම චීනය විසින් සියලු ඩිජි මුදල් රටතුළ සංසරණය කිරීම තහනම් කරන ලදී. මෙම ප්‍රවෘත්ති දෙක ඩිජිටල් මුදල් පද්ධතිය සම්පූර්ණයෙන්ම උඩුයටිකුරු කිරීමටද සමත් විය. මේ වන විට බිට්කොයින් එකක මිල ඇමරිකානු ඩොලර් 35,000 සීමාව දක්වා අවප්‍රමාණ වී ඇත.
ඩිජිටල් මුදල් ඒකක සම්පූර්ණයෙන්ම සංසරණය වන්නේ අන්රත්ජාලය තුළය. මේ රුපියල්, ඩොලර්, පවුම්, යුරෝ වැනි තවත් මුදල් ඒකකයක් වුවද ඩිජි මුදල්වල හැසිරීම පාලනය කිරීමට බැංකුවක් හෝ වෙනයම් ආයතන නැත. එනම් මෙම මුදල් ඒකක නිකුත් කරන්නන්ගේ හා භාවිතා කරන්නන්ගේ අභිප්‍රාය වී ඇත්තේ කිසිදු පාලනාධිකාරියකට යටත් නොවී මුදල් භාවිතා කිරීමයි.
එමෙන්ම ජිඩිටල් මුදල් සැපැයුම සීමිතය. මහ බැංකු විසින් මුදල් අච්චු ගැසීම් වැනි ක්‍රියාවලින් රටක මුදල් සැපැයුම වැඩිකරන අතර වෙෙළඳපළ මුදල් අතිරික්තයක් ඇතිවිට මුදල් සැපැයුම අඩුකිරීමට උපක්‍රම යොදනු ලබයි. නමුත් ජිටල් මුදල් වෙෙළඳපළට නිකුත් කරනු ලබන්නේ එක්වරක් පමණි. අවශ්‍ය ලෙස එහි සැපයුම් පාලනය කිරීමට සහ අඩු වැඩි කිරීමටද නොහැක.
ඩිජිටල් මුදල් ගනුදෙනු සැමවිටම රහස්‍ය භාවය ආරක්ෂාවන ලෙස සකස්කර ඇත. සාමාන්‍ය ඩෙබිට් හෝ ක්‍රෙඩිට් කාඩ් ගනුදෙනුවලදී ගනුදෙනුකරුගේ අනන්‍යතාවය හෙළිවන නමුත් ඩිජිටල් මුදල් මගින් සිදුකරන ගනුදෙනුවලදී කිසිදු පාර්ශවයක අනන්‍යතාව හෙළි වන්නේ නැත. (සෑම ඩිජිටල් මුදල් ගනුදෙනුවක්ම සිදුවන්නේ එකිනෙකාට අනන්‍යවූ රහස් කේත මගිනි) මෙම හේතුව ‘‘මුදල් විශුද්ධිකරණ’’ (Anti money Laundering) සංකල්පයට පටහැනි නිසා සමහර රටවල් ඩිජිටල් මුදල් භාවිතයට සුභදායී ආකල්පයක් නොදක්වයි.
ලෝකය දිනෙන් දින නව තාක්ෂණික සොයාගැනීම්වලින් ඉදිරියට ගමන් කරමින් සිටී. දියුණු තාක්ෂණයේ තවත් එක් ප්‍රතිඵලයක් වුනු ඩිජිටල් මුදල්වල අනාගතය පිළිබඳව නිවැරැදි පුරෝකථනයක් කිරීමට තවමත් කිසිම ආර්ථික විශ්ලේෂකයෙකු සමත් වී නොමැත. ඉතා සුළු ට්විටර් පණිවුඩයකින් පවා දැවැන්ත මිල උච්චාවචනයක් සිදුකිරීමට හැකි ඩිජිටල් මුදල් පිළිබඳව අනාවැකි කීම බාරදුර කාර්යයකි. නමුත් කිසිම බැංකු පද්ධතියකට පාලනය කළ නොහැකි මේ නවකයා සියවස් ගණනාවක් පැවතුනු බැංකු මුල්‍ය පද්ධතිය බිඳ හෙළීමට ඉඩ ඇද්ද? නොමැතිනම් මිනිසුන් කිසි දිනක ඩිජිටල් මුදල් මත 100% ක් තම විශ්වාසය නොතබයිද? මෙම ගැටලුවට නිසි පිළිතුර කාලය විසින් ලබාදෙනු නියතය. එසේම වර්තමානය තෙක් ලංකාවේ මෙම මුදල් ඒකක ගනුදෙනු කිරීමට අවසර ලැබී නැත. එහෙත් ඉදිරියේදී පෝට් සිටි ව්‍යාපෘතිය ඇරැඹුනු පසු මෙම මුදල් ගනුදෙනු කිරීමට සමහර විට අවසර දෙනු ඇත.
කොත්මලේ
රංජිත් සිසිර කුමාර සූරියආරච්චි