මේ වෙසක් සතියේ නිවසේ සිට පිළිවෙතින් පෙළ ගැසෙමු
- අශෝක රජතුමාගේ කාලයේ තුන්වැනි ධර්ම සංඝායනාව පවත්වා රටවල් නවයකට බුදු දහම පිටත් කළ බවට සාධක තිබේ.
එළඹෙමින් අැත්තේ වෙසක් සතියය. බුදුහිමියන් සහ බුද්ධ ධර්මය ලෝකයට දායා ද වූයේ මෙවැනි වෙසක් සතියකය. බුද්ත්පධෝත්තිය ඓතිහාසික සිදුවීමකි. දෙදහස් පන්සිය වසක් ඉක්ම ගිය ද බුද්ධ ධර්මයට ලෝකයේ ඇත්තේ උත්තරීතර ස්ථානයකි. එම උත්තරීතර දහම දෙසූ ශාන්තෘවරයාගේ උත්පත්තිය පිළිබඳ විමසා බැලීමකි.
බුදුරජාණන් වහන්සේ භාරතයේ උපන් බවටත් එහි වැඩ සිටි බවටත් පුරා විද්‍යාත්මක සාක්‍ෂි බොහෝ තිබේ. ඒ සියලු පුරාවිද්‍යා සාධක ලංකාවේ දැනට හමුවන සාධකවලට වඩා බොහෝ පැරැණි වේ. බුදුරජාණන් වහන්සේ භාරතයේ වැඩ සිටීම පිළිබඳව ඇතැම් සාක්‍ෂි මෙරට පුරා විද්‍යා නටබුන් හා සාධක වශයෙන් ගත්විට තවත් අවුරුදු දහස් ගණන් පැරණි වේ.
අශෝක රජතුමා බුදුරජාණන් වහන්සේ වැඩ සිටි ස්ථානවලට ගොස් තමන් එහි ගිය බවත් වැඳපුදා ගත් බවත්, සෙල් ලිපිවල සටහන් කරවීය අශෝක රජතුමා රජ වන්භානේ භාරතයේ බුදුරජාණන් වහන්සේ පිරිනිවීමෙන් අවුරුදු 236 කට පසුය. එනම් මහා දීර්ඝ කාලයක් නොවේ. තමන් බුදුරජාණන් වහන්සේ උපන් ස්ථානය දැකබලා ගත්තේ යැයි ඔහුගේ මේ ලේඛනවල දැක්වේ.
අශෝක රජතුමාගේ කාලයේ තුන්වැනි ධර්ම සංඝායනාව පවත්වා රටවල් නවයකට බුදු දහම පිටත් කළ බවට සාධක තිබේ. එහි ප්‍රතිඵලයක් ලෙස ලක්දිවට බුදු දහම ලැබුණු බවත් මිහිඳු මහ රහතන් වහන්සේ ප්‍රමුඛ ධර්ම දූත පිරිස බුදු දහමේ පණිවුඩය රැගෙන ලක්දිව මිහින්තලයට වැඩම කළ බවත් සඳහන් වේ. මේවා ලිඛිත සාක්‍ෂි සහිතව ඇති ඓතිහාසික කතාවේ. එසේම මහාචාර්ය රොබින්කනින් හැම් භාරතයේ කළ කැණීම්වල දී බුදුරජාණන් වහන්සේගේ ජීවන චරිතයේ වැදගත් සිදුවීම් අනාවරණය කරන ස්ථාන හඳුනාගෙන තිබේ. ඒ කැණීම් අනුව බුදුහිමි වැඩ සිටි ක්‍රිපූ 6 වැනි සියවසට අයත් සාක්‍ෂි හමු වී ඇත.
තවත් අතෙකින් බුද්ධ පරිණිර්වානයෙන් සියවස් කිහිපයකට පසු ලක්දිවට පැමිණි හා භාරතයේ ඇවිද ගිය චීන, පර්සියානු, ග්‍රීක, රෝම දේශාටකයන් දක්වන ලිඛිත සාධක ඉතා වැදගත් වේ. ඒ පිළිගත හැකි හැම ලිඛිත සාධකයකම ඇත්තේ බුදුරජාණන් වහන්සේ භාරතයේ වැඩ සිට ඇති බවයි. චීන ජාතික දේශාටක පාහියන් හිමි, හියං සියැං වැනි දේශාටක ලේඛන හා මූලාශ්‍ර ගත්විට මෙය හොඳම උදාහරණයක් වේ. ඊළඟට ඉතා පැරණි ඉන්දීය සාංචි හා භාරුත් කැටයම්වල ද බුද්ධෝත්පත්තිය ඉන්දියාවේ වූ බවට සාධක ලැබිය හැකිය.
බුදුරජාණන් වහන්සේ වැඩ සිටි සමයේ භාවිත කළ උත්තර ඉන්දීය කළු ඔප දැමූ බඳුන් විශාල ප්‍රමාණයක් ක්‍රි. පූ. 6 වැනි සියවසට යටත්ව ඉන්දියාවෙන් හමුවේ. ඊළඟ වැදගත් කාරණය වනුයේ ඉන්දියාවේ හමුවන පැරණි සෙල් ලිපි හා ලංකාවේ හමුවන පැරණි සෙල්ලිපි අතර කාල වෙනසයි. ලංකාවේ පැරණිම සෙල්ලිපි ක්‍රි.පූ. 2 සහ ක්‍රි. ව. 1 සියවස්වලට අයත්වේ. නමුත් ඉන්දියා වේ ඊට වසර දහස් ගණනක් පැරණි ක්‍රි. පූ. 3 වැනි සියවස සෙල්ලිපි වලින්ද බුද්ධෝත්පත්ති කාරණය ඉස්මතු කෙරෙයි. ධර්මාශෝක රජතුමා දඹදිව ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ වන්දනා කිරීමට නිතර එහි ගිය නිසා පත් අසන්ධි මිත්‍රා බිසොව විෂ කටු ගසා ජය ශ්‍රී මහා බෝධිය මැර වූ බව මහාවංශයද තහවුරු කරයි.
සටහන
අසංක ආටිගල