භූමි කම්පා ඇති වන්නේ ජපානයේ පොළොව යට පාෂාණයකින්ද ?


 

 

  • ‘‘කුමානෝ ප්ලුටන්’’ පිළිබඳ ඉඟියක් ප්‍රථම වරට හෙළිදරව් වී ඇත්තේ 2006 වසරේදීය. භූමිකම්පා පිළිබඳ ප්‍රතිබිම්බ නිරීක්ෂණය කිරීමෙන් නන්කායි ප්‍රදේශයේ එක් ටෙක්ටොනික් තැටියක් වෙනත් භූ තැටියකට යටින් පෘථිවි ප්‍රාවරණයට ගිලා බැස ඇති ප්‍රදේශය අවට ඇති පාෂාණ විවිධ ඝනත්වයකින් යුක්ත බව හෙළිවී ඇති අතර, මේ හේතුවෙන් භූමිකම්පා හා යමහල් ක්‍රියාකාරිත්වය තියුණු වී ඇති බව වාර්තා වේ.

ජපානයේ දකුණුදිග වෙරළේ පොළොව අභ්‍යන්තරයේ ඇති කන්දක් තරම් විශාල වූ ආග්නේය පාෂාණ ස්කන්ධයක් චුම්භකයක් ලෙස හෝ අකුණු යෂ්ටියක් ලෙස හෝ ක්‍රියාකිරීම නිසා භූමිකම්පා හටගන්නා බව එහි ස්වරූපය ත්‍රිමාණ දර්ශකවලින් ලබාගැනීමෙන් හෙළිවී ඇත.

‘‘කුමානෝ ප්ලුටන්’’ නමින් හැඳින්වෙන මෙම ආග්නේය පර්වතය පිලිපීන මුහුදු තැටිය පොළව තුළට ගිලා බසින නන්කායි ප්‍රදේශයේ පිහිටා ඇත. මෙම ස්ථරයේ මහා පරිමාණයේ භූමිකම්පාවලින් සිදුවන භූ විෂමතා ඇතිවීමේ ශක්තිය ස්ථාන කීපයකටම වික්ෂේප වී ඇත. නන්කායි ප්‍රදේශයේ සිදුවන විශාල භූමිකම්පාවලින් හටගන්නා බලපෑම් පිළිබඳ නිවැරැදි අනාවැකි පළකිරීමට හා අවබෝධයක් ලබාගැනීමට මෙන්ම ආග්නේය පර්වතය භූමිකම්පා නිර්මාණයවීමේ ක්‍රියාවලිය හා අන්‍යොන්‍ය වශයෙන් ක්‍රියාකරන ආකාරය ගැන අවබෝධයක් ලබාගැනීමට මෙම පර්ෙ‌ය්ෂණ මගින් විද්‍යාඥයන්ට හැකිවී තිබේ.


අනාගතයේදී සිදුවන භූමිකම්පා කෙදිනක, කොතැනක හෝ කොතරම් විශාල ලෙස සිදුවේද යන්න පිළිබඳ අනාවැකි පළකිරීමට නොහැකි නමුත්, ඔවුන් සතු ආකෘති දත්ත සහිත ගැලපීමෙන් නුදුරු අනාගතයේදී ඇති විය හැකි භූමිකම්පා පිළිබඳ තක්සේරුවක් කළ හැකි බව ජපානයේ සමුද්‍රීය භූ විද්‍යා හා තාක්ෂණික ඒජන්සියේ භූ භෞතික විද්‍යාඥ ‘‘සුචි කොඩෙයිරා’’ පවසයි. මෙමගින් ජපාන ජනතාවට ඉතා වැදගත් තොරතුරු සැපයිය හැකි බවත්, ඊළඟට සිදුවන විශාල භූමිකම්පා සඳහා සූදානම්වීමට ඉඩකඩ ලැබෙන බවත් ඔහු තවදුරටත් පෙන්වාදී තිබේ.


‘‘කුමානෝ ප්ලුටන්’’ පිළිබඳ ඉඟියක් ප්‍රථම වරට හෙළිදරව් වී ඇත්තේ 2006 වසරේදීය. භූමිකම්පා පිළිබඳ ප්‍රතිබිම්බ නිරීක්ෂණය කිරීමෙන් නන්කායි ප්‍රදේශයේ එක් ටෙක්ටොනික් තැටියක් වෙනත් භූ තැටියකට යටින් පෘථිවි ප්‍රාවරණයට ගිලා බැස ඇති ප්‍රදේශය අවට ඇති පාෂාණ විවිධ ඝනත්වයකින් යුක්ත බව හෙළිවී ඇති අතර, මේ හේතුවෙන් භූමිකම්පා හා යමහල් ක්‍රියාකාරිත්වය තියුණු වී ඇති බව වාර්තා වේ. සංඛ්‍යාත්මක අනුකරණය කිරීමෙන් මෙම පාෂාණ ස්ථරය විශාල ආග්නේය පාෂාණ කුට්ටියක් බව හෙළිවී තිබේ. නමුත් මෙහි වපසරිය කොතරම් දැයි මෙතෙක් ගවේෂණය කර නොමැත. පර්ෙ‌ය්ෂකයින් වසර 20ක කාලයක් තුළ නන්කායි ප්‍රදේශයෙන් රැස්කර ගත් තොරතුරු අනුව ‘‘කුමානෝ ප්ලුටන්’’ සිතියම්ගත කර ඇත. භූමිකම්පා හටගන්නා මධ්‍යයේ සිට රැල්ලක් ලෙසින් ව්‍යාප්ත වී අවට ප්‍රදේශයට කඩාවැදී භූ කම්පන තරංග ගමන් කිරීමේදී ඉන් පරාවර්තනය වන සමහර ද්‍රව්‍යයන්වලින් භූ කම්පන විද්‍යාඥයින්ට දැකිය නොහැකි පොළව අභ්‍යන්තරයේ පිහිටි ව්‍යුහයන් සිතියම් ගත කිරීමට ඉඩ ප්‍රස්ථාව ලැබේ.


පර්ෙ‌ය්ෂකයන් නන්කායි ප්‍රදේශයෙන් එක්රැස් කර ගත් තොරතුරු විශාල ප්‍රමාණයක් ‘‘ඔස්ටින්’’හි පිහිටි ටෙක්සාස් විශ්වවිද්‍යාලයේ ‘‘ලෝන්ස්ටාර්’’ 5 සුපිරි පරිගණකය වෙත යවා පෘථිවි කබොල්ලෙහි පිහිටි ආග්නේය පාෂාණ ස්ථරවල ත්‍රිමාණ රූප ලබාගැනීමට කටයුතු කර ඇත. ඉන් ලබාගත් ආකෘතීන් අනුව ‘‘කුමානෝ ප්ලුටන්’’ පර්වතයේ බරට ඊට යටින් පිහිටා පෘථිවි කබොල්ලට දැඩි පීඩනයක් සිදුවන අතර, ඉහළට තෙරපීමක් සිදුවන බව පෙනේ. කුමානෝ ප්ලුටන් පාෂාණයෙන් පෘථිවි කබොල්ලට යටින් පිහිටි ඉහළ ප්‍රාවරණයට භූගත ජලය කාන්දුවන බවත්, ඒ හේතුවෙන් පෘථිවි කබොල්ලෙහි නැම්ම උග්‍රවන බවත්, මේ අනුව පෙන්වාදී ඇත. ‘‘ප්ලූටන්’’ පර්වතය ඝන හා දැඩි ස්වරූපයක් ගන්නා අතර, එයින් භූ විෂමතා ඇතිවීමේ සැලකිය යුතු කාර්යභාරයක් ඉටු කරන බව සඳහන් වේ.

 


මෙම පර්ෙ‌ය්ෂණ    කණ්ඩායම  සඳහන් කරනුයේ ඔවුන්ගේ මෙම සොයා ගැනීම්වලින් මෙම ප්‍රදේශයේ සැඟවී ඇති භූගත ව්‍යුහයන් නිරීක්ෂණය කිරීමේ කාර්යය ඉක්මන් කරවන බවය.

 

ශාස්ත්‍රවේදී
පී.ඩබ්ලිව්. ගුණතිලක