ලංකා ලංකා ක්‍රිකට් කණ්ඩායම අවසන් වරට ලෝක කුසලාන ශූරතා ජයග්‍රහණයක් ලැබුවේ ටි-ටුවෙන්ටි (T-20) හෙවත් විස්සයි - විස්සේ ලෝක ක්‍රිකට් ශූරතාවයයි. ඒ ජයග්‍රාහී කණ්ඩායමේ සිටි නුවන් කුලසේකර, වත්මනෙහි වෙසෙන්නේ ඕස්ට්‍රේලියාවේය. එහි සිට ඔහු සේවය ලබා දෙන්නේ ක්‍රිකට් පුහුණුකරුවකු ලෙසය.
යළිත් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියක ජයක් පාමුලට පැමිණ සිටින මොහොතක, නුවන් කුලසේකර ප්‍රවීණ ක්‍රීඩකයා කැඳවූයේ එදා 2014 ශූරතාවය දිනූ අවසන් මහා තරගයේදී ජයග්‍රහණය වෙනුවෙන් කණ්ඩායම කළ උපාය මාර්ග ගැන කතා කිරීමට සහ එම ජයග්‍රහණයේ සොඳුරු සැමරුම් ගැන ආවර්ජනය කිරීම වෙනුවෙනි. කවදත් ඉරිදා ලංකාදීපයට තම අදහස් ලබා දීමට මැලි නොවූ ඔහු පවසන මේ සියල්ල අපේ වත්මන් කණ්ඩායමටත් ප්‍රයෝජනවත් වනු ඇත. ඉතින් අපි මොහොතකට නුවන් සමග 2014 ටි-ටුවෙන්ටි ජයග්‍රහණයේ මතක අතරට යමු.
කොහොමද මේ දිනවල ඔබගෙ කටයුතු?
හොඳින් සිදුවෙනවා. මේ දිනවල කටයුතු කරන්නේ පුහුණුකරුෙවකු ලෙස.
මේ දිනවල තවත් ටි-ටුවෙන්ටි ලෝක කුසලාන තරගාවලියක් පැවැත්වෙනවා. අපට එකවර මතකයට එන්නේ 2014 දී ජයග්‍රහණය කළ තරගාවලිය ගැන? එහි ප්‍රබල ක්‍රීඩකයකු වූ ඔබට ඒ අවසන් මහා තරගයේ මතකයන් මොන වගේද?
කිසිම දවසක අමතක නොවන රසවත් මතකයක් තිබෙන්නෙ. ලෝක ශූර කණ්ඩායමක මාත් සාමාජිකෙයකු වීම එකතකට වාසනාවක්. 96 ලෝක කුසලානය ජයග්‍රහණයෙන් පසුව අපට තවත් ලෝක කුසලානයක් රටට ගේන්න පුළුවන් වීම ඇත්තටම සදාදරණීය මතකයක්.
ඒ ජයග්‍රහණයට මුල් වූ විශේෂ සාධකය ලෙස ඔබට අද හැඟෙන්නේ?
සමස්ථ කණ්ඩායමම, කණ්ඩායමක් ලෙස දැක්වූ දක්ෂතා නිසයි. ඒ වගේම ප්‍රේක්ෂකයිනුත් කාලයක් තිස්සේ ඒ ජයග්‍රහණය අපේක්ෂා කළා. ඔවුන් ශ්‍රී ලංකා කණ්ඩායම එක්ක නිරන්තරයෙන් සිටියා. ක්‍රීඩකයින් ඒ සියලු දේ ශක්තියක් කරගෙන තමයි සෑම තරගයක්ම ක්‍රීඩා කරලා අවසන් මහා තරගය තෙක් ආවෙ.
කණ්ඩායමක් ලෙස එම තරගාවලියට කණ්ඩායම පිටත් වුණේ මොන වගේ සැලැස්මක් ඇතිවද?
කණ්ඩායම දෙස බැලීමේදී හොඳ පරිනථ ක්‍රීඩකයින්ගෙන් සමන්විත වගේම අලුතින් පැමිණි ක්‍රීඩකයින් ඇතුළු සියලු දෙනා ගත්තාම, හරිම සමබර කණ්ඩායමක්. ඒ කණ්ඩායමේ අපි තරග සියල්ල වෙනුවෙන් හොඳින් සූදානම් වුණා.
ඒ වගේම අපට ලැබුණු ලොකුම වාසිය වුනේ එම ලෝක කුසලාන තරගාවලියට පෙර මාස 6 ක් විතර බංග්ලාදේශ ක්‍රිකට් තණ තීරුවල ක්‍රීඩා කරන්නට අවස්ථාව ලැබීමයි. ටෙස්ට් තරගවලට අමතරව කණ්ඩායම ආසියානු කුසලාන අවසන් මහා තරගය දක්වා ක්‍රීඩා කළේ බංග්ලාදේශයේ. මට මතක විදියට එක දිගට අපි මාස දෙකක වගේ කාලයක් එහි ක්‍රීඩා කළා. එය අපට ලැබුණු ඉතා හොඳ අවස්ථාවක්. තණතීරු හඳුනාගැනීමට එය ලොකු පහසුවක් වුනා. ඒ වගේම එම කණ්ඩායමේ සිටි 15 දෙනා ඕනෑම වේලාවකදී තමුන්ගෙන් ඉටුවිය යුතු වගකීම ගැන ඉතා හොඳින් අවබෝධ කරගෙන සිටියෙ. තරග අනුව අවශ්‍ය විදියට ක්‍රීඩා කළ යුතු විදිය ගැන ඒ සෑම ක්‍රීඩකෙයකු හට තිබුණේ ලොකු අවබෝධයක්.
ඒ අනුව එදා ඔබට කළ යුතුව තිබූ වගකීම වුණේ?
අලුත් පන්දුවෙන් ලසිත් එක්ක එහා අංශයෙන් පන්දු යැවීම බාර වුණේ මට. අලුත් පන්දුවෙන් කඩුළු ලබා ගැනීම වගේම ලසිත් ඇතිකරන පීඩනය, දිගටම තියාගෙන යන විදියට පන්දු යැවීම මගේ වගකීම වුණා. අවසන් ඕවර කීපයේදී එනම් ඩෙත් ඕවර කීපයේදී ඕවර දෙකක් මට යවන්න තිබුණා. ඒක තමයි මගේ ජොබ් එක වුණේ. ඒ විතරක් නෙවෙයි. අවශ්‍ය ඕනෑම වෙලාවකදී පිතිකරණයෙන් ලබා දිය යුතු සහායත් කණ්ඩායම මගෙන් අපේක්ෂා කළා.
අවසන් පන්දු ඕවර කීපය, එනම් තීරණාත්මක ඩෙත් (Death) ඕවර කීපය හොඳින් යවන්න ඔබට නිතරම හැකිවුණා. කොහොමද ඒ වැඩේ සාර්ථකව කළේ?
ඒ වගේ පන්දු යැවීම, එක දවසකින් හදාගන්න බැහැ. මම ජාතික කණ්ඩායමට ආ මුල් තරගයේ සිට ඒ පුහුණුව ලැබුවා. ඒ අනුව දීර්ඝ කාලයක් ලැබූ පුහුණුව නිසා ඒ පළපුරුද්ද ලබා ගත්තා. සියයට අනූවක්ම ගත්තොත් මම පන්දු යැව්වේ මුල් ඕවර සහ අවසන් ඕවර දෙක. එක්දින සහ ටි-ටුවෙන්ටි තරග ක්‍රීඩා කළේ ඒ විදියට. ඩෙත් ඕවර යවන්න පුහුණුව ලැබුණේ තරග වලින්මයි.
එදා කප් එක අපට ගේන්න පුළුවන්ය කියන හැඟීම කණ්ඩායමට තිබුණද? ඒ තරගාවලියට යාමට පෙර?
මුලින් කී විදියට කණ්ඩායමක් ලෙස ඉතා හොඳ විශ්වාසයක් තිබුණෙ. ඒ විශ්වාසය ගොඩනැගීමට හේතු වුණේ 2007 සිට 2014 දක්වා කණ්ඩායම අවසන් මහා තරග 4 කට මුහුණ දී සිටි නිසයි. ඒ විශ්වාසය තදින්ම තිබුණා. ICC තරගාවලියට ගියාම අවසන් පූර්ව තරගයට එනවාය කියන දේ අරුමයක් වුණේ නැහැ. ලෝක කුසලානය කෙසේ වෙතත් අපි ෆයිනල්ස් එනවාය කියන දේ හැමෝම දැනගෙන සිටියා. අපේ හැකියාව ගැන ලොකු විශ්වාසයක් තිබුණා.
එදා කණ්ඩායමේ ජ්‍යෙෂ්ඨයින් සහ නවකයින් අතර මොන වගේ දුරස්ථ බවක්ද? මොන වගේ සමීප බවක්ද තිබුණෙ?
දුරස්ථ බවක් තිබුණොත් ලෝක කුසලානයක් දිනන්න බැහැනේ. ජූනියර් - සීනියර් කියන දේට වඩා අවශ්‍ය වෙලාවෙ අවශ්‍ය තීරණ ගන්න කණ්ඩායම එකට හිටියා.
අනිවාර්යයෙන් එදා ඒ කුසලානය දිනනවාය කියන හැඟීම ඇතිවුණේ මොන අවස්ථාවේදි ද?
මට මතක විදියට නවසීලන්ත කණ්ඩායම පරාජය කළ පසු රංගන හේරත් අයියා ගත්ත කඩුළු 5 එක්ක අවසන් මහා තරගය අපට ජයග්‍රහණය කළ හැකිය යන විශ්වාසය අපට ඇතිවුණා.
ඒ කණ්ඩායමේ ඔබ දුටු විශේෂම දේ?
එදා ඒ වර්ල්ඩ් කප් එකට යද්දී එම කණ්ඩායමේ ඊට පෙර නායකයින් ලෙස ක්‍රීඩා කළ ක්‍රීඩකයින් පස් දෙනෙක් විතර හිටියා. කුමාර් අයියා, මහේල අයියා, ඩිල්ෂාන්, ඇන්ජි, චන්දිමාල්, වගේම ඊළඟට ලසිත්. විශේෂයෙන්ම කුමාර් අයියා සහ ඩිල්ෂාන් ඊට පෙර ටි-ටුවෙන්ටි තරග වැඩිපුර ක්‍රීඩා කර තිබීමත් ලොකු වාසියක් වුණේ.
එයාලගේ ඒ දායකත්වය කණ්ඩායමට අවශ්‍ය වෙලාවෙදි අවශ්‍ය විදියට ලැබුණු නිසා ජයග්‍රහණය අරුමයක් වුණේ නැහැ. ඕනෑම වෙලාවකදී කණ්ඩායමේ විය යුතු දේ වන්නේ ඒ ස්වභාවයයි.
එදා අවසන් මහා තරගයට පෙරදා රාත්‍රිය ගෙවී ගියේ කොහොමද?
සාමාන්‍යයෙන් අවසන් තරගයකට පෙර රාත්‍රියේ අපි තනි තනිව රාත්‍රී ආහාරය ගත්තෙ නැහැ.
මුළු කණ්ඩායම වගේම පුහුණුකරුවන් සහ කළමනාකාරිත්වයේ හැමෝම රාත්‍රි ආහාරය ගත්තෙ එකට. එදත් අපි රාත්‍රිය ගත කළේ ඒ විදියට. ඒ වගේම අපි අපේ සැලසුම ඒ වෙලාවෙ හදා ගත්තා. විශේෂයෙන්ම අවසන් පන්දු ඕවර කීපය (ඩෙත් ඕවර කීපය) යැවිය යුතු ආකාරය ගැන කතා වුණා.
ඊට පෙර අපි එකදිගට දින දෙකක් ඒ විදියට පන්දු යැවීම ගැන පුහුණු වුණා. මොනයම් වූ වෙලාවක හෝ එය අත්‍යාවශ්‍ය සාධකයක් වේවි කියලා විශ්වාස කළා. ඒ වගේම සෑම ක්‍රීඩකෙයකු වෙතින් සිදුවිය යුතු වගකීම ගැන සැලැස්මක් හදාගෙන හිටියෙ.
එදා රාත්‍රියෙ ඔබට හොඳින් නින්ද ගියාද?
මහා තරගයකට පෙරදා රාත්‍රියේදී හොඳ සුව නින්දක් අවශ්‍යයයි. මට නම් නින්ද ගියා. හැබැයි පහළොස් දෙනා ගත්තොත්, ස්වභාවය එකිනෙකාට වෙනස් වෙන්න පුළුවන්. මොන දේ කළත් එක් එක් කෙනා සූදානම් වන විදිය වෙනස්. හැබැයි ඊට පෙර බංග්ලාදේශයේදී ආසියානු කුසලානය දිනා සිටීම නිසා හැමෝටම ලොකු ජවයක් සහ විශ්වාසයක් තිබුණෙ.
එදා ජ්‍යෙෂ්ඨයින් වෙතින් ඔබ දුටු විශේෂම දේ?
නිරන්තරයෙන් අනෙක් අයව උනන්දු කිරීම සහ සැලැස්ම ගැන කතා කිරීම. ක්‍රීඩා කරන 11 දෙනාම වගේම අනෙක් 4 දෙනාටම කළ යුතු වගකීම පැවරිලා තිබුණෙ. ඒ විදියට තමුන්ගේ ජොබ් එක වටහා ගත්තාම ජවයකින් තරගයක් ක්‍රීඩා කළ හැකියි. එදා හිටපු ජ්‍යෙෂ්ඨයින් ඒ වටපිටාව අපට හදලා දුන්නා. ඒ නිසා එදා දවස අපට පහසු වුණා.
කෙසේ වෙතත්, දෙවනුව ශ්‍රී ලංකා කණ්ඩායම ජයග්‍රාහී ලකුණු හඹා යද්දී කඩුලු 5ක් බිඳ වැටී තිබුණෙ? ඒ වෙලාවෙ මොන වගේ හැඟීමක් ද ක්‍රීඩාගාරයේ සිටි ක්‍රීඩකයින්ට ඇතිවුණේ?
මුලින් පන්දුවට පහරදුන් ඉන්දීය කණ්ඩායම ලකුණු 130 ක් වගේ ප්‍රමාණයක් ලබා ගත්තෙ. කඩුළු 3 ක් පමණක් බිඳ වැටී තිබියදියි. ඉතින් ඒ වගේ අඩු ලකුණු ප්‍රමාණයකට ඒ වගේ කණ්ඩායමක් සීමා කිරීමට ලැබීම අපේ පන්දු බලඇණිය ලැබූ ජයක්. ඒ විශ්වාසය තදින්ම අපට තිබුණා.
ලසිත්, රංගන අයියා, ඇන්ජි, සචිත්‍ර වගේම මම ඒ ඕවර 20 යවමින් ලකුණු 130 කට සීමා කර තිබීමම නිසා ජයග්‍රහණයට මූලික අඩිතාලම වැටී තිබුණෙ. ඒක එකපාරටම ආ දෙයක් නෙවෙයි. වසර කීපයක සැලැස්මක ප්‍රතිඵලයක්. ඉතින් එදා අපේ කඩුළු කීපයක් බිඳ වැටුණාම, ඒ වෙලාවෙ එන්න හිටපු ඇන්ජි වෙනුවට තිසරව කලින් එව්වා. ඒ තීරණය ඉතා හොඳට බලපෑවා.
තිසර ඇවිත් කුමාර් අයිය තනිව දරාගෙන සිටි පීඩනය නැති කළේ පිට පිට හයේ පහර දෙකක් එල්ල කරමින්. ඒක ඒ වෙලාවෙ හැටියට ලොකුම ටර්නින් පොයින්ට් එක වුණා.
අද මේ ලෝක කුසලානයේදිත් ශ්‍රී ලංකා කණ්ඩායම අවසන් පූර්ව වටයට පැමිණේවිය යන විශ්වාසය විචාරකයින් ඇතුළු බොහෝ දෙනෙකුට තිබෙනවා. ඔබ ඒ ගැන හිතන්නෙ කොහොමද?
අපේ කණ්ඩායම සමබර කණ්ඩායමක් බව පෙනෙනවා. තරගයක් වෙනස් කළ හැකි ක්‍රීඩකයින් සිටින වග පෙනෙනවා. තමුන්ගෙ ජොබ් එක හඳුනාගෙන දායකත්වය දුන්නොත් තරග ජයග්‍රහණය අපහසු වෙන්නෙ නැහැ. එකිනෙකාට සහයෝගය දීගෙන ක්‍රීඩා කිරීම වැදගත්. තරගයෙන් තරගයට ජය ලැබුවාම මානසික ශක්තිය ඉබේම වැඩි වෙනවා.
ඇමෙරිකාවේ තණතීරු (විකට්ටු) ගැන ඔබගෙ හැඟීම මොන වගේද?
මට මතක විදියට ‘මියාමි’ ක්‍රීඩාංගණයේදී ක්‍රීඩා කරලා තියෙනවා. නමුත් අද අලුත් ක්‍රීඩාංගණයක තමයි තරග වැඩිපුර පැවැත්වෙන්නෙ. තොරතුරු අනුව ඒ ක්‍රීඩාංගණයේ ලකුණු ලබා ගැනීමේදී තරමක් මන්දගාමී තණතීරුවක් තිබෙන්නේ. හැබැයි ඒ ඕනෑම ස්වභාවයක් යටතේ ක්‍රීඩා කිරීමේ සහ මුහුණ දීමේ ශක්තිය කණ්ඩායමට තිබිය යුතුයි. ස්වභාවය හඳුනාගෙන තරග කිරීම තමයි ජයග්‍රහණවලට මාවත සකසන්නෙ.
ඔබගෙ ප්‍රවීණත්වය අනුව මෙම තරගාවලියේදී අවසන් පූර්ව වටයට පැමිණෙන කණ්ඩායම් 4 නම් කළ හැකිද?
ඕස්ට්‍රේලියාව, ඉන්දියාව, දකුණු අප්‍රිකාව සහ අපේ කණ්ඩායම ඒවි කියන විශ්වාසය මටත් තිබෙනවා. අපේ කණ්ඩායමට ලොකු වෙනසක් කර ජයග්‍රහණය, ශක්තිය ධෛර්ය ලැබේවා කියා මම ප්‍රාර්ථනා කරනවා.
පිළිසඳර | සඳුන් ගමගේ