උල්පැන් ගෙය ප්‍රතිසංස්කරණය කෙරෙයි


ශ්‍රී වික්‍රමසිංහ රාජසිංහ රජුගේ බිසෝවරු දිය නාන ලද බව කියන උල්පැන් ගෙය ප්‍රතිසංස්කරණ කටයුතු මහනුවර පුරා විද්‍යා දෙපාර්තමේන්තුව මගින් ආරම්භ කර මේ වන විට එහි පියස්ස සම්පුරණයෙන් නිම කර ඇත.

ජාත්‍යන්තර වෙසක් උත්සවය වෙනුවෙන් මහනුවර නගරයේ පැවැත්වෙන ආගමික උත්සවයන්ට සමගාමිව එහි ප්‍රතිසංස්කරණ කටයුතු කඩිනමින් නිමකිරීමට උපදෙස් ලැබී ඇතැයි මහනුවර පුරාවිද්‍යා සහාකාර අධ්‍යක්ෂක එල්.එම් ගුණතිලක බණ්ඩා මහතා පවසයි.

ඡායාරූප  - සෙනරත් බණ්ඩාර