රංගිරි දඹුලු මහා පෙරහර


(කාංචන කුමාර ආරියදාස)

වාර්ෂිකව පැවැත්වෙන රංගිරි දඹුලු මහා පෙරහැර ඊයේ  (28)  රාත්‍රියේ දඹුලු  පුදබිමේ වීදි සංචාරය කරනු ලැබූහ.

සියම් මහා නිකායේ රංගිරි දඹුලු විහාර පාර්ශ්වයේ මහා නායක ආචාර්ය ඉනාමලුවේ ශ්‍රී සුමංගල මහා නාහිමියන්ගේ ප්‍රධානත්වයෙන් සධාතුක කරඬුව ඇත් රජු පිට තැන්පත් කිරීමෙන් අනතුරුව  ආචාර්ය දානියගම ආනන්ද නාහිමියන් සහ දඹුල්ල මුලස්ථාන පොලිස් පරීක්ෂක සම්පත් වික්‍රමරත්න මහත්වරුන්ගේ  පුෂ්පෝපහාරය පසුව දඹුල්ල පුදබිමේදී පෙරහැර වීදි සංචාරය කළහ.

රංගිරි දඹුලු මහා පෙරහැර වාර්ෂිකව වෙසක් පෝයට පෙර දින පැවැත්වෙයි .

පන්සලේ වැව ඉස්මත්තෙන් ආරම්භ කළ පෙරහැර අලි ඇතුන් උඩරට පහතරට සබරගමුව සාම්ප්‍රදායික නැටුම් සහ ඉපැරණි පෙරහැර පිළිබිඹු වෙන ආකාරයෙන් ශිල්පීන් ශිල්පිනියන් 1500ක පමණ සහභාගිත්වයෙන්   මාතලේ දඹුල්ල ප්‍රධාන  මාර්ගයට පිවිස විහාර හංදිය ප්‍රදේශයෙන්  පෙරහැර මාවතට ප්‍රවිශ්ට විය.

අනතුරුව පෙරහැර මාවත ඔස්සේ කණ්ඩලම හන්දිය හරහා නැවතත් දඹුල්ල  මාතලේ ප්‍රධාන මාර්ගයට පැමිණ ඓතිහාසික රංගිරි උයන්වත්ත රජමහා විහාරයට ගෙවැදීම සිදු කෙරිණි.