උණ රෝගයක් පැතිර යාමෙන් ශ්‍රී පාද විද්‍යා පීඨය වසා දමයි


( රංජිත් රාජපක්ෂ )         

හැටන් පතන ශ්‍රි පාද විද්‍යා පිඨය තුළ වෛරස් උණ රෝගයක් පැතිර යාමේ අවදානමක් හේතුවෙන් විද්‍යා පිඨය තාවකාලිකව වසා දමන ලෙස කොටගල සෞඛ්‍යය වෛද්‍යය අධිකාරි කාර්යයාලයේ නිලධාරින් විසින් එම විද්‍යා පිඨයේ පිඨාධිපතිනියට (30) දින උපදෙස් දි ඇත.

ලබන 5 වැනිදා තෙක් මෙම විද්‍යා පිඨය වසා දමන ලෙස  කොටගල සෞඛ්‍යය වෛද්‍යය අධිකාරි කාර්ලයයේ නිලධාරින් පිඨාධිපතිට උපදෙස් ලබා දි තිබේ.

එම විද්‍යා පිඨයේ අධ්‍යාපනය ලබන ගුරු සිසු සිසුවියන් 200 කට ආසන්න පිරිසකට ඊයේ  (29) සිට උණ රෝගය සහ ශ්වසන අපහසුතා ඇති විම නිසා කොටගල ප්‍රාදේශිය රෝහලෙන් ප්‍රතිකාර ලබා පිටව ගොස් ඇති අතර , (30) දිනයෙත් ගුරු සිසුන් 50 කට ආසන්න පිරිසක් කොටගල ප්‍රාදේශිය රෝහලෙ බාහිර රෝගි අංශයෙන් ප්‍රතිකාර ලබා පිටව ගිය බවයි කොටගල ප්‍රාදේශිය රෝහලේ දිස්ත්‍රික් වෛද්‍යය නිලධාරින් වෛද්‍යය සාවිත්‍රි ශර්මා මහත්මිය පැවසුවේය.

එම විද්‍යා පිඨයේ අධ්‍යාපනය ලබන තවත් සිසුන් පිරිසක් දික්ඔය මුලික රෝහල වෙත යොමු කළ බව කොටගල ප්‍රාදේශිය රෝහලේ වෛද්‍යවරිය  පැවසූවාය.


ශ්‍රි පාද විද්‍යා පිඨය තුළ  වෛරස් උණ රෝගයක් පැතිර යාම සම්බන්ධයෙන් මහජන සෞඛ්‍යය පරික්ෂවරුන් විසින් විද්‍යාපිඨය තුළ විමර්ශණයක් සිදු කරන බව කොටගල සෞඛ්‍යය වෛද්‍යය අධිකාරිවරයා පැවසිය.