උද්ඝෝෂණයක් නිසා පාර්ලිමේන්තු පාර අවහිර වෙයි


(ශාන්ත රත්නායක)

මවුබිම සුරැකීමේ රණවිරුවෝ සංවිධානය හා ජාතික සංවිධාන රැසක් එකතුව අතුරුදහන් වූවන් සම්බන්ධ පනත වහා හකුළාගන්නා ලෙස රජයට බල කරමින් අද(20) පාර්ලිමේන්තු වටරවුමේ දී උද්ඝෝෂණයක් පැවැත්වීය.

මේ හේතුවෙන් පැය කිහිපයක් පාර්ලිමේන්තු පාර සම්පූර්ණයෙන්ම අවහිර වී තිබිණි.