එජාප ප්‍රගතියෙන් බිඳක් එළිදකී


(රොමේෂ් ධනුෂ්ක සිල්වා)
ජාතික ආණ්ඩුවේ පසුගිය වසර දෙකක කාලයේ එක්සත් ජාතික පක්ෂය ළඟා කරගත් සුවිශේෂී ජයග්‍රහණ සවිස්තරාත්මකව ඇතුළත් ‘ප්‍රගතියෙන් බිඳක්’ නමැති විශේෂ වාර්තාව එළිදැක්වීම අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පිටකෝට්ටේ සිරිකොත පක්ෂ මුලස්ථානයේදී අද(30) සිදු කෙරිණි.
නව රැකියා අවස්ථාවන් ලක්ෂ 4 ක් උත්පාදනය කිරීමට පියවර ගෙන තිබීම, ලක්ෂ 2 කට අධික පවුල් සංඛ්‍යාවකට තමන්ගේම නිවසක් ලබාදීමට හැකිවීම, ඉන්ධන මිල සියයට 22කින් පහත හෙළීමට හැකිවීම, ගැබිණි මවුවරුන් වෙනුවෙන් රුපියල් 20,000 ක දීමනාව ලබා දීමට කටයුතු කිරීම, රාජ්‍ය සේවක වැටුප් රුපියල් 10,000 කින් වැඩි කිරීමට හැකිවීම  ඇතුළු ජනතා ජයග්‍රහණ රැසක් මෙම වාර්තාවේ අඩංගු වී ඇති බවත් මේ හේතුවෙන් ශ්‍රී ලංකාව විශාල පරිවර්තනයකට ලක්වෙමින් ඇති බවත් ජාතික ආණ්ඩුවේ සිටින එක්සත් ජාතික පක්ෂය විසින් මෙරට ප්‍රජාතන්ත්‍රවාදය ප්‍රබල ලෙස ස්ථාපිත කිරීමට විශාල දායකත්වයක් ලබා දී ඇති බවත් අගමැතිවරයා පැවසීය.