කාසල්රි සහ මාවුස්සාකැලේ ජලාශවල ජල මට්ටම පිටාර මට්ටමේ


(රංජිත් රාජපක්‍ෂ)
 
මධ්‍යම කදුකරයේ ජල පෝෂක ප‍්‍රදේශවලට පසුගිය දිනවල කඩින් කඩ ඇදහැණු අධික වර්ෂාවත් සමඟ කාසල්රි සහ මාවුස්සාකැලේ ජලාශවල ජල මට්ටම පිටාර මට්ටමට ආසන්න වි ඇති බව විදුලි බල මණ්ඩලය පවසයි.

කාසල්රි ජලාශය පිටාර මට්ටමට අඩි හතක්ද මාවුස්සාකැලේ ජලාශය අඩි අටක් වශයෙන්ද පවතී.

එම ජලාශ වල ජල මට්ටම ඉහළ යාමත් සමඟ ලක්‍ෂපාන, නව ලක්‍ෂපාන, කැනියොන්,පොල්පිටිය, විමලසුරේන්ද්‍ර යන ජල විදුලි බලාගාර වල විදුලි උත්පාදනය උපරිම ධාරිතාවයකින් සිදුකරන බව එම විදුලි බලාගාර වල ඉංජිනේරු කියති.