කෙරවලපිටියේ පොහොර වෙළෙඳපොළට


(ඡායාරුප සහ වීඩියෝ -ශාන්ත රත්නායක)

කෙරවලපිටිය කසල ප්‍රතිචක්‍රීකරණ අංගනයේදී නිෂ්පාදනය කරන ලද ප්‍රථම කාබනික පොහොර තොගය “මිහිජය” නමින් වෙළෙඳපොළට හදුන්වාදීමේ  උත්සවය අද (29) මහනගර හා බස්නාහිර සංවර්ධන අමත්‍ය පාඨලී චම්පික රණවක මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ මහ නගර සභාව පරිශ්‍රයේදී පැවැත්විණි.

ඒ අනුව ශ්‍රී ලංකාව ඉඩම් ගොඩකිරීමේ හා සංවර්ධනය කිරීමේ සංස්ථාව විසින් වත්තල කෙරවලපිටිය ප්‍රදේශයේ මෙම විද්‍යානුකුල කොම්පෝස්ට් අංගනය පවත්වාගෙන යනු ලබයි.

මෙම කොම්පෝස්ට් අංගනයේදී දිනකට කසල ටොන් 500ක් පමණ ප්‍රමාණයක් කාබනික පොහොර බවට පත් කෙරේ.