කෙහෙළිය - හීන්කෙන්ද දූෂණ නඩුවෙන් නිදහස්


(නිමන්ති රණසිංහ)
 
ආයෝජන ප්‍රවර්ධන රාජ්‍ය ඇමැති කෙහෙළිය රඹුක්වැල්ල සහ හිටපු මුද්‍රණ නීතිගත සංස්ථාවේ සභාපති බණ්ඩාර හීන්කෙන්ද යන මහත්වරුන්ට අල්ලස් කොමිසමෙන් පවරන ලද දූෂණය නමැති චෝදනාවට අදාළ නඩුවෙන් නිදහස් කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනෙවිය අද (20)  නියෝග කළාය.
 
අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාවේ කොමසාරිස්වරුන් තිදෙනාගේ සහ කොමිසමේ අනුමැතියකින් තොරව නඩුව පවරා ඇති බවට මූලික විරෝධතාව ප්‍රතික්ෂේප කරමින් මහාධිකරණය ලබාදුන් නියෝගය ප්‍රකාරව මොවුන් නිදහස් කර තිබේ.
 
2018 අප්‍රේල් මාසයේදී අල්ලස් කොමිසම මෙම නඩුව පවරා තිබිණි.
 
මුද්‍රණ නීතිගත සංස්ථාවේ හිටපු සභාපති ලෙස සේවය කළ සමයේ දී හීන්කෙන්ද මහතා රුපියල් 230,984ක දුරකතන බිලක් සංස්ථාව මගින් පියවා ගැනීමට කටයුතු කිරීම සම්බන්ධයෙන් චෝදනා ලැබ සිටියේය.