ගුවන් ගනුදෙණුව ගැන කියන්න නාමල් සී.අයි.ඩීයට


(බිමල් ශ්‍යාමන් ජයසිංහ)

ශ්‍රී ලංකන් ගුවන් සමාගමට නව ගුවන් යානා ඇණියක් ප්‍රතිස්ථාපන කිරීමේදී  සිදු වූ බව කියන මුදල් ගනු දෙනුවක් සම්බන්ධයෙන්  ප්‍රකාශයක් සටහන් කර ගැනීම සඳහා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ පුත් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා අද පෙරවරුවේ අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණියේය.

2013 වසරේ සිදු වූ එයාර් බස් ගනු දෙනුවක් සම්බන්ධයෙන් ප්‍රකාශයක් ගැනීමට නියමිතය.