තලතා - ගාමිණී වැඩ බාරගනිති


(ශාන්ත රත්නායක / ජයමාල් චන්ද්‍රසිරි)

නව අධිකරණ ඇමැතීනි තලතා අතුකෝරල මහත්මිය අද (31) පෙරවරුවේ යෙදුණූ සුභ මොහොතින්  මහා සංඝ රත්නයේ ආශීර්වාද ඇතිව කොළඹ අලුත්කඩේ අධිකරණ අමාත්‍යාංශයේ දී වැඩ භාර ගත්තාය.

ඉඩම් හා පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ ඇමැති ගයන්ත කරුණාතිලක, ළමා හා කාන්තා කටයුතු ඇමැතීනි චාන්දනී බණ්ඩාර  සහ අධිකරණ හා බුද්ධශාසන නියෝජ්‍ය ඇමැති සාරතී දුෂ්මන්ත මිත්‍රපාල යන අය සහභාගී වුහ.

මේ අතර නව බුද්ධ ශාසන ඇමැති ගාමිණී ජයවික්‍රම පෙරේරා මහතා අද පෙරවරුවේ බුද්ධ ශාසන අමාත්‍යංශයේ දී සිය ධූරයේ කටයුතු ආරම්භ කළේය.

 

(ඡායාරූප හා වීඩියෝ - ශාන්ත රත්නායක)

(ඡායාරූප - ජයමාල් චන්ද්‍රසිරි)