නව බදු පනතට එරෙහිව ජනතාව දැනුම්වත් කෙරේ


(ඡායාරූප හා වීඩියෝ - රොමේෂ්  ධනුශ්ක සිල්වා )

ආණ්ඩුව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති නව බදු පනත මගින් මහජනතාව පීඩාවට ලක් වෙන බැවින් වහාම එය හකුලා ගන්නා ලෙස බල කරමින් හා එම පනත පිළිබඳ ජනතාව දැනුම්වත් කරමින්  ජනතා විමුක්ති පෙරමුණ අද(29) කොළඹ කොටුව දුම්රියපළ ඉදිරිපිටදී අත්පත්‍රිකා බෙදීය.

මෙම පනත මගින් ඕනෑම වෘත්තීයක නියැලෙන පුද්ගලයකු හෝ කුමන ක්‍රමයකින් මසකට රුපියල් 50,000කට  වඩා අදායම් ලබයි නම් රජයට බදු ගෙවිය යුතු බව ජනතා විමුක්ති පෙරමුණේ සාමාජිකයෝ මෙහිදී පැවසූහ.

මෙවන් අසාධාරණ බදු පනතට එරෙහි වන ලෙසත් ආණ්ඩුවට එය දැනෙන්නට සලස්වන ලෙසත් ඔවුහු මහජනතාවගෙන් ඉල්ලා සිටියහ.

පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය නලින්ද ජයතිස්ස , හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී කේ .ඩී .ලාල්කාන්ත , බස්නාහිර පළාත් සභා මන්ත්‍රී සුනිල් වටගල යන මහත්වරු ඇතුළු පක්ෂ සාමාජික සාමාජිකාවෝ පිරිසක් මේ අවස්ථාවට එක්වූහ .