පාන් මිල පහළට


(මහින්ද නිශ්සංක)

පාන් ඇතුළු බේකරි නිෂ්පාදනවල මිල අද මැදියම් රාත්‍රීයේ සිට පහළ දැමීමට තීරණය කළ බව බේකරි නිෂ්පාදකයන්ගේ සංගමය පවසයි.

ඒ අනුව ග්‍රෑම් 450ක පාන්ගෙඩියක මිල රුපියල් 10කින් පහළ දැමේ. ඊට සමගාමීව සෙසු නිෂ්පාදන මිලද රුපියල් 10කින් පහළ දමන්නැයි ද ඉල්ලීමක් කර ඇත.