(දසුන් රාජපක්ෂ)
පාස්කු ඉරුදින ප්‍රහාරය වළක්වා නොගෙන රාජකාරී වගකීම පැහැර හැරීම හා මනුෂ්‍ය ඝාතන සිදු කිරීම යන චෝදනා සම්බන්ධයෙන් රිමාන්ඩ් භාරයට පත්කොට අනිවාර්ය නිවාඩු යවා සිටින හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර සහ හිටපු ආරක්ෂක අමාත්‍යංශ ලේකම් හේමසිරි ප්‍රනාන්දු යන මහත්වරුන් අනිද්දා (5) තෙක් තව දුරටත් රිමාන්ඩ් බාරයේ භාරයේ තැබීමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් එච්.අයි.කේ. කාහිංගල මහත්මිය අද (3) නියෝග කළාය.
මෙම සිද්ධියට අදාළ පැමිණිල්ල අද යළි කැඳවූ අවස්ථාවේ රිමාන්ඩ් බාරයේ සිටින පූජිත් ජයසුන්දර සහ හේමසිරි ප්‍රනාන්දු යන මහත්වරු බන්ධනාගාර නිලධාරීන් විසින් අධිකරණයට ඉදිරිපත් කරනු ලැබ සිටියහ.
සිදු කරන ලද පරීක්ෂණවල ප්‍රගතිය දැක්වෙන වැඩිදුර වාර්තාවක් අධිකරණයට ඉදිරිපත් කළ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීහු සිද්ධියට අදාළ ව හිටපු අගමැති රනිල් වික්‍රමසිංහ සහ ඔහුගේ පුද්ගලික ලේකම්ගෙන් ප්‍රකාශ සටහන් කර ගත් බව දැනුම් දුන්හ.
සැකකරුවන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරු කරුණු දක්වමින් සිය සේවා දායකයන්ට ඇප ලබා ගැනීම සඳහා කොළඹ මහාධිකරණය වෙත අයදුම් ඉදිරිපත් කළ බව දන්වා සිටියහ. ඇප ඇයදුම කෙරේ නීතිපතිවරයාගේ කිසිදු විරෝධතාවයක් නොමැති බව දන්වා සිටි එම නීතිඥවරු අනිද්දා(05) එම අයදුම් මහාධිකරණය හමුවේ යළි කැඳවීමට නියමිතව ඇති බව පැවසූහ.
ඒ අනුව ඉදිරිප වූ කරුණු සලකා බැලීමෙන් අනතුරුව සැකකරුවන් රිමාන්ඩ් භාරයට පත් කළ මහේස්ත්‍රාත්වරිය පැමිණිල්ල අනිද්දා යළි කැඳවීමට නියෝග කළාය.
( ඡායාරූප - ඉෂාන් සංජීව )