බදුලු තැපැල් දුම්රිය පිලි පනී


(රංජිත් රාජපක්‍ෂ,මහින්ද නිශ්ශංක)
 
කොළඹ කොටුවේ සිට බදුල්ල දක්වා ධාවනය වු රාති‍්‍ර තැපැල් දුම්රිය හැටන් සහ කොටගල දුම්රිය ස්ථාන දෙක අතර කොටගල අඩි හැටේ පාලම අසදි පිලි පැනිමකට ලක්වී  ඇති බව දුම්රිය ආරංචි පවසයි.

දුම්රිය මැදිරි හතරකට දැඩි අලාභ හානි සිදුවි ඇති අතර දුම්රිය පාලමද කැඩි ගොස් ඇත.

එම මාර්ගයේ ධාවන කටයුතු හැටන් සහ කොටගල දුම්රිය ස්ථාන දෙක අතර පමණක් ධාවනය කිරිමට කටයුතු කරන බව දුම්රිය පාලක  මැදිරි පවසයි. 

අද (13) කොළඹ කොටුවේ සිට බදුල්ල බලා ධාවනය වීමට නියමිත රාත්‍රී තැපැල් දුම්රිය හා බදුල්ලේ සිට කොළඹ කොටුව බලා ධාවනය වන දුම්රිය ධාවනය නොකරන බව දුම්රිය පාලන මැදිරිය පවසයි.