බස් බස් ගැටී 4ක් මරු දකී


(ගයාන් සූරියආරච්චි, සම්පත් සෙනවිරත්න,ජනූර් කිචිලාන් සහ සිසිර නන්දන කැලේගම)

දඹුල්ල කුරුණෑගල ප‍්‍රධාන මාර්ගයේ තෝරයාය ප‍්‍රදේශයේ අද උදෑසණ පෞද්ගලික බස් රථ දෙකක් ගැටීමෙන් සිව් දෙනකු මියගොස් තවත් 22 තුවාල ලබා ඇතැයි කුරුණෑගල පොලිසිය කියයි. අලුයම 5.00 පමණ මෙම අනතුර සිදුව තිබේ.

මැලිසිරිපුර සිට කුරුණෑගල දක්වා ධාවනය කළ පෞද්ගලික බසයක පිටුපස ,  මාදුරඔය සිට කොළඹ ධාවනය වූ බසයක් ගැනීමෙන් මෙම අනතුර සිදුව ඇතැයි පොලිසිය කියයි.

මැල්සිරිපුර සිට ගමන් ආරම්භ කළ බසය මගීන් නග්ගවා ගැනිම සඳහා තෝර යායේ නවතනවාත් සමග පිටුපසින් ආ මාදුරුඔය සිට කොළඹ බලා ධාවනය වූ බසය ගැටීමෙන් මෙම අනතුර සිදුව තිබේ. 

මාදුරුඔය සිට පැමිණි බසයේ ඉදිරි පා පූරුවේ පැමිණි සිවු දෙනකු එම ස්ථානයේදීම මිය ගොස් ඇතැයි පොලිසිය කියයි.

බස් රථ දෙකෙහිම ගමන් ගත් තවත් මඟීන් විසි දෙදෙනකු තුවාල ලබා කුරුණෑගල ශික්‍ෂණ රෝහලට ඇතුලත් කොට තිබේ.

ඒ අතරින් සිවි දෙනකුගේ තත්ත්වය බරපතල බවත් එක් පුද්ගලයකු දැඩි සත්කාර ඒකකයේ ප‍්‍රතිකාර ලබන බවත් පොලීසිය පවසයි.

මෙම අනතුරට හේතුව තවමත් අනාවරණය වී නොමැති අතර පිටුපසින් පැමිණි මාදුරුඔය කොළඹ බස් රථයේ රියදුරු අත්අඩංගුවට ගත් බව පොලීසිය සඳහන් කරයි.

 

--------------------------------------------

(ගයාන් සූරිය ආරච්චි)

කුරුණෑගල දඹුල්ල මාර්ගයේ තෝරයාය ප්‍රදේශයේදී පෞද්ගලික බස් රථ දෙකක් ගැටීමෙන් සිදු වූ අනතුරකින් මගීන් 4 ක් මිය ගොස් විස්සකට අධික සංඛ්‍යාවක් තුවාල ලබා රෝහල්ගත කර ඇතිි බව දොරටියාව පොලිසිය පවසයි.

පෞද්ගලික බස් රථයක් මගින් නංවා ගැනීම සඳහා බස් නැවතුම්පොළේ නවතා තිබියදී පිටුපසින් පැමිණි තවත් බස් රථයක් එම බස් රථයේ පිටුපස ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇති බව පොලිසිය කියයි.

පොලිසිය සඳහන් කළේ පිටුපසින් පැමිණි බස් රථයට එය පාලනය කර ගැනීමට නොහැකි වීමෙන් මෙම අනතුර සිදුව ඇති බවය. දොරටියාව පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරයි.