බේරේ වැවේ මගී බෝට්ටු සේවය ඇරැඹේ


කොළඹ නගරයේ මහා මාර්ග තදබදයට විසඳුමක් ලෙස කොළඹ කොටුවේ සිට යුනියන් පෙදෙස දක්වා  මගී ප්‍රවාහන බෝට්ටු සේවයක් ආරම්භ කිරීම  අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් අද උදෑසන බේරේ වැවේදී  ක්‍රියාත්මක කෙරිණි.

වායුසමනය කර ඇති මෙම මගී බෝට්ටුවේ මගීන් පනස් දෙනෙකුට ගමන් කළ හැකි අතර ඉදිරියේදී බෝට්ටු කිහිපයක් යෙදවීමට නියමිතය.

ශ්‍රී ලංකා නාවික හමුදාවේ ඉංජිනේරුවන් විසින් නිපදවන ලද මෙම බෝට්ටු ක්‍රියාත්මක කරන්නේ ද නාවික හමුදා සාමාජිකයන් විසිනි.

මහනගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍යාංශය මගින් මෙය සංවිධානය කර තිබු අතර  අමාත්‍යවරුන්වන  පාඨලී චම්පික රණවක, සාගල රත්නායක ඇතුළු ඇමතිවරු පිරිසක් ද මේ අවස්ථාවට එක්ව සිටියහ.

 ( රොමේෂ් ධනුෂ්ක සිල්වා )

්‍