(එම්.සුසිල් පියන්ත)
බටපොළ ප්‍රදේශයේ හෝටලයක පැවති මංගල උත්සවයකට ගිය කරන්දෙණියේ තරුණයකු ඉතා අභිරහස් ලෙස මිය ගොස් සිටීයදී බටපොළ ගල්හිරේ අඹගහහන්දිය තොටුපොළට ආසන්න බොරලු ඇළ ඉවුරේ පාලු වගුරු බිමකදී සොයාගත් බව බටපොළ පොලීසිය කියයි.
මියගොස් ඇත්තේ කරන්දෙණිය මන්ඩකන්ද පදිංච් විසිහතර හැවිරිදි තරුණයකු වන ඉලන්දාරිදේව තරිදු ධනුෂ්ක ගුණවර්ධන බවද පොලීසිය කියයි.
කුරුදු කාර්මිකයෙකු වන මේ තරුණයා තමන් සමඟ එකට කුරුදු කර්මාන්තයේ යෙදෙන හිතවතකුගේ මංගල උත්සවයක් වෙනුවෙන් බටපොළ කිරිමැටිය ප්‍රදේශයේ හෝටලයක පැවති උත්සවයට සහභාගිවී ඇත්තේ පසුගිය 16 වැනිදා බව පොලීසිය කියයි.