මහ මැතිවරණයක් ඉල්ලා වෘත්තිය සමිති වීදී බසිති


 

( ඡායාරූප හා වීඩියෝ - රොමේෂ් ධනුෂ්ක සිල්වා )

රට අස්ථාවර නොකර ජනතාවගේ කැමැත්ත විමසා බැලීම සඳහා වහාම මහ මැතිවරණයක් පවත්වන ලෙස ඉල්ලා වෘත්තීය සමිති ඒකාබද්ධ බල මණ්ඩලය සංවිධානය කළ උද්ඝෝෂණයක් කොළඹ කොටුව දුම්රියපළ ඉදිරිපිටදී පැවැත්විණි. 

දුම්රිය,වරාය,ලංගම, ඇතුළු රජයේ ආයතන ගණනාවකම සේවකයින් මේ සඳහා එක්ව සිටි අතර මේ හේතුවෙන් කොටුව දුම්රියපල ඉදිරිපිට ඕල්කට් මාවතේ කොළඹ දෙසට මාර්ගයේ එක් මං තීරුවක් අවහිර විය.