රාජගිරිය ගුවන් පාලමේ තාක්ෂණය ඉතා ඉහළයි


(ඡායරූප හා වීඩියෝ - රොමේෂ් ධනුෂ්ක සිල්වා)

රාජගිරිය ගුවන් පාලම ඉතා ඉහළ නවීණ තාක්ෂණය යොදාගනිමින් ඉංජිනේරු  ප්‍රමිතීන්ට අනුකූලව නිසියාකාරව ඉදිකෙරෙන බවත් එය අවුරුදු 100 කට වඩා කාලයක් ජනතාවට ප්‍රයෝජනයට ගත හැකි වන බවට තමන්ට වගකීමක් දිය හැකි බවත් ශ්‍රී ලංකා මාර්ග සංවර්ධන  අධිකාරියේ සභාපති ඉංජිනේරු නිහාල් සූරියආරච්චි‍ මහතා පවසයි.

රාජගිරිය ගුවන් පාලම නිසි ප්‍රමිතියකින් තොරව ඉදිකෙරෙන බවට ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ නගරාධිපති ජනක රණවක මහතා පසුගියදා කළ චෝදනාවන්ට පිළිතුරු දෙමින්  මාර්ග සංවර්ධන  අධිකාරියේ සභාපතිවරයා එම අධිකාරියේ අද (29) පැවති මාධ්‍ය හමුවකදී මේ බව පැවසීය.

ලංකාවේ දැනට ධාවනය කෙරෙන බර වාහන ඇතුළු ඕනෑම වාහනයක් මෙම ගුවන් පාලම මතින් ගමන් කළ හැකි බවත් මෙය ඉදිකෙරුණු පසු රාජගිරිය මංසන්ධිය ඇතුළු ඒ අවට ප්‍රධාන මාර්ග කීපයකම දැඩි රථවාහන තදබදය අවම කර ගත හැකි බවත් ඒ මහතා කියයි .