රුහුණු කුමාරි පීලි පනී


(ඩී.ජී.සුගතපාල)

මාතර සිට මරදාන බලා ධාවනය වූ රුහුණු කුමාරි දුම්රිය බූස්ස ප්‍රදේශයේදී පිලි පැනීමකට ලක්ව ඇතැයි දුම්රිය දෙපාර්තමේන්තුව කියයි

මේ හේතුවෙන් දුම්රිය ධාවනය බාධා එල්ල වී ඇති අතර බෙලිඅත්තේ සිට මරදාන බල ධාවනය වන ගාලු කුමාරි දුම්රිය ද මේ වන විට ගාල්ල දුම්රිය ස්ථානයේ නතර කර ඇත.

පිලිපැනීමට ලක්වූ රුහුණු කුමාරි දුම්රියේ සිටින කාර්යාල සේවකයන් ඇතුළු පිරිස රැගෙන ඒම සඳහා අලුත්ගම සිට බූස්ස දක්වා විශේෂ දුම්රියක් ධාවනය කරවූ බව ද දුම්රිය දෙපාර්තමේන්තුව කියයි.

(ඡායාරූප: ඩී.ජී.සුගතපාල)


(ඡායාරූප: ක්‍රිෂාන් ජීවක ජයරුක්)