(අංජුල මහික වීරරත්න)
රට තුළ නව ආර්ථික සහ දේශපාලන පරිවර්තනයක් සිදු කිරීම සඳහා ආරම්භ කර තිබෙන වැඩපිළිවෙළ අඛණ්ඩව ඉදිරියට ගෙන ගොස් මෙරට සියලු ජනතාවගේ අනාගතය සුරක්ෂිත කිරීමේ ජනවරම සැප්තැම්බර් 21 වනදා තමන් වෙත ලබා දෙන ලෙස ජනාධිපති රනිල් වික්රමසිංහ මහතා සමස්ත රටවැසි ජනතාවගෙන් ඉල්ලා සිටියේය.
ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ අද (15) පෙරවරුවේ රාජගිරිය මැතිවරණ කොමිෂන් සභාව වෙත පැමිණ සිය නාම යෝජනා පත්ර භාර දීමෙන් අනතුරුව ඒ අසල රැස්ව සිටි ආධාරකරුවන් අමතමිනි .